The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පුද්ගලයකු රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වන්නේ කෙසේ ද...? - පෙ. ස. පෙ. අසයි

T

The Leader Desk

August 18, 2025 • 4:14 PM

මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පුද්ගලයකු රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වන්නේ කෙසේ ද...? - පෙ. ස. පෙ. අසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පුද්ගලයකු රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත් කරගෙන සිටීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පවතින්නේ යැයි පෙ.ස.ප.
  • ඔහු මෙම අදහස් පළ කළේ රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (18) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ය.
  • කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ වැඩ කරන කාලේ ඔහුට විරුද්ධව රුපියල් ලක්ෂ 80ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවා දියත් වුණා.
  • ඒ නිසා මේක අපි හදපු එකක්" වගේ උත්තරයක් දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පුද්ගලයකු රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත් කරගෙන සිටීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පවතින්නේ යැයි පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (18) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...

වරද පිළිගත් අමාත්‍යවරයා

"විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව බරපතළ චෝදනා තියනවා කියලා කාලයක් තිස්සේ රටේ කතාවක් තිබුණා. ඒ ටෙන්ඩර් ක්‍රියාවලියේ දී මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධයෙන්. කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ වැඩ කරන කාලේ ඔහුට විරුද්ධව රුපියල් ලක්ෂ 80ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවා දියත් වුණා. ඒ පරීක්ෂණයෙන් ඔහුව වරදකරු කළා වගේ ම තනතුරෙන් පහත දාන්නත් එවකට අධ්‍යක්ෂක මණ්ඩලය මගින් තීරණයක් ගත්තා.

දැන් මේ සියල්ල සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් රටේ මතු වෙමින් තියෙද්දි අපි බලාගෙන හිටියේ, කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද කියන එක. පහුගිය දවසක පැවති රූපවාහිනී වැඩසටහනකදි කුමාර ජයකොඩි ඇමතිවරයා පිළිගත්තා, 'මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවකින් තමන් වැරදි කරු වුණා' කියලා.

දැන් මේ ආණ්ඩුව බලයට ආවෙ ම දේශපානලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන පුරසාරම් කතන්දර ගොඩක් කියාගෙන. දූෂණ වංචා සම්බන්ධයෙන් වරදකරු වුණු හෝ එවැනි දෙයකට චෝදනා ලබපු කිසිවෙක්ට ආණ්ඩුවේ කිසිඳු තනතුරක් ලබා දෙන්නේ නෑ කියලා තමයි ඡන්දෙට කලින් කිව්වේ. එහෙම කියපු ආණ්ඩුවක් මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වුණු පුද්ගලයෙක්ව රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත් කරගෙන සිටීම ගැන අපිට තියනවා බරපතළ ප්‍රශ්නයක්.

හවුලේ හැදූ සම්බෝලය

දැන් ආණ්ඩුව තෝරමින් ඉන්නේ අමුතුම දේශපාලන පාරක්. ඒ තමයි ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගනු ලබන දේශපාලන තීන්දු තීරණ කිසිවක් රටේ ජනතාවට හෙළිදරවු නොකර සිටීමේ ක්‍රමය. මේ ක්‍රමය අනුව තමයි ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකළේ. අගමැති හරිනී අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යනවා; හැබැයි ඒ වැඩපිළිවෙළ නිශ්චිතවම මෙන්න මේකයි කියලා කියන්න ඇයවත් දන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෙනාව උපාලි සේදර කමිටු වාර්තාවයි රනිල් වික්‍රමසිංහගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි දෙක එකට කලවම් කරලා හදාගත්ත වැඩපිළිවෙළක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ.

දැන් අන්තිමට වෙන්නේ මෙහෙම වැඩක්. ගෝඨාභය රාජපක්ෂ කැරට් කපනවා, රනිල් වික්‍රමසිංහ පොල් ගානවා. ඒ දෙක එකතු කරලා නේද ඔය සම්බෝලේ හැදුවේ කියලා ඇහුවම, ආණ්ඩුව කියනවා, "නෑනේ, අපි මේ සම්බෝලෙට දෙහි ටිකක් මිරිකුවනෙ. ඒ නිසා මේක අපි හදපු එකක්" වගේ උත්තරයක් දෙනවා.  දැන් සියලු ක්ෂේත්‍ර ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට.

