The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ගුවන් බෝම්බයෙන් මරා දැමු දෙමළ සිසුවියන් සමරන්නට මාලිමාවත් එක්වේ

T

The Leader Desk

August 18, 2025 • 10:36 AM

ගුවන් බෝම්බයෙන් මරා දැමු දෙමළ සිසුවියන් සමරන්නට මාලිමාවත් එක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණේ මහත් අනුග්‍රහයෙන් දියත් කළ යුද්ධයේදී සිදුකළ එම සමූහඝාතනයෙන් මරා දමන ලද යුද අනාථ දෙමළ දැරියන් සමරන්නට ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයන් ද එක්ව සිටිනු දක්නා ලදී.
  • මහින්ද රාජපක්‍ෂ ජනාධිපති සමයේ 2006 අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලතිව්, වල්ලිපුනම්හි සෙන්චෝලේ ළමා නිවාසයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් එහි සිටී පාසැල් දැරිවියන් 54 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 7ක් ඝාතනය වී තිබුනි.
  • එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ.
  • ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනතා විමුක්ති පෙරමුණේ මහත් අනුග්‍රහයෙන් දියත් කළ යුද්ධයේදී  සිදුකළ එම සමූහඝාතනයෙන් මරා දමන ලද යුද අනාථ දෙමළ දැරියන් සමරන්නට ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයන් ද එක්ව සිටිනු දක්නා ලදී.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති සමයේ 2006 අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලතිව්, වල්ලිපුනම්හි සෙන්චෝලේ ළමා නිවාසයට එල්ල කළ  ගුවන් ප්‍රහාර වලින් එහි සිටී පාසැල් දැරිවියන් 54 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 7ක් ඝාතනය වී තිබුනි.

එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.

බෝම්බ හෙළා මරා දැමුණු දැරිවියන්ගේ ඥාතීහු 19 වැනි වතාවටත් 2025 අගෝස්තු 14 වැනි බ්‍රහස්පතින්දා  මුලතිව් ඉඩෙයික්කට්ටු හංදිය ආසන්නයේ ළමා නිවාසය පිහිටා තිබු භූමියට රැස්ව ඝාතනයට ලක් වු තම සමීපතමයන් සිහි කරමින් මල් පුදා, පහන් හා ඉටි පන්දම් දල්වා ඔවුන් අනුස්මරණය කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනකු ද එක්ව සිටි බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි පැවති පුෂ්පදීපෝපහාරයට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු දේශපාලකයන් ද සහභාගී වී සිටිනු දක්නා ලදී.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ප්‍රධානත්වයෙන්ද සරසවි භුමියේ අනුස්මරණයක් පවත්වන ලද අතර යාපනය මහනගර සභාවද පහන් දල්වා සෙන්චෝලේ දැරියන් සමරා තිබේ.



01 1102 10

සභාවේ සිටි ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් සැම දෙනාම යාපනය මහනගර සභාවේ පහන් දල්වන අවස්ථාවේ නැගී සිට ගෞරවාචාරය පුදකළ බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.  

ආපදාවන්ට මුහුණ දීම සහ ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව සිසුවියන් සඳහා වූ වැඩ මුළුවක් මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි සෙන්චෝලේ අනාථ නිවාසයේ  පැවැත්වෙද්දී 2006 අගෝස්තු 14 දා හෙලන ලද සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් සිසුන් ඝාතනය වීම ගැන ඒ සමයේ ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සෙන්චෝලේ එල්ටීටීඊ යුද පුහුණු කඳවුරක් බවට චෝදනා කරමින් ප්‍රකාශ කළේ  එය යුක්ති සහගත ඉලක්කයක් බවයි.

එසේ වෙතත්, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ රාජකාරියේ යෙදී සිටි සහන සේවා ගණනාවක් විසින් තහවුරු කරන ලද පරිදි සෙන්චෝලේ අනාථ නිවාසය කිසිදු යුද පුහුණු ආයතනයක් නොවේ.

සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී උල්ෆ් හෙන්රික්සන් ප්‍රකාශ  කර තිබුනේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එතැනට ගිය තම නිරීක්ෂකයන්ට දැක ඇති පරිදි ප්‍රහාරයට  ලක්වී ඇති ස්ථානයේ කිසිදු හමුදා ස්ථාපනයක් හෝ ආයුධ තිබූ බවට සාක්ෂියක් නැති බවයි.

“මේ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව ඇත්තේ අහිංසක දරුවන් යැ,” යි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක අධ්‍යක්ෂිකා ඈන් මාග්‍රට් වෙනෙමන් කියා තිබුණි. 

 vavuniya 18

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...