The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

රනිල්ට දැන් කොහොමද?

T

The Leader Desk

August 27, 2025 • 3:47 AM

රනිල්ට දැන් කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සඳහන් කළේ, එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ ට ඇති බවය.
  • ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර.
  • විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුණේ ඒක," රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා; "එතකොට මේ සංකූලතා ඇති වෙන්නේ නැහැනේ හැමෝම විජලනය වෙච්ච පළියට.
  • හේතුව බැලුවා ම 80%ක බ්ලොක්ස් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු සඳහන් කළේ, එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ ට ඇති බවය.

"ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒකට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා. එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි."

''80%ක බ්ලොක්ස් තියෙනවා'' - කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව 'බීබීසී සිංහල' කළ විමසා බැලීමකදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙසේ පවසා ඇත.

"මම මුල් ම දවසෙත් කිව්වා දවස් තුන හතරක් ඉන්න වෙනවා කියලා එයාට ICU එකේ. එතකොට මම කිව්වා උසාවි යන්න වෙන එක කරන්න විදිහක් නැති වේවි කියලා. ඉතින් දැන් ඒක එහෙමම වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුණේ ඒක,"

රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා;

"එතකොට මේ සංකූලතා ඇති වෙන්නේ නැහැනේ හැමෝම විජලනය වෙච්ච පළියට. හේතුව බැලුවා ම 80%ක බ්ලොක්ස් තියෙනවා. අපි දීර්ඝව විස්තර කරන්න හොඳ නැහැ ශරීර සෞඛ්‍යය ගැන.

ඒ දුර්වලතා නිසා ඔහු දැඩිසත්කාර ඒකකයේ ඉන්නවා. විජලන තත්ත්වයෙන් මිදීමට දවස් තුන හතරක් යාවි කියලා මම මුලදී ම කිව්වා. ඒ වගේ ම ඒ තත්ත්වය පහව ගියාට පස්සේ, ඔහුට දැන් ඇප ලැබිලා හින්දා ඔහුට පුළුවන්කම තියෙනවා ශල්‍යකර්මයකට යොමු වෙන්න සැලසුම් කරලා."

''බයිපාස් හෝ ස්ටෙන්ට් සැත්කමකට" භාජනය විය යුතුයි''

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, හිටපු ජනාධිපතිවරයා "බයිපාස් හෝ ස්ටෙන්ට් සැත්කමකට" භාජනය විය යුතු බව යි.

"එතකොට ඔහුට ඉක්මන් සැත්කමක් කළ යුතුයි. ඒකට ඔහුට, දැන් ඇප ලැබිලා හින්දා කැමති රෝහලක් තෝරා ගත හැකියි. මගේ පෞද්ගලික මතය ඔහුව කෙලින් ම පෞද්ගලික රෝහලකට ගිහිල්ලා සැත්කමකට භාජනය වුණා නම් හරි.

මොකද අපේ සැත්කමක් කරනවා නම් අවුරුදු 3ක පොරොත්තු ලේඛනයක සිටීමට ඔහුට සිද්ධ වෙනවා [බයිපාස් සැත්කමක් සඳහා]. ඇන්ජියෝ ස්ටෙන්ටින් එකක් කරන්න අවුරුදු එකහමාරක් වගේ ඉන්න සිද්ධ වෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.




අධිකරණයේදී හෙළිවූ රෝගී තත්ත්වය ;

ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපතිවරයා විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඊයේ (26) අධිකරණයේදී හෙළි විය.

ඒ, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න ඉදිරිපත් කළ කරුණු අනුව යි.

පොදු දේපල පනත ප්‍රකාරව සැකකාර රනිල් වික්‍රමසිංහට ඇප ලබාගැනීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

 'හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක්ම අවහිරවෙලා' - ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න

" ස්වාමිනි මාගේ සේවාදායකයාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මම පැහැදිලි කරන්න කැමතියි. ඔහුගේ හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක්ම අවහිරවෙලා. සැත්කමක් කරන්න බැහැ හෘදයට ළඟ නිසා. මොහුට නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් තියෙනවා. නින්දෙන් හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් තියෙනවා. සමහරවිට විනාඩි 2ක් - 3ක් සිරවී තිබෙනවා. මේ තත්ත්වය තේරුම්ගන්න පුළුවන් ගොරවන සද්දය අනුවයි. ඒක තේරුම්ගන්න පළපුරුදු කෙනෙක් ඉන්න ඕනේ. මොහුගේ බිරිඳව එකට පුරුදු කරලා තියෙන්නේ. මේ තත්ත්වය මත මොහු නිදාගද්දි CPAP නම් මැෂින් එකකට සම්බන්ධ කරනවා. මේක නොමැති වුනොත් හෘදය නැවතීමට පවා පුළුවන්.

