ඔහු මෙම කරුණු හෙළි කළේ ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ මෙම ඒකකයට අවශ්‍ය උපකරණ කිසිවක් සවි කිරිමට රෝහල් අධ්‍යක්ෂකවරයා කටයුතු නොකිරීම බවයි.
මෙම තත්ත්වය ඇතුළු රෝහල් අධ්‍යක්ෂවරයාගේ තවත් බොහෝ අත්තනෝමතික ක්‍රියාකලාපය පසුබිම් කරගෙන අද (28) සිට රත්නපුර රෝහලෙහි වෛද්‍යවරු සියලු දෙනා ම සංකේත වැඩ වර්ජනයක නියැළීමට කටයුතු කරන බව ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ රත්නපුර රෝහල් අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් බිඳවැටීමේ අවදානමක් පවතින බවයි.
මෙම රෝහල් අධ්‍යක්ෂවරයා පිළිබඳ විවිධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් රොහලේ වෛද්‍යවරුන්ගෙන් මෙන් ම ප්‍රදේශවාසීන්ගෙන් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලැබුණු බවත්, සංගමය විසින් ඒම පැමිණිලි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ ද ඔවුන් නෑසූකන්ව සිටින බව ද වෛද්‍ය හංසමාල් වීරසූරිය අවධාරණය කළේ ය.
සබැඳි පුවතක් :
රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ අවදානමක් !




