The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව වෙනුවෙන් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සවියක්

T

The Leader Desk

August 27, 2025 • 4:11 PM

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව වෙනුවෙන් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සවියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වලකමක් වූයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීම යි; එවැනි තත්වයක දී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි.
  • ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුදල් යොදා ගනිමින් ධාරිත්‍රික සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
  • තව ද පසුගිය 2025-08-21 දින පාර්ලිමේන්තුවේදී පැන නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්නාගෙන යාම සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස අමාත්‍යවරයා මෙම කරුණද ඉදිරිපත් කළ බව සඳහන් කළ යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වලකමක් වූයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීම යි; එවැනි තත්වයක දී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ'නිසා සැලකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදු වේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ගේ උපදෙස් අනුව තාක්ෂණික වශයෙන් යෝග්‍ය විසඳුමක් සොයා බැලීම පිණිස කමිටුවක් පත්කළ අතර එකී කමිටුව විසින් අත්‍යවශ්‍යය පද්ධති සඳහා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කළ හැකි සහ නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලිබල සැපයුමක් හඳුන්වාදීම සුදුසු බව යෝජනා කරන ලදී.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුදල් යොදා ගනිමින් ධාරිත්‍රික සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

තව ද පසුගිය 2025-08-21 දින පාර්ලිමේන්තුවේදී පැන නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්නාගෙන යාම සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස අමාත්‍යවරයා මෙම කරුණද ඉදිරිපත් කළ බව සඳහන් කළ යුතු ය.

(සටහන | ශාන් මොහොමඩ්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...