The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

හිටපු ජනපතිලා ලබන මාසේ නිල නිවාසවලින් දොට්ට - ජනපති සහතික වේ

T

The Leader Desk

August 27, 2025 • 6:03 AM

හිටපු ජනපතිලා ලබන මාසේ නිල නිවාසවලින් දොට්ට - ජනපති සහතික වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “නීතිය සැමට සමාන බව අප පවසන විට ඔවුන් මෙතරම් දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයි?
  • ඒ ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන්ට අපරාධකරුවන් බව පවසන නිසා,” යයි පැවසු ජනාධිපතිවරයා කියා සිටියේය.
  • මහජන ධනය හොරකම් කරන සහ නාස්ති කරන දේශපාලන සංස්කෘතිය අවසන් කරන බව පැවසී ජනාධිපතිවරයා, ඒ සදහා ගත් පියවර ආපසු හරවන්නේ නැති බව ද අවධාරණය කළේය.
  • ජනාධිපතිවරයා එම කාරණා සඳහන් කර සිටියේ ඊයේ (26) කොළඹදී පැවති භික්ෂු දින සැමරුමට එක්වෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


“නීතිය සැමට සමාන බව අප පවසන විට ඔවුන් මෙතරම් දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයි? ඒ ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන්ට අපරාධකරුවන් බව පවසන නිසා,” යයි පැවසු ජනාධිපතිවරයා කියා සිටියේය.

මහජන ධනය හොරකම් කරන සහ නාස්ති කරන දේශපාලන සංස්කෘතිය අවසන් කරන බව පැවසී ජනාධිපතිවරයා, ඒ සදහා ගත් පියවර ආපසු හරවන්නේ නැති බව ද අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එම කාරණා සඳහන් කර සිටියේ ඊයේ (26) කොළඹදී පැවති භික්ෂු දින සැමරුමට එක්වෙමිනි.

වගවීම ශක්තිමත් කිරීම සහ යුක්තිය සහතික කිරීම සඳහා වන පුළුල් උත්සාහයක කොටසක් ලෙස මෙම ගන්නා පියවර බවත්, තමන්ගේ පරිපාලනය යටතේ කිසිදු පුද්ගලයකු නීතියට ඉහළින් නොසිටින බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

සැප්තැම්බර් මාසයේ සිට නව නීති සම්මත වූ පසු, හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබාදුන් සියලුම නිවාස රජය විසින් ආපසු ලබා ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයෙකු විශ්‍රාම යෑමෙන් පසු හිමිවන නිවසක අයිතිය ලබාදීමේ ක්‍රියාපටිපාටියේදී නීතියෙන් සීමාවක් තිබිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව සැප්තැම්බර් මස පළමු සතියේදී එම නීතියේ සීමාව නීතියෙන්ම වෙනස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.


v ncxvvv





සබැඳි පුවතක් :

අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිටපු ජනපතිලා ලබන මාසේ නිල නිවාසවලින් දොට්ට - ජනපති සහතික වේ | The Leader