The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

ඇමරිකාව නව තීරුබදු පැනවූයේ ආර්ථික අභිලාෂ පමණක් ඉලක්ක කරගෙන නොවේ - පුබුදු ජයගොඩ

T

The Leader Desk

August 20, 2025 • 4:10 AM

ඇමරිකාව නව තීරුබදු පැනවූයේ ආර්ථික අභිලාෂ පමණක් ඉලක්ක කරගෙන නොවේ - පුබුදු ජයගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියේ දී ලංකාවේ ආණ්ඩුව ඇමරිකාව සමග ඇතිකරගත් එකඟතා පිළිබඳව තවමත් රටේ ජනතාවට හෙළිදරව් කර නොතිබීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙරේදා (18) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
  • දැන් ඒ සූත්‍රයට අනුව තමයි ලංකාවෙන් ඇමරිකාවට යවන ඇඟළුම් සහ රබර් භාණ්ඩ ඇතුළු නිෂ්පාදනවලට 44%ක තීරු බදු පැනවීමක් නිවේදනය කළේ.
  • ඒ නිසා ට්‍රම්ප් මේ තීරු බදු 44%යි කියලා පැනව්වෙ ම කොහොමත් 20%ක් විතර දක්වා අඩු කරන්න බලාගෙන.
  • ඔවුන්ගේ සාකාච්ඡාවලින් පස්සේ 20% දක්වා බදු අඩු කරන්න ඇමරිකාව එකඟ වුණා කියලා තමයි දැනට නිවේදනය කරලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියේ දී ලංකාවේ ආණ්ඩුව ඇමරිකාව සමග ඇතිකරගත් එකඟතා පිළිබඳව තවමත් රටේ ජනතාවට හෙළිදරව් කර නොතිබීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙරේදා (18) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...

පිටකොටුවේ පදික වෙළෙන්දා සහ ට්‍රම්ප්

''ඇමරිකාවේ තීරු බදු වැඩී කිරීම සඳහා වන සූත්‍රය හදලා තිබුණේ ඒ ඒ රටවල් සමග ගණුදෙනු කිරීමේදී ඇමරිකාවට තිබුණු වෙළඳ ශේෂය ගණං බලලා. දැන් ඒ සූත්‍රයට අනුව තමයි ලංකාවෙන් ඇමරිකාවට යවන ඇඟළුම් සහ රබර් භාණ්ඩ ඇතුළු නිෂ්පාදනවලට 44%ක තීරු බදු පැනවීමක් නිවේදනය කළේ. මේ නිවේදනය කරද්දිත් ඇමරිකාව දැනගෙන හිටියා මේ සියලු භාණ්ඩ ඇමරිකාව තුළ නිෂ්පාදනය කරන්න බැහැ කියලා. මොකද එහෙම කළොත් පිරිවැය වැඩි වීමෙන් භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ නිසා ට්‍රම්ප් මේ තීරු බදු 44%යි කියලා පැනව්වෙ ම කොහොමත් 20%ක් විතර දක්වා අඩු කරන්න බලාගෙන.

අපි දන්නවා කොටුවේ වෙළෙන්දොත් මේ විදිහට භාණ්ඩයක් ගන්න ගියාම මුලින් ලොකු මුදලක් කියලා කේවල් කිරීමේදී එයින් අඩකටත් වඩා අඩු කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයත් කරන්න සූදානම් වුණේ.

ඉන්දියාවට සහ බ්‍රසිලයට වෙන ම සැලකිල්ලක්

නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව මේ අවස්ථාවේදී හැසිරුණු ආකාරය ගැන. මේ ගැන සාකාච්ඡා කරන්න ලංකාවෙන් නියෝජිත කණ්ඩායමක් ගියා. ඔවුන්ගේ සාකාච්ඡාවලින් පස්සේ 20% දක්වා බදු අඩු කරන්න ඇමරිකාව එකඟ වුණා කියලා තමයි දැනට නිවේදනය කරලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා ඇමරිකාව නව තීරුබදු ප්‍රතිපත්තියකට ගියේ හුදු ආර්ථික අභිලාෂයන් එක්ක විතරක් නෙවෙයි. මේ හා බැඳුණු භූ දේශපානලන අරමුණු ගණනාවක් ඇමරිකාවට තියනවා. ඒකට හොඳම උදහරණය තමයි බ්‍රසීලයට පැනවූ 50%ක තීරු බද්ද. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ඇමරිකන් ගැතියෙක් වන බොල්සොනාරෝට විරුද්ධව වත්මන් ආණ්ඩුවෙන් ගනු ලබන නෛතික ක්‍රියාමාර්ග නතර කරවන්න තමයි මෙවැනි ආර්ථික පීඩනයක් එල්ල කරලා තිබුණේ.

