The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

'රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා' - ඇමති ලාල්කාන්ත

T

The Leader Desk

August 28, 2025 • 4:37 AM

'රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා' - ඇමති ලාල්කාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, හිටපු ජනාධිපතිට ඇති රෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ඇත්ත යැයි පිළිගත් නිසා, අධිකරණය විසින් ඇප ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.
  • එම රෝග වාර්තා දෙස බැලීමේදී, හිටපු ජනාධිපතිට අනාගතයේ යම් දේශපාලන බලාපොරොත්තුවක් පැවතුණා නම්, එය නීතිඥවරුන් විසින් සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමූ’ බවද, ඔහු ජීවිත කාලයටම ඇඳක් මත සිටිය යුතු පුද්ගලයෙක් බවට පත් කළ බවද ඇමති කේ.ඩී ලාල්කාන්ත පැවසිය.
  • මේ හේතුවෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් විපක්ෂය පිහිටුවීමට සූදානම් වූ ‘ඒකාබද්ධ විපක්ෂය’ ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
  • ''නඩු පවරන්නේ තහවුරු කළ හැකි සාක්ෂි සහිත සිද්ධීන්වලට'' නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරන්නේ තහවුරු කළ හැකි සාක්ෂි සහිත සිද්ධීන්වලට අදාල පුද්ගලයින්ට පමණක් බව ද ඇමති ලාල්කාන්ත අවධාරණය කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, හිටපු ජනාධිපතිට ඇති රෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ඇත්ත යැයි පිළිගත් නිසා, අධිකරණය විසින් ඇප ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

එම රෝග වාර්තා දෙස බැලීමේදී, හිටපු ජනාධිපතිට අනාගතයේ යම් දේශපාලන බලාපොරොත්තුවක් පැවතුණා නම්, එය නීතිඥවරුන් විසින් සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමූ’ බවද, ඔහු ජීවිත කාලයටම ඇඳක් මත සිටිය යුතු පුද්ගලයෙක් බවට පත් කළ බවද ඇමති කේ.ඩී ලාල්කාන්ත පැවසිය.

මේ හේතුවෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් විපක්ෂය පිහිටුවීමට සූදානම් වූ ‘ඒකාබද්ධ විපක්ෂය’ ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

''නඩු පවරන්නේ තහවුරු කළ හැකි සාක්ෂි සහිත සිද්ධීන්වලට''

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරන්නේ තහවුරු කළ හැකි සාක්ෂි සහිත සිද්ධීන්වලට අදාල පුද්ගලයින්ට පමණක් බව ද ඇමති ලාල්කාන්ත අවධාරණය කර සිටියේය.

චෝදනා එල්ල වී සිටින ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම සහ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට බලපා ඇති හේතු මොනවාදැයි මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එබව සඳහන් කළේය.





''රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි'' - ඇමති විජිත හේරත්

මේ අතර විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් කොළඹදී ඊයේ (27) පැවසුයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බවයි.

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින් උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය.

“ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒවා අපි ඉතිහාසයේ දැක්කා. විසිවන සංශෝධනය සහ ඉන් පසු ඇති කරන ලද සංශෝධනයන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයන් දක්වා ගෙනයාමේ අරමුණු ඉලක්ක කර ගනිමින් වෙච්ච දේවල්. මේකෙ එවැනි දෙයක් නෙමෙයි.

මෙවැනි සිදුවීම් ගණනාවක් මේ දිනවල සිදුවනවා. රජයේ නිලධාරීන් දේශපාලනඥයන්ට කියලා තරාතිරම නැහැ. සැමට නිතිය සමානයි.  දැනට රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරන අයත් මෙවැනි චෝදනාවලට ලක්වෙච්ච අයටත් අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. එහෙම නැතුව ඊට අමතර කිසි දෙයක් මෙතන නැහැ. ''


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...