The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

දෙමළ මාධ්‍යවේදී කුමනන්ගෙන් ත්‍රස්ත පොලිසිය පැය හයක් තිස්සේ ඇහුවේ මොනවාද?

T

The Leader Desk

August 18, 2025 • 9:36 AM

දෙමළ මාධ්‍යවේදී කුමනන්ගෙන් ත්‍රස්ත පොලිසිය පැය හයක් තිස්සේ ඇහුවේ මොනවාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ගේ වාර්තාකරණය ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ (CTID) ප්‍රශ්න කිරීමට ඉලක්ක වී ඇති ප්‍රධාන ක්ෂේත්‍රයකි.
  • යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය සම්බන්ධයෙන් මේ දින වල වාර්තාකරණයේ යෙදී සිටින ප්‍රමුඛතම මාධ්‍යවේදියාගෙන් මෙලෙස ත්‍රස්ත පොලීසිය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය විමසු විට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ එයට ඉදිරි කැබිනට් මාධ්‍ය හමුවේදී පිළිතුරු දෙන බවයි.
  • එම කාලය තුළදී මාධ්‍යවේදියාගේ පුද්ගලික ගනුදෙනු සහ ඔහු විසින් පලකරන ලද ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද බව හෙළි කරන නීතිඥයා අවධාරණය කරන්නේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එළියේ කතා නොකරන ලෙසටත් පොලීස් නිලධාරීන් මාධ්‍යවේදියාට දැනුම් දුන් බවයි.
  • “මේ ප්‍රශ්න කිරීමේදී එයාගේ තොරතුරු, එයාගේ බැංකු ගිණුම්, දුරකතන සන්නිවේදන, සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදියකු හැටියට ඔහු පලකළ ප්‍රවෘත්ති ආදිය ගැන පැය 6කට වැඩිය ප්‍රශ්න කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ගේ වාර්තාකරණය ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ  (CTID) ප්‍රශ්න කිරීමට ඉලක්ක වී ඇති ප්‍රධාන ක්ෂේත්‍රයකි.

යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය සම්බන්ධයෙන් මේ දින වල වාර්තාකරණයේ යෙදී සිටින ප්‍රමුඛතම මාධ්‍යවේදියාගෙන් මෙලෙස ත්‍රස්ත පොලීසිය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය විමසු විට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ  එයට ඉදිරි කැබිනට් මාධ්‍ය හමුවේදී පිළිතුරු දෙන බවයි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාද වන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ඒ බව සඳහන් කළේ, ජිනිවාහිදී මුළු දෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති මොහොතක යාපනයෙන් හමුවු සමුහ සුසානය සම්බන්ධයෙන් වාර්තාකරනයේ යෙදී සිටින මාධ්‍යවේදීයාට  මෙවැනි බලපෑම් කිරිම සම්බන්ධයෙන් ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියකු විමසු විටය.

"මානව හිමිකම් සැසිවාර පදනම් කරගෙනත් සමහර සිදුවීම් උළුප්පා දැක්වීමේ හෝ අසත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ ප්‍රවනතාවයකුත් අපේ රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා."

 

02 8

මාධ්‍යවේදියකු සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය විසින් (CTID) දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක් කර තිබුනේ ත්‍රස්ත විරෝධී පොලිසිය විසින් ඔහු කැඳවීම ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්වී තිබියදීය.

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) විසින් මාධ්‍යවේදියාට  කළ කැදවීමකට අනුව 2025 අගෝස්තු 17 වැනිදා මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් සමග  මුලතිව්, අලම්පිල්හි CTID  කාර්යාලයට වෙත ගිය නීතිඥ නඩරාජා කාන්දීපන් පවසන්නේ  ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා සහ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු එදින මාධ්‍යවේදියාගෙන් පැය හයකට වැඩි කාලයක් ප්‍රශ්න කළ බවයි.

 

01 10

එම කාලය තුළදී මාධ්‍යවේදියාගේ පුද්ගලික ගනුදෙනු  සහ ඔහු විසින් පලකරන ලද ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද බව හෙළි කරන නීතිඥයා අවධාරණය කරන්නේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එළියේ කතා නොකරන ලෙසටත් පොලීස් නිලධාරීන් මාධ්‍යවේදියාට  දැනුම් දුන් බවයි.