ආණ්ඩුවේ සදාචාරයට තිත...?

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවෙ ම මෙවැනි විගඩම් නටන්නෑ කියන පොරොන්දුව එක්ක. අඩුම තරමින් හොරුන්ට තනතුරු දෙන්නෑ කියලා රැකගෙන හිටපු සදාචාරාත්මක කාරණය පවා ඉවර වෙනවා කුමාර ජයකොඩි ඇමතිවරයාගේ ප්‍රශ්නයෙන්. දැන් අපි තවම දන්නේ නෑ මොහුට විරුද්ධව අල්ලස් කොමිසම නිශ්චිතව නඩු පැවරුව ද කියලා. මොකද මාධ්‍යවල වාර්තා වුණේ නඩු පවරන්න යනවා වගේ එකක්.  කිසිදු දේශපාලන බලපෑමකට යට නොවී අල්ලස් කොමිසම මේ කාරණයේදී කටයුතු කෙරෙයි කියලා ජනතාව බලාගෙන ඉන්නවා.

 එතනින් එහාට ගිහිල්ලා ආණ්ඩුව වහාම් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න ඕන. මොකද මෙවැනි වැඩවලින් බිඳ වැටෙන්නේ රටේ ජනතාව ආණ්ඩුව ගැන තියපු විස්වාසය. විශේෂයෙන් කුමාර ජයකොඩි ඇමතිවරයගේ පසුගිය කාලේ හැසිරීම දිහා බැලුවමත් අපිට ඔහු සම්බන්ධයෙන් යම් අදහසක් හදා ගන්න පුළුවන්.

ඇමතිට බයේ සැඟවුණ කුරුල්ලෝ

රනිල්ට කාංචනට සම්මත කරගන්න බැරුව හිටපු විදුලි පනත සම්මත කරලා විදුලිබල මණ්ඩලය මස් කරලා විකුණන වැඩේ අනාගතේ දි කරන්න අවශ්‍ය පාර හදලා දුන්නේ මේ ඇමතිවරයා. ඒ වගේම අපි දැක්කා පසුගිය දවසක මන්නාරමේ ගිහිල්ලා 'මන්නාරමේ එක කුරුල්ලෙක්වත් නෑ' කියලා බොරු කිව්වෙත් ඔය කුමාර ජයකොඩිම තමයි. මේ කුමාර ජයකොඩි මන්නාරමේ යද්දි කොහොමත් කුරුල්ලෝ කොඩි වන වනා පාර දෙපැත්තේ ඉන්නෑ තමයි. මන්නාරමට එන්නේ සංචාරක පක්ෂීන්. සංචාරක පක්ෂීන් අවුරුද්දකට එන කාර්තුවක් තියනවා. එහෙම නැතුව කුමාර ජයකොඩි යන එන වෙලාවට කුරුල්ලෝ මන්නාරමට එන්නේ නෑ.

එකපාරක් රටේම විදුලිය කැපිච්ච වෙලාවේ රිලවෙක් පැනලා තමයි මේක සිදු වුණේ කිව්වා. මේ ළඟදි දවසක් බාගයි භාගයි කියාගෙන ලොකු අකුරු හරඹයක් කළා. දැන් මේ කුමාර ජයකොඩි මිනිස්සු අන්දන්න ගිහිල්ලා රටට ම ලොකු විහිළුවක් වෙලා තියෙන්නේ.

මෙවැනි තත්වයක් ඇතුළේ ආණ්ඩුවේ විධායක බලය ක්‍රියාත්මක කරන කැබිනට් මණ්ඩලය තුළ මොහුව තවදුරටත් තබාගැනීම බරපතළ තත්ත්වයක්. ඒ නිසා ආණ්ඩුව මේ ගැන වහාම රටට පැහැදිලි කිරීමක් කරන්න ඕන සහ කුමාර ජයකොඩි ඇමතිවරයාව වහාම තනතුරුවලින් ඉවත් කරලා ඔහුට විරුද්ධව විධිමත් විමර්ශනයක් පැවත්විය යුතුයි. ඉතින් අපි හිතනවා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව මැදිහත් වෙයි කියලා."

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...