The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

T

The Leader Desk

August 18, 2025 • 4:22 PM

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි උපදෙස් ලබා දුන්නේ ය.
  • අමාත්‍යවරයා ඒලෙස උපදෙස් ලබා දුන්නේ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොළ) යටතේ වැඩ අවසන් කර ඇති නව උපපොලවල් 02ක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
  • නව කිරිඳිවෙල (Switching) මධ්‍යස්ථානය මගින් බස්නාහිර පළාතේ 132kV සම්ප්‍රේෂණ ජාලයේ ධාරිතාව 500 MW කින් වැඩි කරන අතර, නව කිරිඳිවෙල උපපොළ මගින් කිරිඳිවෙල, යක්කල, කඩවත සහ අවට කලාපවල ඉහළ යන විදුලි භාවිත අවශ්‍යතාව සපුරාලමින්, බෙදාහැරීම් ධාරිතාව 63 MW කින් ශක්තිමත් කරයි.
  • මෙම ඉදිකිරීම් කඩිනමින් සිදුකළ යුතු බවත්, ව්‍යාපෘතිය සිදුකිරීමේදී අවශ්‍ය ඕනෑම ආකාරයක සහයක් ලබාදීමට තමන් කැපවී සිටින බවත් නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි උපදෙස් ලබා දුන්නේ ය.

අමාත්‍යවරයා ඒලෙස උපදෙස් ලබා දුන්නේ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොළ) යටතේ වැඩ අවසන් කර ඇති නව උපපොලවල් 02ක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

පෙර තිබූ සම්ප්‍රේෂණ මාර්ගය බහු මාර්ගික සම්ප්‍රේෂණ ජාලයක් බවට

ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන ඉහත ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල කිලෝ වෝල්ට් 132/33 (ගෘහස්ථ උපපොළ), කිරිඳිවෙල කිලෝ වෝල්ට් 132/33  (ග්‍රිඩ් උපපොළ) සහ කිරිඳිවෙල කිලෝ වෝල්ට් 220/132  හුවමාරු (Switching) මධ්‍යස්ථානය යන නව උපපොලවල් 03ක් සංවර්ධනය කෙරෙන අතර, මෙහි කිරිඳිවෙල උප පොළවල් 02ක් ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

කිරිඳිවෙල හුවමාරු (Switching) ස්ථානය සම්පූර්ණ වීමත් සමග මහවැලි සහ කැලණි විදුලි බලාගාරවල ජලවිදුලිය බස්නාහිර පළාතට ගෙන යෑම ශක්තිමත් වන අතර, පද්ධතියේ විශ්වාසනීයතාවය වැඩි කරමින් පෙර තිබූ එකම සම්ප්‍රේෂණ මාර්ගය, බහු මාර්ගික සම්ප්‍රේෂණ ජාලයක් බවට පත් වී  පද්ධතිය  බිඳවැටීමේ අවදානම දැඩි ලෙස අඩු කරයි.

නව කිරිඳිවෙල  (Switching) මධ්‍යස්ථානය මගින් බස්නාහිර පළාතේ 132kV සම්ප්‍රේෂණ ජාලයේ ධාරිතාව 500 MW කින් වැඩි කරන අතර, නව  කිරිඳිවෙල උපපොළ මගින් කිරිඳිවෙල, යක්කල, කඩවත සහ අවට කලාපවල ඉහළ යන විදුලි භාවිත අවශ්‍යතාව සපුරාලමින්, බෙදාහැරීම් ධාරිතාව 63 MW කින් ශක්තිමත් කරයි.  මෙමගින් කර්මාන්තශාලා සහ ගෘහස්ථ භාවිතය සඳහා විශ්වාසනීය සැපයුමක්ද ලබා දෙයි.

උපපොළවල් සංවර්ධනය 11ක සංවර්ධනයක්

ශක්තිමත් කළ මෙම ජාලය මගින් බස්නාහිර පළාතේ ගෘහස්ථ සූර්ය බල (rooftop Solar) විදුලි බලය සාර්ථකව පද්ධතියට එකතු කළ හැකි අතර, දිවයින පුරා ඉදිරියේදී සංවර්ධනය වීමට නියමිත මහා පරිමාණ  පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර (Renewable Energy) ද සාර්ථකව ග්‍රහණය කිරීමට හැකි වේ. තව ද, අවම විදුලි රැහැන් භාවිතය නිසා  පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කළ හැකි අතර, විදුලි හානිය අඩු ප්‍රතිරෝධී කරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ  කොස්ගම, කොත්මලේ, පාදුක්ක, පන්නිපිටිය, රත්මලාන, සීතාවක, තුල්හිරිය, වේයන්ගොඩ, නාඋල, පොල්පිටිය සහ උකුවෙල  උපපොළවල් සංවර්ධනය කිරීමටද නියමිත ය. මෙම ඉදිකිරීම් කඩිනමින් සිදුකළ යුතු බවත්, ව්‍යාපෘතිය සිදුකිරීමේදී අවශ්‍ය ඕනෑම ආකාරයක සහයක් ලබාදීමට තමන් කැපවී සිටින බවත් නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

මෙම අවස්ථාවට ව්‍යාපෘති අධ්‍යක්ෂ A.L.Z. හුසේන්, ව්‍යාපෘතියේ (පැකේජ් 02) කළමනාකරු ඉංජිනේරු S.C.A. සුභසිංහ, සහ  ව්‍යාපෘතියේ අනෙකුත් පැකේජ් කළමනාකරවන් වන A.D.K. පරාක්‍රමසිංහ, ඉංජිනේරු G.H.P.P. ගනේගොඩ, සහ  සිවිල් ඉංජිනේරු L.N .S. සිල්වා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

(සටහන | ශාන් මොහොමඩ්)

 cfhdthtrye

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...