The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

T

The Leader Desk

August 26, 2025 • 6:21 PM

අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (26) කොළඹ දී පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
  • මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, කවර හෝ දිනයක අපරාධයකට, දූෂණයකට, බලය අයුතු ලෙස භාවිත කිරීමකට හෝ මහජන ධනය අවභාවිත කිරීමකට කවරකු හෝ කටයුතු කරන්නේ නම්, ඒ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම ආකාරයෙන් කටයුතු කරන බවය.
  • එවැනි සංස්කෘතියක් අපි හදනවා.
  • ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමාර දිසානායක පවසයි.

අද (26) කොළඹ දී පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, කවර හෝ දිනයක අපරාධයකට, දූෂණයකට, බලය අයුතු ලෙස භාවිත කිරීමකට හෝ මහජන ධනය අවභාවිත කිරීමකට කවරකු හෝ කටයුතු කරන්නේ නම්, ඒ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම ආකාරයෙන් කටයුතු කරන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නැහැ. නීතියේ ඉදිරියේ හැමදෙනාම සමානයි.“

“අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය අයුතු ලෙස උපයෝගී කර ගෙන තිබෙනවා නම්, කවර හෝ දිනයක මහජනයාගේ ධනය රිසි සේ නාස්ති කොට තිබෙනවා නම්, ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙමෙයි. දඩයම් කිරීම නෙමෙයි. මේ සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳව හැඟීමක් සහ විශ්වාසයක් හදන්න ඕනෑ.‘‘

v ncxvvv

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක් | The Leader