The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

ජනාධිපති ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කරන්න යනදේ මෙන්න ?

T

The Leader Desk

August 27, 2025 • 9:47 AM

ජනාධිපති ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කරන්න යනදේ මෙන්න ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනි.
  • ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබා දෙන විදෙස් පුහුණුවීම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර එම පුහුණුවීම් අනෙකුත් රාජ්‍ය අංශවල නිලධාරීන්ට ලබා දෙන පුහුණුවීම්වලට වඩා සුවිශේෂී බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
  • කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් වැඩි සේවාවක් යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනි.

විදෙස් පුහුණුවීම් පිළිබඳව විශේෂ අවධානය

ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදනවලින් එක් එක් අංශ විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව ද මෙහි දී විමසා බැලිණි.

ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබා දෙන විදෙස් පුහුණුවීම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර එම පුහුණුවීම් අනෙකුත් රාජ්‍ය අංශවල නිලධාරීන්ට ලබා දෙන පුහුණුවීම්වලට වඩා සුවිශේෂී බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොතලාවල  ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් වැඩි සේවාවක්

යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

 එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙනුවෙන් දැනටමත් රජය විශාල පිරිවැයක් දරන බැවින් ඉන් ලබා දෙන සේවාව තවදුරටත් වඩා කාර්යක්ෂම සහ ඵලදායීව මහජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අවධාරණය කළ ජනාධිපතිවයා ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ඉදිකිරීම්, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේ ය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. සම්පත් තුයියකොන්තා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර ද,  ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 
 
 
army department 8.26 1
army department 8.26 2
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...