අවදානමක් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ අදාළ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ සඳහන් වන ආකාරයට දීර්ඝ කාලයක සිට රත්නපුර ශික්ෂණ රෝහලේ වත්මන් අධ්‍යක්ෂවරයාගේ අනීතික සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන්, රෝහලේ රෝගී සත්කාර කටයුතු දිනෙන් දින අඩාල වෙමින් පැවති බැවින් සහ දැනට ද පවතින බැවින් ඉදිරි කාලය තුළ දී පූර්ණ ලෙස වුව ද එම ලෝහලේ කටයුතු ඇන හිටීමේ අවදානමකට පවතී.
දීර්ඝ කාලයක් පුරා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ශාඛා සංගමය මගින්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇත.
මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් දිගින් දිගටම දැනුවත් කරමින් නිසි ක්‍රමවේදයන් ඔස්සේ එම අධ්‍යක්ෂකවරයාට එරෙහිව විනය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලීම් කර තිබුණ ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින්ගේ පාර්ශවයෙන් තවමත් ඒ සදහා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතැයි ඒම නිවේදනයේ සඳහන් වේ.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.




