රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ සහභාගී විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක ගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා ගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රනිල් වික්‍රමසිංහ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.
( lankadeepa | අංජුල මහික වීරරත්න)