මොහුට පෙනහළු ආසාදනයක් තියෙනවා. ශරීරයේ සෝඩියම් අඩුයි. අධි රුධීර පීඩනය, කැරකිල්ල තියෙනවා. ක්ෂණික හෘදයාබාදයක් එමේ සම්භාවිතාවක් තියෙනවා. අග්න්‍යාශයේ උඩ කොටසේ ආසාදනයක්. මේ සියලු රෝගී තත්ත්වයන් මත ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩුවෙලා තියෙන්නේ. ස්වාමිනි කෙටියෙන් කිව්වොත් මොහුට තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ ටික තියෙනවා. රනිල් වික්‍රමසිංහ නැමැති මගේ සේවාදායකයා ඉන්නේ බලවත් ජීවිත අවදානමක. එබැවින් තත්ත්වය සුවිශේෂි කරුණු ලෙස සලකා මොහු ඇප මත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා. "

''මේ කියන විදිහට මේ සැකකරු නව අනූවක් ව්‍යාධි තියෙනවා'' - අතිරේක සොලිසිටර් ජනරාල්

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

" ස්වාමිනි, මේ කියන විදිහට මේ සැකකරු නව අනූවක් ව්‍යාධි තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද ඔච්චර දේශපාලඥයින් බලන්න යන්නේ. ඔහොම තියෙද්දිද පසුගිය නඩුවාරයේ ඉන්දියාවේ යන්න ඉල්ලුවේ. මගේ උගත් මිත්‍රයාම කියනවා තමන්ගේ සේවාදායකයා ලෙඩ ගණන් ගන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි අනුජ ගණන් ගන්නේ. අනික අපි රිමාන්ඩ් කරපුවාම තමයි මොහුගේ ලෙඩ දැනගෙන තියෙන්නේ. මේ බහුතරයක් වෛද්‍ය වාර්තා අරගෙන තියෙන්නේ ඊයේ. අනික පෞද්ගලික රෝහල්වලින්. මේවා කොහොමද අධිකරණය මේවා පිළිගන්නේ. අනික ඔය රෝගවලට ජාතික රෝහලේ ප්‍රතිකාර කරන්න බැහැ කියලා කිව්වෙත් නැහැ. එබැවින් මා ඉල්ලා සිටිනවා අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් විධිමත් වාර්තාවක් කැඳවන්න කියලා.

පසුගිය නඩුවාරයේ ඉදිරිපත් කළාට වඩා කිසිදු සුවිශේෂි කරුණක් අද ඉදිරිපත් වෙලා නැහැ. නීතිඥවරුන් මාරුවෙලා විතරයි. එබැවින් ඇප ප්‍රතික්ෂේප කර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. "

මහේස්ත්‍රාත් වරියගේ තීන්දුව ;

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර සිය නියෝගය ප්‍රකාශයට පත් කළාය.

" අද දිනයේ අධිකරණයට ලබාදීමට තිබෙන්නේ අගෝස්තු 22 ලබාදුන් නියෝගයේ දිගුවක්. එදින සැකකරු සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂි කරුණු දැක්වීම් වූ රෝගී තත්‍ත්වයන් පිළිබඳ ඉදිරිපත් කර තිබුණේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් පමණයි. නමුත් අද දිනයේ විත්තියේ නීතිඥයින් 2016 සහ 2017 වර්ෂවල විදේශීය රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා සහ මෑතකදී පෞද්ගලික රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක් විසින්ද අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාවල සත්‍යතාවය අධිකරණයට මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි අතර වෛද්‍යවරුන් ඒවා වගකීමෙන් නිකුත් කර ඇති බව අධිකරණය විශ්වාස කරනවා. ඒ අනුව සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි. "


රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ  (26) නියම කළ ද හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...