“මේ ප්‍රශ්න කිරීමේදී එයාගේ තොරතුරු, එයාගේ බැංකු ගිණුම්, දුරකතන සන්නිවේදන, සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදියකු හැටියට ඔහු පලකළ ප්‍රවෘත්ති ආදිය ගැන  පැය 6කට වැඩිය ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කිසි තොරතුරක් එළියේ කතා කරන්න එපා කියල එයාට දැනුම් දුන්නා. මීට අමතරව ඉදිරි විමර්ශන සඳහා කැඳවීමක් කලොත් එන්න ඕනෙයි කියලත් නියම කළා.”

විමර්ශන කටයුත්තක් වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන හේමසිරි ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් විස්තර ලබා ගැනීමේදී අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සිදුවු බව සිහිපත් කරන නීතීඥ නඩරාජා කාන්දීපන් පවසන්නේ එවැනි අධිකරණ නියෝගයක් නොමැතිව මාධ්‍යවේදියාගේ එම තොරතුරු ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය විසින් විමසීම මාධ්‍යවේදියාට සිදු කළ අඩන්තේට්ටමක් ලෙසයි.

"කුමනන් කරලා තියෙන්නේ  හැම මාධ්‍යවේදියකුම කරන දේමයි. අපි දන්නවා හේමසිරි ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් විස්තර ගන්න අධිකරණ නියෝගයක් ගන්න වුනා. ඒත් මේ විභාගයේදී බැංකු විස්තර මුදල් ගනුදෙනු පිළිබඳ විස්තර ඇහුවා. ඒ හින්දා මම හිතනවා මේක අමු අමුවේ කරන අඩන්තේට්ටමක් කියලා. ඉදිරි කාලයේදී අපි මේ ගැන විද්වත් මතය විමසා අවශ්‍ය පියවර ගන්නවා.”

 

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට එරෙහිව එම පනත භාවිත කිරිම නීතිඥයා විසින් දැඩි ලෙස හෙලා දැක තිබේ.


“ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවැනි කුලුන කියා කියන ජනමාධ්‍යයට තහංචි දමන්න කිසිසේත් ඉඩදෙන්න බෑ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනවා කියපු ආණ්ඩුව නැවත වතාවක් ඒ පනත පාවිච්චි කරමින් මේ තරම් නරක බියවැද්දීම් හා තර්ජන කරන එක අපි දැඩි ලෙස හෙලා දකිනවා.”

මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ට එදිරිව සිදු කෙරන විමර්ශන නීති විරෝධි බව පවසන නීතිඥයා  එය දේශපාලන මෙහෙයවීමකින් සිදු වන්නක් බවට සැක පළ කර තිබුනි.

“කුමනන්ට විරුද්ධව කරන මෙම විමර්ශනය නීති විරෝධීයි, යුක්තියට පටහැනියි, මේක දේශපාලන මෙයවීමකින් කරන ලද දෙයක් කියා අපි හිතනවා”

මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ද වන, දෘශ්‍ය මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් යුද පීඩිත උතුරේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් ඇතුළු අපරාධ සහ දුෂණ වංචා ඡායාරුපයෙන් මෙන්ම ලේඛනයෙන්ද අනාවරණය කිරීමෙන් ජාත්‍යන්තර අවධානයට ලක්වූ මාධ්‍යවේදියෙකි.

 

යුද පීඩිත දෙමළ ජනජීවිතය පමණක් නොව ගෝල්පේස් අරගලයද කේන්ද්‍ර කොටගෙන මාධ්‍යවේදී කුමනන් විසින් ගන්නා ලද ඡායාරූප ඩේලි ටෙලිග්‍රාෆ්. වයිස් වර්ල්ඩ් නිව්ස්, ඊව්නින් ස්ටෑන්ඩර්ඩ්, ද ගාඩියන්, අල් ජසීරා, BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල පලවී තිබේ.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...