එහි සභාපති ජී.ජී.සී. නිරෝෂණ සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ජී.ජී.සී. නිරෝෂණ පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා පවසන්නේ, වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවය.
''ඇඟිලි සලකුණු තියන්න අකැමති නම්, වෙන තැනක රස්සාව කරන්න පුළුවන්'' - කැබිනට් ප්‍රකාශක
මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බවයි.
ඒ අනුව, අදාළ තීරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සාකච්ඡා කළ හැක්කේ මෙම ඉල්ලීම් දෙකට එකඟ වන්නේ නම් පමණක් බව ඊයේ (19) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.
ඉහත තීරණ සමඟ යාමට කැමති තැපැල් සේවකයන්ට සේවයේ රැඳී සිටිය හැකි බවත්, ඇඟිලි සලකුණු යන්ත්‍රවලට අකමැති පිරිස් සිටිනවා නම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර නොමැති තැනක ගොස් රැකියාවක් කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වනවිට තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති නිසා, ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර සිටියේය.




