සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආසියානු පර්යේෂණ ආයතනයේ දී සිදු විය.
එහි දී: ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය පාලනය සහ සාමය ගොඩනැගීම යන මාතෘකා මූලික කර ගනිමින් අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණ.
සිංගප්පූරුවේ ආර්ථික පරිවර්තනය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන දෙඅංශය, ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව මෙහි සිහිපත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, සිංගප්පූරුවේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ද සුවිශේෂී පාඩම් රැසක් උගත හැකි බවයි.
ඵලදායී හා ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති සකස් කිරීමේදී සහ පුද්ගල ධාරිතා සංවර්ධනයේ දී ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විශේෂයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග තම විශේෂඥතාව බෙදා ගැනීමට එක්වන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිෂෝර් මහබුබානිගෙන් මෙහි දී ඉල්ලා සිටියේ ය.
කිෂෝර් මහබුබානි එක්සත් ජාතීන්ගේ සිංගප්පූරුවේ නිත්‍ය නියෝජිතයා ලෙසත්, අවස්ථා දෙකකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති අතර, ඔහු සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ලී ක්වාන් යූ මහජන ප්‍රතිපත්ති පාසලේ ආරම්භක පීඨාධිපතිවරයා ද වේ.




