ඔහු මෙම කරුණු සඳහන් කරන්නේ සති කිහිපයක සාකච්ඡාවකින් ඉක්බිති පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලද සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම් පත පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනය සමග ම Advocata Institute විසින් සම්පාදිත සුදාරක ආරියරත්න විසින් රචිත "සූදු ක්‍රීඩා නියාමනය නිවැරදිව කිරීම: සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත නැවත කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ" යන මැයෙන් වාර්තාවක් ද ඉදිරිපත් කර ඇත.
එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සූදු (කැසිනෝ, ඔට්ටු ඇල්ලීම්, ලොතරැයි) නියාමන අධිකාරී කෙටුම්පත් පනත විමර්ශනය කොට අවශ්‍ය ප්‍රගතිගාමී නිර්දේශ ඉදිරිපත් කර ඇත.
මතු පළ වන්නේ සුදාරක ආරියරත්න විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය සහ "සූදු ක්‍රීඩා නියාමනය නිවැරදිව කිරීම: සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත නැවත කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ" යන මැයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ වාර්තාව ය.












