The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය චෙම්මනියයි

T

The Leader Desk

August 27, 2025 • 3:20 AM

 ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය චෙම්මනියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 34 වැනි දිනය වු අගෝස්තු 26 වැනි අගහරුවාදා හවස් යාමය වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් තවත් පුද්ගලයන් 16 දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගත් බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා පවසයි.
  • ඒ අතර කුඩා දරුවන් කිහිප දෙනකුගේ බවට සැක කළ හැකි අස්ථිද එහි ගිය මාධ්‍යවේදීන් දැක තිබේ.
  • ඒ බව සැකහැර දැනගත හැකිවන්නේ වෝහාරික පරීක්ෂණයකින් පසු බව නීතිඥ ඥානරාජා පවසන්නීය.
  • එක් දිනකදී චෙම්මනි සමූහ සුසානයෙන් වැඩිම සිරුරු ගණනක් පාදාගෙන ඇත්තේ ඊයේ දිනයේය.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 34 වැනි දිනය වු අගෝස්තු 26 වැනි අගහරුවාදා හවස් යාමය වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් තවත් පුද්ගලයන් 16 දෙනකුට අයත් අස්ථි අලුතින්  මතු කරගත් බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා පවසයි. ඒ අතර කුඩා දරුවන් කිහිප දෙනකුගේ බවට සැක කළ හැකි අස්ථිද එහි ගිය මාධ්‍යවේදීන් දැක තිබේ. ඒ බව සැකහැර දැනගත හැකිවන්නේ වෝහාරික පරීක්ෂණයකින් පසු බව නීතිඥ ඥානරාජා පවසන්නීය.

එක් දිනකදී චෙම්මනි සමූහ සුසානයෙන් වැඩිම සිරුරු ගණනක් පාදාගෙන ඇත්තේ ඊයේ දිනයේය.

චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 166 දෙනකුට අයත් ඇටසැකිලි මතු කරගෙන තිබේ.

දෙවැනි අදියරේ කැනීම් කටයුතු  දින 32 ක් පුරා සිදු කිරීමෙන් පසු  කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා අගෝස්තු 06 වැනිදා සිට විමර්ශන කටයුතු තාවකාලිකව නතර කරන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින්  කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 150 දෙනෙකුට අයත්  ඇටසැකිලි ගොඩ ගෙන අධිකරණයට බාර දී තිබු තිබුනි.

සමූහ සුසාන සංකිර්ණයේ කැනීම් කටයුතු දින දහ අටක විවේකයෙන් පසු අගෝස්තු 25 වැනිදා යළි ආරම්භ කළ අතර එදින සිදු කර තිබුනේ  කැනීම් භුමියේ වපසරිය පුළුල් කිරීමයි.

 

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

*2013 වසරේ දී මාතලේ රෝහල ආසන්නයේ භූමියකින් මළසිරුරු 155 ක් ගොඩගන්නා ලද අතර එය ශ්‍රී ලංකාවෙන් හමුවු තෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකේ.

* ශ්‍රී ලංකාවේ සිව්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ මේ වන විට විට අවම වශයෙන්  පුද්ගලයන් 88 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන ඇති කොළඹ  වරාය හමුහ මිනි වළයි. එහි කැනීම් කටයුතු තවමත් සම්පුර්ණයෙන්ම අවසන් කර නැත.

* පස්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස දැන් පිලිගැනෙන්නේ 2013 වසරේදීම මිනිස් සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වලයි. කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් කැනීම් කටයුතු අවසන් වන විට පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි.

මේ සියළු සමුහ සුසාන හමුව තිබුනේ අහම්බයෙන් මිස රජයේ විමර්ශනවලින් නොවේ. 

P 04

P 03

P 02

P 01

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...