The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

රනිල් ගේ නිදහස වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතියි...! - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 27, 2025 • 3:24 PM

රනිල් ගේ නිදහස වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතියි...! - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාට ම සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • ඔහු මෙම ප්‍රකාශය කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුවේදී ය.
  • මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ නායකයින් ප්‍රකාශ කර සිටියේ විරෝධතාවට එක් වූ පිරිස් බිය ගැන්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෙදූ බව යි.
  • එමෙන් ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ව නම් කරනු ලැබී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාට ම සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම ප්‍රකාශය කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුවේදී ය.

තර්ජනයකට ලක්වන පිරිස් සඳහා වහාම නීති ආධාර

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ ඒකාබද්ධ අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ නායකයින් ප්‍රකාශ කර සිටියේ විරෝධතාවට එක් වූ පිරිස් බිය ගැන්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෙදූ බව යි.

එවැනි තර්ජනයකට ලක්වන පිරිස් සඳහා වහාම නීති ආධාර ලබා දීමට නීතිඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළේ ය. ඒ අනුව එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම  වීරක්කොඩි නම් කරනු ලැබීය.

එමෙන් ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ව නම් කරනු ලැබී ය.

bncvbfvv

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...