ඇමතිවරු එදා ප්‍රකාශ කළ ද මේවන විට උපාධිධාරීන් ගේ එම අපේක්ෂා සුන් වී, ඔවුන් අන්ත අසරණ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලබන ''පුරවැසි හඬ'' වැඩසටහන සඳහා පසුගිය දා රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සාමාජිකයන් පැමිණ ඔවුන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සමාජ මාධ්‍යයේ සංසරණය වන රැවටිලිකාර කතා
''මේ මොහොත වන විට 40000කට ආසන්න උපාධිධාරීන් ප්‍රමාණයක් රැකියා නොමැතිව සිටිනවා. පසුගිය මැතිවරණ සමයේ උපාධිධාරින්ට රැකියා ලබා දෙනවා යන පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකිවයුතු ඇමතිවරු ප්‍රකාශ කළා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 72 වැනි පිටුවේ රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දෙන ආකාරය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර තිබෙනවා.
20000කට ගුරු වෘත්තියත්, 3000කට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත ක්ෂේත්‍රයේත් තවත් 3000ක් දේශීය ආදායම්, විදේශීය සේවා සංචාරක කර්මාන්ත සහ තවත් 9000කට රැකියා ලබා දෙන බවට පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.
නමුත් අද වන විට මේ උපාධිධාරීන් අන්ත අසරණ වෙලා; ඒ අයගේ බලාපොරොත්තු සුන් වෙලා. මැතිවරණ කාලයේ දුන් පොරොන්දු සහ රැවටිලිකාරී කතා අද සමාජ මාධ්‍යයේ තිබෙනවා. රජයේ මැති ඇමතිවරු කියපු ආකාරයට ඔවුන්ගේ තනතුරු ලැබුණු පසු රැකියා දෙන බවත් පළමු අයවැයේ රැකියා දෙන බවත් ඡන්ද කාලයේ රැකියා විරහිත උපාධිධාරීන් සංවිධානය කර රජයට සහයෝගය දැක්වීමට කටයුතු කළ කෙනාට අද තරුණ සේවා සභාවේ අධ්‍යයක්ෂ ධුරයක් ද ලබා දීලා. නමුත් සෙසු උපාධිධාරීන් අනාථ කරලා.
ආණ්ඩුවේ: නින්දිත, නොහොබිනා ක්‍රියා
මේ උපාධිධාරීන් රැකියා අයිතිය වෙනුවෙන් අරගල කරන විට විවිධ අය සමච්චල් කරනවා. පිං පඩි ලාභීන් ලෙස අර්ථකථනය කරනවා. මේ අය උපාධිය ගෙන ඇත්තේ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන්. නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට පිං පඩි ලාභීන් ලෙස හැඳින්වීම නින්දිත නොහොබිනා ක්‍රියාවක්. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩල සටහනක් හරහා උපාධිය මූලික සුදුසුකමක් වූ පුරප්පාඩු 50000ක පමණ ප්‍රමාණයක් ඇති බවට ඉදිරිපත් කර තිබෙනවා.
50000ක් පුරප්පාඩු ඇති නම් මේ උපාධිධාරින් 40000 බඳවා නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. වගකිවයුතු ප්‍රගතිශීලී ජනතාවාදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලැබෙන තෙක් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැළෙනවා.''




