The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි

T

The Leader Desk

August 28, 2025 • 5:22 AM

සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි දී ශ්‍රී ලංකාවේ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවයන් සහ මතුවන අභියෝගවලට විසඳුම් ලබා දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට සහ සිවිල් සමාජයට අවශ්‍ය තීරණාත්මක සාක්ෂි සහ ප්‍රතිපත්ති නිර්දේශ සපයන සුවිශේෂී වාර්තා හතරක් නිල වශයෙන් අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්විණි.
  • ''සෑම කාන්තාවක් ම සහ ගැහැනු ළමයෙකුට ම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත් වීමට හැකි වටපිටාවක් ගොඩ නැගීම තුළින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දීමට හැකි වන පරිදි අවස්ථාව ලබා දිය යුතුයි.
  • කාන්තාවන් මත අසමාන ලෙස පැටවෙන වැටුප් නොගෙවන සත්කාරක සේවා පිළිබඳව විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් සංවිධානය කරන ලද "ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුළින් ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීම, දැනුම තුළින් රටේ ප්‍රගතිය වේගවත් කිරීම" මැයෙන් අගෝස්තු 27වන දා ගාලුමුවදොර හෝටලයේ පැවැති ප්‍රතිපත්ති හා පර්යේෂණ සමුළුව අමතමිනි.

මෙහි දී ශ්‍රී ලංකාවේ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවයන් සහ මතුවන අභියෝගවලට විසඳුම් ලබා දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට සහ සිවිල් සමාජයට අවශ්‍ය තීරණාත්මක සාක්ෂි සහ ප්‍රතිපත්ති නිර්දේශ සපයන සුවිශේෂී වාර්තා හතරක් නිල වශයෙන් අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්විණි. මෙම වාර්තා මගින් වඩාත් සාධාරණ හා සමාන සමාජයක් නිර්මාණය කිරීම සඳහා මග පෙන්වීමක් අපේක්ෂා කෙරේ.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

''සෑම කාන්තාවක් ම සහ ගැහැනු ළමයෙකුට ම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත් වීමට හැකි වටපිටාවක් ගොඩ නැගීම තුළින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දීමට හැකි වන පරිදි අවස්ථාව ලබා දිය යුතුයි. එය ළඟා කරගත් විට මුළු රටට ම ඉදිරියට යා හැකියි. කාන්තාවන් මත අසමාන ලෙස පැටවෙන වැටුප් නොගෙවන   සත්කාරක සේවා පිළිබඳව විශේෂයෙන් අපේ අවධානය යොමු  කරන්න අවශ්‍යයි.  කාන්තාවන්ගේ රැකියා සහ සත්කාරක සේවා සමබර කරගෙන  ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම ජාතික ප්‍රගතියට අත්‍යවශ්‍යයි.''

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත Kunle Adeniyi, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නලින් අබේසිංහ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 H UNPFA 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...