The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා - අගමැතිනිය

T

The Leader Desk

August 19, 2025 • 2:41 PM

ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමිනි.
  • පාර්ලිමේන්තුවේ ඇති වුණු එම වෙනස දැන් හැම ක්ෂේත්‍රයකම ඇතිවෙමින් තියෙනවා.
  • ඒ සඳහා ඔබට මේ ලැබිලා තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවක් වගේම වගකීමක්." මෙහි දී තරුණ සම්මේලනයේ නියෝජිතයින් 52 දෙනා වෙත සමරු තිළිණ පිරි නැමීම ද සිදු කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

"පසුගිය කාලය පුරාම තරුණ සම්මේලනයේ කාන්තා නියෝජනය බොහෝම අඩුවෙන් තිබුණේ. මේ වසරේ ඒක වෙනස්වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇති වුණු එම වෙනස දැන් හැම ක්ෂේත්‍රයකම ඇතිවෙමින් තියෙනවා. ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා තියෙනවා.

තාරුණ්‍ය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමේ දී ගොඩක් අසන්නට ලැබෙන්නේ තරුණ ප්‍රචණ්ඩත්වය, තරුණ අසහනය සහ තරුණ මරණ පිළිබඳවයි. ඒත් දැන් එම තත්ත්වයෙන් වෙනස් වුණ, තාරුණ්‍ය ගැන ලංකාවට අලුත් කතාවක් අවශ්‍යයි. ඒ සඳහා ඔබට මේ ලැබිලා තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවක් වගේම වගකීමක්."

මෙහි දී තරුණ සම්මේලනයේ නියෝජිතයින් 52 දෙනා වෙත සමරු තිළිණ පිරි නැමීම ද සිදු කෙරිණ.

මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, තරුණ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තාරුණ්‍ය සඳහා වන සංසදය අධ්‍යක්ෂ ජනරල් නීතීඥ සුපුන් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ තාරුණ සසම්මේලනයෙහි සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ.

 fgsdewrg

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...