අසල්වැසි ඉන්දියාවට පනවපු තීරු බදු අඩු කරන්න නම් රුසියාවෙන් තෙල් ගන්න එක නවත්තන්න කියලා දැනුම් දීලා තිබුණා. මේ විදිහට ඇමරිකාව රටවලට නව තීරුබදු පැනවීම කලේ බරපතළ දේශපානලන කොන්දේසි එක්ක. ඒ නිසා ලංකාවට එවැනි කොන්දේසි කිසිවක් පැනෙව්වේ නෑ කියලා අපිට විස්වාස කරන්න පුළුවන් කමක් නෑ.

ඇමරිකාව සමග ඇති කරගත් ඒකඟතා මොනවා ද...?


ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව තියනවා රටවල් සමග ආරක්ෂක එකඟතාවලට පැමිණුණා කියලා. නමුත් අද වෙනකල් ලංකාවේ ආණ්ඩුව රටට හෙළිදරව් කරලා නෑ ඇමරිකාවත් සමග පැවති සාකාච්ඡාවලදී ඇතිකරගත් එකඟතා මොනවද කියලා. යම් කිසි විදිහකින් මිලිටරි එකඟතාවයකට ගියාද කියන එක රටේ ජනතාව දැනුවත් නෑ.

අනිල් ජනයන්ත පාර්ලිමේන්තුවේදි කිව්වේ ඇමරිකාවෙන් කාර් සහ තෙල් ගෙන්නන්න එකඟ වුනා. ඒ අනුව තමයි තීරුබදු අඩු කළේ කියලා. ඊටපස්සෙ නැවත කිව්වා ඇමරිකාවෙන් තෙල් ගෙන්නන එක පාඩුයි ඒ නිසා තෙල් ගෙන්නන්නේ නෑ කියලා. ඇමරිකාව ලංකාවට ටෙස්ලා කාර් දෙකතුනක් විකුණගන්න නම් තීරු බදු අඩු කිරීමකට ගියා කියලා හිතන්න අමාරුයි. නිශ්චිතවම මොවුන් අතර දේශපානලන එකඟතා ඇති වෙලා තියෙන්න ඕන. ඒ ඇතිකරගත් එකඟතා මොනවද කියලා ආණ්ඩුව වහාම රටට හෙළිදරව් කරන්න ඕන.

 ඇක්සා, සෝෆා වැනි මිළිටරි ගිවිසුම් ගැන ඇමරිකාව පහුගිය කාලෙ ම හිටියේ ලොකු කතාවක. එහෙම ගිවිසුමක් හරි එහෙම නැත්තං MCC ගිවිසම වැනි භයානක ආර්ථික ගිවිසුම්ක කොන්දේසි නැවත වටයකින් ඉටු කරන්න ආණ්ඩුව එකඟ වුණාද කියන ප්‍රශ්නය අපිට තියනවා.

අපි දන්නවා මේ වෙද්දි ඉන්දියන් සාගරය තියෙන්නේ භූ දේශපානලන උණුසමක. ඉන්දියාව, චීනය සහ ඇමරිකාව දැවැන්ත වෙළඳ යුද්ධයක පැටලිලා ඉන්නවා මේ කලාපයේ ආර්ථික බලය සහ භූ දේශපානලන බලය අත්පත් කරගන්න. ඉතින් එවැනි මොහොතක අපි ගිහිල්ලා එක රටක දේශපානලන උවමනාවන් වෙනුවෙන් පාවිච්චි වීම කියන්නෙම රටත් ජනතාවත් බරපතළ අනතුරක හෙලීමක්. ඒ නිසා රට එවැනි අනතුරක නොහෙළා ඇමරිකාව එක්ක ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා."

(සටහන - ජයසිරි අලවත්ත)  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...