The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

කුරුණෑගල වැව රවුමේ සුනඛයන් අටක් වස දී මෑරූ දෙසොයුරෝ පලා ගිහින්

T

The Leader Desk

August 20, 2025 • 5:57 AM

කුරුණෑගල වැව රවුමේ සුනඛයන් අටක් වස දී මෑරූ දෙසොයුරෝ පලා ගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඔවුන් දෙදෙනා මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බව පැවසෙයි.
  • මෙම සතුන් අතරේ ගැබ් ගත් ගැහැණු සතුන් දෙදෙනක් ද සිටි බව ද ප්‍රදෙශවාසීහු කියති.
  • මේ අතර සත්ත්ව සුබසාධන සංගම් ද මේ ඝාතන සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර ඒ ඝාතන වලට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග ද ගනිමින් සිටියි.
  • කුරුණෑගල මූලස්ථාන පොලිසිය මෙම පරීක්ෂණ අරඹා ඇත්තේ වැව රවුම ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අදාළව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් ඔවුන් දෙදෙනා මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බව පැවසෙයි.

මෙම සතුන් අතරේ ගැබ් ගත් ගැහැණු සතුන් දෙදෙනක් ද සිටි බව ද ප්‍රදෙශවාසීහු කියති.

කිසිවකුටත් කරදරයක් නොමැතිව ප්‍රදේශවාසින්ගේ ආදරය හා රැකවරණය ලබමින් ප්‍රජා සුනඛයන් (Community dogs ) ලෙස ජීවත් වූ එම සුනඛයන් මෙලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි ශෝකයටත් කම්පනයටත් පත්ව සිටින අතර ඔවුන් පවසනුයේ රාත්‍රී කාලය තුළ සිදු කෙරෙන විවිධ නීති විරෝධී ක්‍රියාවනට බාධාවක් බැවින් ඔවුන් දෙදෙනා මෙම සුනඛ ඝාතන සිදු කරන්නට ඇති බව ය.

මේ අතර සත්ත්ව සුබසාධන සංගම් ද මේ ඝාතන සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර ඒ ඝාතන වලට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග ද ගනිමින් සිටියි.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය මෙම පරීක්ෂණ අරඹා ඇත්තේ වැව රවුම ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අදාළව ය.

 ඉහත සිදුවීම හා සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ද කුරුණෑගල වැව රවුම ආසන්නයේම ප්‍රදේශයක පදිංචි සහෝදරයන් දෙදෙනකු බව ද ඔවුන් නීති විරෝධී ගව ඝාතන වලට ද සම්බන්ධ බව ද පැවසෙයි. ඔවුන් දෙදෙනා පසුගිය 13 වැනිදා රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණ වස මිශ්‍ර මස් කැබලි කෑමට දී සුනඛයන් අට දෙනා මරණයට පත්කර ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ප්‍රදේශයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇසුරින් සැකකරුවන් දෙදෙනා පැහැදිලිවම හඳුනාගෙන තිබෙන අතර, ඔවුන් සුනඛයන්ට කෑමට මස් කැබලි ලබාදෙන ආකාරයත් ඒවා කෑමට ගත් සුනඛයන් වේදනා විඳිමින් මරණයට පත්වන ආකාරයත් එම දර්ශනවල පැහැදිලිව සටහන් වී ඇති බවත් සඳහන් ය.

එමෙන්ම එම සුනඛයන් කෙරෙහි ඉමහත් දයානුකම්පාවක් දැක්වූ කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ පදිංචි කරුවන් ගේ දරුවන් කිහිප දෙනකුම මෙම සිදුවීම මුල් කොට දැඩි මානසික කම්පනයකින් පසුවන බව ද වාර්තා වේ.

| vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුරුණෑගල වැව රවුමේ සුනඛයන් අටක් වස දී මෑරූ දෙසොයුරෝ පලා ගිහින් | The Leader