The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම බලශක්ති ඇමතිට එරෙහිව නඩු පවරයි !

T

The Leader Desk

August 18, 2025 • 6:18 AM

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම බලශක්ති ඇමතිට එරෙහිව නඩු පවරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂයේදී පොහොර සංස්ථාවේ බාහිර මිලදී ගැනීම් සදහා පත් කෙරුණ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර මිලියන 08 ක් රජයට පාඩු කරමින් මුල්‍ය දූෂණයක නිරත වීම අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව තිබෙන චෝදනාව බව අනාවරණය වී ඇත.
  • මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ජාජබ ආණ්ඩුවේ මුල්‍ය දූෂණ චෝදනාවකට ලක් වූ අමාත්‍යවරයකු සිටින බවට හෙළිදරව් කරන ලදී.
  • මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති, Lokuliyana Loku මෙසේ පවසයි.
  • '' මෙම තොරතුර සත්‍යය නම්, අමාත්‍යවරයාට එරෙහිව පවරන නඩුකරය ජාජබ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය කන්‍යා භාවයේ ඇත්ත නැත්ත ගැන විමසා බලන විද්‍යාගාර "ටෙස්ට් ටියුබ"පරීක්ෂණයක් වනු නිසැකය.
අකුරු ප්‍රමාණය (Font Size):


2015 වර්ෂයේදී පොහොර සංස්ථාවේ බාහිර මිලදී ගැනීම් සදහා පත් කෙරුණ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර මිලියන 08 ක් රජයට පාඩු කරමින් මුල්‍ය දූෂණයක නිරත වීම අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව තිබෙන චෝදනාව බව අනාවරණය වී ඇත.

මාලිමා ආණ්ඩුවේ මුල් වරට මුල්‍ය දූෂණ චෝදනා එල්ලවන අමාත්‍යවරයා කුමාර ජයකොඩි වේ.

මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ජාජබ ආණ්ඩුවේ මුල්‍ය දූෂණ චෝදනාවකට ලක් වූ අමාත්‍යවරයකු සිටින බවට හෙළිදරව් කරන ලදී.

කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අදහස් දක්වා නොමැත.

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති, Lokuliyana Loku මෙසේ පවසයි.

 
'' මෙම තොරතුර සත්‍යය නම්, අමාත්‍යවරයාට එරෙහිව පවරන නඩුකරය ජාජබ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය කන්‍යා භාවයේ ඇත්ත නැත්ත ගැන විමසා බලන විද්‍යාගාර "ටෙස්ට් ටියුබ"පරීක්ෂණයක් වනු නිසැකය. එහිදී එහි සත්‍යතාව තහවුරු වන පළමු හෝරාවේදීම බල ශක්ති අමාත්‍යවරයා ඇමති හා මන්ත්‍රී ධුර⁣යන්ගෙන් නෙරපා හැරිය යුතු වේ.එ සේ නොමැතිව තවමත් අපේ අමාත්‍යවරයාට ඇත්තේ චෝදනා පමණක් යැයි පැවසෙන "බබා හුකුං" ප්‍රකාශ පුරවැසියන්ට අදාල නොවෙනු ඇත.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රතිචාරය මෙන්න ...

මේ අතර පසුගියදා දෙරණ නාලිකාවේ '360' වැඩසටහනට සහභාගි වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, තමන් පොහොර සමාගමෙහි සේවය කරන සමයේ ඉතා සුළු වරදකට වැඩතහනමකට ලක්කළ බවත්, අනතුරු තමාගේ වෘත්තිය මට්ටම පහත හෙලු බැවින් ඉන් ඉදිරියට ඒම ආයතනයේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි බවත් පැවසී ය.

මතු පළ වන්නේ බලශක්ති අමාතය කුමාර ජයකොඩි ඒම ප්‍රකාශය කළ වීඩියෝපටය යි.

සාකච්ඡාව මෙහෙය වූයේ තළිඳු කරුණාරත්න ය.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...