The Leader News
BREAKING
Top Ad
පුවත්

ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත්, එහෙත් අභියෝගය බලවත්... | කරු ජයසුරිය

T

The Leader Desk

August 3, 2025 • 4:37 AM

ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත්, එහෙත් අභියෝගය බලවත්... | කරු ජයසුරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය විශේෂයෙන්ම සැලකිල්ලට ගතයුතු යයි කරු ජයසුරිය පවසයි.
  • සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම කාරණය අවධාරණය කර ඇත.
  • එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
  • ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය සැලකීමේ දී සැලකෙන්නේ අඩුම ඵලදායීතාවයක් ඇති රටක් ලෙසට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය විශේෂයෙන්ම සැලකිල්ලට ගතයුතු යයි කරු ජයසුරිය පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම කාරණය අවධාරණය කර ඇත.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස, එහි දී ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ද විශේෂයෙන්ම රටේ ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කරන්නා වූ ආයතනයන්ගෙන් මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් හා වෘත්තීය සංවිධානයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ මතුවිය හැකි අභියෝග පිළිබඳව සාමුහිකව එක් වී ඉදිරි සැලසුම් සකස් කර ගන්නා ලෙසට ය.

එහි දී අප අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කල යුතු අංශ ගණනාවක් තිබේ.

 

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය සැලකීමේ දී  සැලකෙන්නේ අඩුම ඵලදායීතාවයක් ඇති රටක් ලෙසට ය. එමෙන්ම විදුලි ගාස්තු අතින් ද පවතින්නේ ඉහළම මට්ටමක ය. ලෝකයේ වැඩිම නිවාඩු සහිත රටක් ලෙස අප සිටින්නේ කර්මාන්ත අධෛර්යමත් කරන පරිසරයක ය. එයට අමතරව වරාය හා අනෙකුත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි නිරතුරුව සිදු වන වැඩ වර්ජන හේතුවෙන් ද අප රටේ නිෂ්පාදන අංශයට එල්ල කරන්නේ මාරාන්තික තර්ජනයකි.

 

මෙම තත්ත්වයන් කෙරෙහි අප වඩා වැඩි අවධානයක් යොමුකල යුත්තේ අප හමුවේ තරඟ කරන ආසියානු කලාපයේ අනෙකුත් රටවල් පවත්වාගෙන යන නිෂ්පාදන හිතකර වාතාවරණයන් සැලකිල්ලට ගනිමිනි. එසේ පරිවර්තනීය යුගයකට පිවිසෙන්නේ නැතිව අපනයන ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජයගත නොහැකි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ද පුද්ගලික අංශය නියෝජනය කරන ව්‍යවසායක ප්‍රජාවගෙන් මෙන්ම දේශමාමක ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් අප ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කරන ලෙසට ය.

කරු ජයසූරිය
නායක
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...