ඒ අනුව විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද සීමා කර ඇතැයි අදාළ චක්‍රලේඛය මඟින් දැනුම්දී ඇත.
කෙසේවෙතත් මෙම නව චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වා දෙන්නේ අදාළ විදේශීය නිවාඩු ලබාගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී තිබෙන ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවය.
එමෙන්ම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මත ලබාදී තිබූ දේශීය නිවාඩු හිමිකම ද එමඟින් අහෝසි කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම්, රෝයි ද මැල් සඳහන් කර ඇත.
මෙම නව චක්‍රලේඛය මඟින් විදේශීය නිවාඩු ඉල්ලුම් කර ඊට අදාළ පුහුණු වීම් ද, වීසා බලපත්‍ර යනාදිය ලබාගෙන තිබෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් සේවකයින් හා නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වෙනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගන්නා ලද තීරණය බලරහිත මෙන්ම අනීතික බව ද පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, උක්ත කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකර ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අභිබවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණයට හා ඊට අදාළව නිකුත් කරන ලද චක්‍රලේඛ හා උපදෙස් වහාම අවලංගු කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරයි.
| adaderana




