The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

හත්වැනි සමූහ සුසානය අවට භුමියේ ස්කෑන් පරීක්ෂාවකට උසාවි නියෝග

T

The Leader Desk

August 27, 2025 • 2:27 PM

හත්වැනි සමූහ සුසානය අවට භුමියේ ස්කෑන් පරීක්ෂාවකට උසාවි නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතීද යන්න සොයා බැලීම සදහා භුමිය ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති GPR ස්කෑනිං යන්ත්‍රය භාවිතයෙන්, තවත් මිනිස් අස්ථි කොටස් ඒ ප්‍රදේශයේ තිබෙනවාද කියලා සොයා බැලීමට ස්කෑන් පරීක්ෂාවක් කිරීම සදහා තමයි ඒ යෝජිත අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ.
  • " භුමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීම සදහා යෝජිත අයවැයට පළාත් මහාධිකරණයේ අවසර ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව නීතිඥයා එහිදී වැඩි දුරටත් සදහන් කළේය.
  • "යෝජිත අයවැය මූතුර් අධිකරණයේ නියෝගය සමඟ පළාත් මහාධිකරණයට යවා එයට අවසර ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිතයි." මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව යළි විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ 2025 සැප්තැම්බර් මස 2 වැනි දිනයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පවතීද යන්න සොයා බැලීම සදහා භුමිය ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට අධිකරණය  තීරණය කර තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළෙන් මිනිස් අස්ථි හමුවීමට අදාල නඩුව අගෝස්තු 26 වැනි අගහරුවාදා මුතුර් අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥ එම්.එම් නස්ලිම් මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ එම ස්ථානයේ  භූගත රේඩාර් සෝදිසියක් වෙනුවෙන් වියදම් ඇස්තමේන්තුවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලද බවයි.

"අධිකරණ වෛද්‍ය නිලධාරී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අත්සන් කරන ලද යෝජිත අයවැයක් අද අධිකරණයට ඉදිරිපත් කරා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති GPR ස්කෑනිං යන්ත්‍රය භාවිතයෙන්, තවත් මිනිස් අස්ථි කොටස් ඒ ප්‍රදේශයේ තිබෙනවාද කියලා සොයා බැලීමට ස්කෑන් පරීක්ෂාවක්  කිරීම සදහා තමයි ඒ යෝජිත අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. "

භුමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීම සදහා යෝජිත අයවැයට පළාත් මහාධිකරණයේ අවසර ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව නීතිඥයා එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

"යෝජිත අයවැය මූතුර් අධිකරණයේ නියෝගය සමඟ පළාත් මහාධිකරණයට යවා එයට අවසර ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිතයි."

මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව යළි විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ 2025 සැප්තැම්බර් මස 2 වැනි දිනයි.


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට හිස් කබලක් ඇතුලු ඇටකටු මුල්ම වරට හමුව තිබුනේ ජුලි 20 වැනි දිනයි.


මුතුර් ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව අගෝස්තු 6 වැනි බදාදා  H M තස්නීම් ෆවුසාන් මුතූර් මහේස්ත්‍රාත්වරියට දැනුම් දී තිබුනේ මිනිස් අස්ථි හමුවු භුමිය රජයේ ඉඩමක් බවත්, එහි විධිමත් සුසාන භූමියක් මීට පෙර  පැවැති බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැති බවයි.

සාම්පුර් වෙරලින් ඇටකටු හමුවූ පිරිමි තිදෙනාගේ මරණය ස්වාභාවික හේතුවකින් සිදුවූ බව නිගමනය කිරීම අපහසු බව අධිකරණ වෛද්‍ය නිලධාරි වෝහාරික විශේෂඥ නිර්මාල් බෝරුක්ගම එදින  උසාවියට දැනුම් දී  තිබුනි.

ඔවුන්ගේ වයස් සීමාවන්ද අධිකරණයට දැන්වු අධිකරණ වෛද්‍ය නිලධාරීයා තව දුරටත්  අවධාරණය කර තිබුනේ  ඒ අතරින් දෙදෙනකුගේ අස්ථි එකට හමුව ඇති හෙයින් එම මරණ ස්වාභාවික හේතුවකින් සිදුවූ බවට  නිගමනය කිරීම අපහසු බවයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට ජුලි 20 වැනි අහඹු ලෙස හිස් කබලක් ඇතුලු ඇටකටු මුල්ම වරට හමුවු  ස්ථානය පිහිටා ඇත්තේ සාම්පුර් පොලිස් බල ප්‍රදේශයේ ළමා උද්‍යානය සමීපයේය.


1990 ජූලි 7 වැනි දින ශ්‍රී ලංකා හමුදා විසින් සාම්පුර් ප්‍රදේශයේ සිවිල් වැසියන් අවම වශයෙන් 57 දෙනකු වෙඩි තබා, කපා කොටා පුළුස්සා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඝාතනයට ලක් වුවන් අනුස්මරණය වෙනුවෙන් ගම්වැසියන් ස්ථාපිත කළ ස්මාරකයේ සිට මීටර් 50 ක් පමණ නුදුරින් මෙම අස්ථි හමුවී ඇති බව ගම්වාසීහු පවසති.

 

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හත්වැනි සමූහ සුසානය අවට භුමියේ ස්කෑන් පරීක්ෂාවකට උසාවි නියෝග | The Leader