The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක්

T

The Leader Desk

August 27, 2025 • 3:59 PM

 ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටයුතු කළ යුතු යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පැවසී ය.
  • ඔබ අද ලබන හදිසි මරණ පරීක්ෂණ තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් හා යුතුකමක් බව අවබෝධ කර ගත යුතුයි.
  • හදිසි මරණයක් සිදු වු පසු ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබාගන්නා බවට පැමිණිලි ලැබී තිබෙනවා.
  • ඔබ එසේ නොකරන බව අප විශ්වාස කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු කළ යුතු යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද ( 27) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේ පැවති, 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 108 වගන්තියෙන් අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

 

තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක්

''ඔබ මේ සේවය ගරු සේවයක් වශයෙන් සැලකිය යුතුයි. ජනතාවගෙන් බැණුම් නොඅසන කිසිම සේවයක් මේ රටේ නැහැ. නාස්තිය, වංචාව  සහ දුෂණය ජනතාවගේ හැගීම්වලට සවන් නොදීම ඊට හේතුවයි. ඔබගේ ගෞරවණිය සේවය කොතරම් ගෞරවණිය ද යන්න සළකා බැලිය යුතුයි.


මේ රජයට වගකීමක් තියෙනවා නැවත වතාවක් අධිකරණයේ විශ්වාසය ගොඩනගන්න, නීතිපතිවරයාගේ විශ්වාසය ගොඩනගන්න අමාත්‍යාංශවල විශ්වාසය ගොඩ නගන්න කැපවීමට සිදුවෙලා. ඔබ අද ලබන හදිසි මරණ පරීක්ෂණ තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් හා යුතුකමක් බව අවබෝධ කර ගත යුතුයි.


ඔබගේ සේවයට ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. තමන්ගේ කෙනෙක් මරණයට පත් වු පසු එම දේහය කඩිනමින් ලබා ගැනීම කම්පනයට පත්ව සිටින ඥාතීන්ගේ අරමුණ බැවින් ජනතාව හදිසි මරණ පරීක්ෂකවරුන්ට මුදල් ලබාදීම සිදු කරනවා. කෙනෙක් මරණයට පත්වු පසු ඔවුන්ගේ ඥාතීන් සිටින කම්පනය තේරුම් ගෙන කටයුතු කරන්න.

හදිසි මරණයක් සිදු වු පසු ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබාගන්නා බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඔබ එසේ නොකරන බව අප විශ්වාස කරනවා. තම ඥාතියෙකුගේ මරණයෙන් කම්පනයට පත් ජනතාව පත්ව සිටින තත්වය තේරුම් ගනිමින් සේවය ලබාදීම සිදු කළ යුතුයි.

තම සේවය හැගීමෙන් සිදු කරන්න

අවංක සමාජ සේවකයෙකු ලෙස කටයුතු කිරීම තුළින් ඔබගේ වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගත හැකියි. අල්ලස් ගැනීමෙන් තොර හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. තමන්ගේ වෘත්තිය ගරුත්වය මෙන්ම අන් අයගේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් කටයුතු කළ යුතුයි. හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා.

මේ රට දේශපාලඥයින්ට අයිති රටක් නොවෙයි. මේ රට අයිති ජනතාවටයි. ඒ නිසා තම සේවය හැගීමෙන් සිදු කරන්න. එවිට නිසි සේවාවක් ලබාදීමේ හැකියාව තිබෙනවා. ප්‍රතිලාභයකින් තොර මහජන සේවය පිණිස මරණ පරීක්ෂකවරුන් කරනු ලබන සේවය අගය කරනවා."

xfgeryhggh

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...