The Leader News
BREAKING
Top Ad
පුවත්

තොරතුරු කොමිසමට ඉක්මනින්ම සභාපතිවරයකු පත් කරන්නැයි නීතිඥ සංගමය කතානායකගෙන් ඉල්ලයි !

T

The Leader Desk

August 3, 2025 • 4:01 AM

තොරතුරු කොමිසමට ඉක්මනින්ම සභාපතිවරයකු පත් කරන්නැයි නීතිඥ සංගමය කතානායකගෙන් ඉල්ලයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීමේ කාලින අවශ්‍යතාවය අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංවිධානය අගෝස්තු 01 දා කතානායකවරයා වෙත යොමුකර ඇති ලිපියක එම සිහිකැඳවීම කර තිබේ.
  • මෙම තනතුර සැළකිව යුතු කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතින බව පෙන්වා දෙන නීතිඥ සංගමය, මෙම කාරණය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන RTI කොමිසම සම්පූර්ණයෙන්ම පිහිටුවීමට අවශ්‍ය ඉතිරි සාමාජිකයා නම් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය ගැන සැළකිලිමත් වී, ඉතිරි පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු සහ පිළිගත හැකි නිර්දේශයක් නොපමාව ම ලබා දෙනු ඇති බවත් BASL විශ්වාසය පළ කරයි.
  • විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න 2025 මාර්තු 9 වන දින ඉල්ලා අස්වීමෙන් පසු, එම තනතුර පිරවීම සඳහා කිසිදු පත්වීමක් සිදු කර නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීමේ කාලින අවශ්‍යතාවය අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංවිධානය අගෝස්තු 01 දා කතානායකවරයා වෙත යොමුකර ඇති ලිපියක එම සිහිකැඳවීම කර තිබේ.  

මෙම තනතුර සැළකිව යුතු කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතින බව පෙන්වා දෙන නීතිඥ සංගමය, මෙම කාරණය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන RTI කොමිසම සම්පූර්ණයෙන්ම පිහිටුවීමට අවශ්‍ය ඉතිරි සාමාජිකයා නම් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය ගැන සැළකිලිමත් වී, ඉතිරි පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු සහ පිළිගත හැකි නිර්දේශයක් නොපමාව ම ලබා දෙනු ඇති බවත් BASL විශ්වාසය පළ කරයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න 2025 මාර්තු 9 වන දින ඉල්ලා අස්වීමෙන් පසු, එම තනතුර පිරවීම සඳහා කිසිදු පත්වීමක් සිදු කර නොමැත.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ දක්වා ඇති පරිදි, සභාපතිවරයාගේ කාර්යභාරය, කොමිසමේ ඵලදායී ක්‍රියාකාරිත්වයට සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ මහජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා එහි ඇති වරම සඳහා ඉතා වැදගත් වේ.

“සභාපතිවරයෙකු නොමැතිවීම කොමිසමට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට සහ එහි රාජකාරි ඉටු කිරීමට  බාධාවක්” යැයි BASL ලිපියේ සඳහන් වන අතර, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන RTI කොමිසමක් සහතික කිරීමේ ජාතික වැදගත්කම අවධාරණය කරයි.

BASL හි ලිපියට එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් තබා ඇත.

BASL flags delay in appointing RTI Commission chair

සබැඳි පුවත් :

තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා FR පෙත්සමක්

තොරතුරු කොමිසමේ සභාපති පත් නොකිරීම ගැන 'ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගීතාව' කනස්සල්ලෙන්

තොරතුරු කොමිසමේ (RTI) සභාපති පත්කිරීමේ ප්‍රමාදය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් අප්‍රසාදය

තොරතුරු කොමිසමේ සභාපති ධූරයට කඩිනමින් සුදුස්සෙක් පත්කරන්න - පැෆරල්

තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් ! - සභාපති පත්කිරීම බරපතල අර්බුදයක !

තොරතුරු කොමිසමට මාස තුනක් සභාපති කෙනෙක් නෑ; කොමිසම අඩපණ වෙලා! - මාධ්‍ය සංවිධාන ජනපතිට ලියති

තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් !

තොරතුරු දැනගැනීමේ කොමිසම වහාම සක්‍රීය කරන්න - කරූ ජයසූරිය

තොරතුරු කොමිසමේ පුප්පාඩු පිරවීම ජනපති මේසය උඩ පුස්කවන ආණ්ඩුව, ඉන්දු-ලංකා අවබෝධතා ගිවිසුම් දැන ගැනීමට තොරතුරු කොමිසමට යන්නැයි කියයි!

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තොරතුරු කොමිසමට ඉක්මනින්ම සභාපතිවරයකු පත් කරන්නැයි නීතිඥ සංගමය කතානායකගෙන් ඉල්ලයි ! | The Leader