The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ගෝඨාභය පාලනය යටතේ ද, ආණ්ඩුව වෙනුවෙන් මුදල් අච්චු ගැසුවේ මහ බැංකුවයි! - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

T

The Leader Desk

August 19, 2025 • 2:56 PM

ගෝඨාභය පාලනය යටතේ ද, ආණ්ඩුව වෙනුවෙන් මුදල් අච්චු ගැසුවේ මහ බැංකුවයි! - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘පුළුල් මුදල් සැපයුම (Broad money printing (M2b) රු.
  • බිලියන 15 ඉක්මවා ප්‍රසාරණය වී ඇති බව’ පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සිය සතුට පළ කරයි.
  • ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, මේවා හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවත් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
  • දැන් පවතින තත්ත්වය අනුව, ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවත්, නීතිමය වශයෙන්ද එයට ඉඩක් නොමැති බවත්, එම නිසා එසේ සිදුකර නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

‘පුළුල් මුදල් සැපයුම (Broad money printing  (M2b) රු. බිලියන 15 ඉක්මවා ප්‍රසාරණය වී ඇති බව’ පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සිය සතුට පළ කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් එබව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ, ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් අද (19) පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

 ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, මේවා හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවත් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දැන් පවතින තත්ත්වය අනුව, ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවත්, නීතිමය වශයෙන්ද එයට ඉඩක් නොමැති බවත්, එම නිසා එසේ සිදුකර නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේය.

මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවද, එය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවද, එය සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවද ඔහු සඳහන් කළේය.


ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් පවතින බවත්, එසේම පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති බවත්, පුළුල් මුදල් සැපයුමේ වර්ධනයක් සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත්වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් නිසා නොවන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

නැවතත් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමයි...

සෑම විටම ආණ්ඩුව වෙනුවෙන් මුදල් සැපයුම පාලනය හා මුද්‍රණය සිදු කරනු ලබන්නේ ‘ශ්‍රී ලංකා මහ බැංකුවයි’ බව ආර්ථික විද්‍යාව පිළිබඳ අවම දැනුමක් සහිත පුද්ගලයින් පවා දනිති.

රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ණයකරුවන් සමඟ වන ගිවිසුම් ප්‍රකාරව මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැතිව තිබිය දී, මහ බැංකුව රජය වෙනුවෙන් සිදු කළ ‘පුළුල් මුදල් සැපයුම - මුදල් අච්චු ගැසීම’ මගින් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම අප මුල් නිවේදනය මගින් පෙන්වාදී ඇත. එය දේශපාලන අවශ්‍යතාවයක්, නොදැනුවත්කමක් ලෙස සලකා පණිවුඩකරුවාට වෙඩි නොතැබීම රජයේ වගකීමයි.

ගෝඨාභය රාජපක්ෂ පාලනය සමයේ ද එම ආණ්ඩුව වෙනුවෙන්, මහ බැංකුව මෙලෙසම ‘මුදල් සැපයුම පුළුල් කිරීම’ හෙවත් මුදල් අච්චු ගැසීම සිදු කළේය. මෙය ලංකා ආර්ථිකයට බරපතල බපෑමක් සිදු කළ හැකි බව සිවිල් ක්‍රියාකාරීන් අවධාරණය කළේය.

එවකට මහ බැංකුවේ සිටි ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රමුඛ මහ බැංකු නිලධාරීන් ද, ආණ්ඩුවේ දේශපාලනඥයින් ද එම අවදානම බැහැර කරමින් ප්‍රකාශ නිකුත් කළ බව සිහිපත් කළ යුතුය. අවසානයේ දී, දිය යට ඔබා තිබූ රබර් බොලයක් මෙන්, 2022 මාර්තු අවසන් සතියේ දී විනාශකාරී ලෙස ආර්ථික අර්බුදය පුපුරා ගියේය.

ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් ඉතා නිවැරදි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ පරිදි, 2024 ඔක්තෝබර් අවසානයේ දී  රු. බිලියන 14,008.6 ක් වූ, පුළුල් මුදල් සැපයුම (Broad money printing (M2b), 2025 ජූනි අවසානයේ දී රු. බි. 15,175.8 දක්වා වර්ධනය වී ඇත. එනම්,  2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා (මාස 8 තුල) ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම  රුපියල් ට්‍රිලියන 1.2 කින් ප්‍රසාරණය වී ඇත.


නියෝජ්‍ය අමාත්‍යවරයා නිවැරදිව පෙන්වා දුන් ඔන් ලයින් දත්ත අනුව, මහ බැංකුවේ මුදල් සැපයුම වාර්ෂිකව 17% කින් ද, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) 10% කින් ප්‍රසාරණය වී ඇත. මෙය බලපෑම්කාරී තත්වයකි.  


ගෝඨාභය පාලන සමයේ දී මෙන් සත්‍යය වසන් කිරීමකින් තොරව, විවෘත භාවයකින්  යුතුව එහි වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන බව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීම ප්‍රසංශා කටයුතුය.

පුළුල් මුදල් සැපයුම හරහා ආර්ථිකයට ඉදිරියේ දී එල්ල විය හැකි බලපෑම නිසි පරිදි ග්‍රහණය කර, එයට පිළියම් යෙදීම රජයේ වගකීමයි.

මුදල් අච්චු ගැසීමේ සම්බන්ධයෙන් වන අනාවරණයන් හි දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, මහ බැංකු අධිපතිවරයා ලෙසත් අජිත් නිවාඩ් කබ්රාල් විසින් දැක්වූ අධිපතිවාදී ප්‍රවේශයෙන් වත්මන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා  බැහැරවීමේ සුබවාදී තත්වයකි.  

Rajith Keerthi(රජිත් කීර්ති තෙන්නකෝන්)
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com
‍2025 අගෝස්තු 19


සබැඳි පුවත් :

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදු කර නැහැ - අනිල් ජයන්ත ප්‍රනාන්දු

අලුත් ආණ්ඩුව රු. බිලියන 1,225.9ක් (ට්‍රිලියන 1.22) අච්චු ගහලා !- රටේ ණය බර රු. බි. 905කින් ඉහළ නගී !

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝඨාභය පාලනය යටතේ ද, ආණ්ඩුව වෙනුවෙන් මුදල් අච්චු ගැසුවේ මහ බැංකුවයි! - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය | The Leader