The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

‘අලුත් රේගු ලොක්කා කන්ටේනර් තුන්සියයේ සිද්ධියට ගෑවිලා’ - මුජිබර් යළිත් වටයකින් 'කන්ටේනර් සටන' පටන් ගනී!

T

The Leader Desk

August 28, 2025 • 7:05 AM

‘අලුත් රේගු ලොක්කා කන්ටේනර් තුන්සියයේ සිද්ධියට ගෑවිලා’ - මුජිබර් යළිත් වටයකින් 'කන්ටේනර් සටන' පටන් ගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, රජයේ කටයුතු වල විනිවිදභාවය හා පාරිශුද්ධභාවය කුමක්ද?
  • එසේ ම, සීවලී අරුක්ගොඩට අල්ලස් හා දූෂණ කොමිසමේ ඔහු පිළිබඳව පැමිණිල්ලක් ද තිබෙන බවට රහුමාන් චෝදනා කරයි.
  • බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු වාර්තාවේ පිටු අංක 12 කරුණු ගෙනහැර දක්වමින්, කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (අගෝ.
  • මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා එම කාරනා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, රජයේ කටයුතු වල විනිවිදභාවය හා පාරිශුද්ධභාවය කුමක්ද? යන්නත් මන්ත්‍රිවරයා විමසා සිටියි.

එසේ ම, සීවලී අරුක්ගොඩට අල්ලස් හා දූෂණ කොමිසමේ ඔහු පිළිබඳව පැමිණිල්ලක් ද තිබෙන බවට රහුමාන් චෝදනා කරයි.

බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු වාර්තාවේ පිටු අංක 12 කරුණු ගෙනහැර දක්වමින්, කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (අගෝ. 27) මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා එම කාරනා සඳහන් කළේය.

ඔහු තව දුරටත් මෙසේ ද පැවසීය.

 

''කිසිම පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 309ක් නිදහස් කරපු සිද්ධියේ කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වූ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩව ජනාධිපතිතුමා දැන් රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට උසස් කරලා! එතුමාට අල්ලස් කොමිසමේ පැමිණිල්ලකුත් තියෙනවා!‌ මේවා කරන්නද මාලිමා ආණ්ඩුව ආවේ? කෝ විනිවිදභාවය? කෝ පාරිශුද්ධභාවය? ජනාධිපතිතුමා බණ කියනවා!''

 

‘‘බහලුම් 323 ක් අනිතිකව රේගුවෙන් පිටමන් කළ සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස රේගු වෘත්තිය සමිති සම්මේලය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළත් කරුණු දැක්වුවා. රේගු වෘත්තිය සමිති සම්මේලය කළ දැනුම් දීම අනුව ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව සොයන්න කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ කමිටුව මාස කිහිපයක් තුළ අදාල කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී තිබුණා.

ඒ අනුව මෙම බහලුම් 323 න් 309 ක් පරික්ෂාවකින් තොරව වරායෙන් පිටමන් කළ බවට කමිටුව විසින් දන්වා තිබෙනවා. එම බහලුම් 309 න් බහලුම් 159 ක් රතු නිවේදන නිකුත් කළ බහලුම් බව කමිටු වාර්තාව දන්වා තිබෙනවා. ඒ වගේම එම බහලුම් 159 භෞතිකව පරික්ෂාවට ලක්විය යුතු බවත් නමුත් එම බහලුම් තොගය කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් පිටමන් කර තිබෙන බව කමිටු වාර්තාවේ සඳහන් තිබෙනවා.

ඒ වගේම කහ නිවේදන නිකුත් කළ අනිවාර්යෙන් ස්කෑන් පරික්ෂාවට ලක්විය යුතු බහලුම් තොගයකුත් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කළ බවට කමිටු වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ වගේම බිමල් රත්නායක ඇමැතිවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන්න නියෝග අනුව රේගුවේ කමිටුව විසින් මෙම බහලුම් 309 නිදහස් කළ බවට ශ්‍රී ලංකා රේගුව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

 

ඒ වගේම බහලුම් 309 නිදහස් කිරිමේ අධීක්ෂණ කමිටුව තුළ අදාල කාර්යය භාර්යය ඉටු නොකර බහලුම් නිදහස් කිරිමේ කාර්යයක නිරත වුණ බවට බහලුම් 323 පිළිබඳව සොයා බැලිමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාට චෝදනා එල්ල කර තිබෙනවා. එලෙස චෝදනා එල්ල වුණ සීවලී අරුක්ගොඩ මහතාව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. සීවලී අරුක්ගොඩ මහතාට විරුද්ධව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් තිබෙනවා.

 

ජාතික ජනබලවේග ආණ්ඩුව වංචාවට දුෂණයට තිත තියන බව බලය ලබාගැනිමට පෙර ප්‍රකාශ කළා. ඒ වගේම සීවලී අරුක්ගොඩ මහතා එල්ලවන චෝදනා කිසිවකට විරුද්ධව පියවර ගැනිමට ආණ්ඩුව තවම කටයුතු කරලා නැහැ. වංචා දුෂණවලට චෝදනා එල්ල වුණ පුද්ගලයෙක්ද නැද්ද යන්න සොයා බලන්නේ නැතිව ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින් ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. ජනාධිපතිවරයාට හිතවත්නම් , ජනාධිපතිවරයාගේ පක්ෂයට හිතවත්නම් එම පුද්ගලයන්ට දුෂණ වංචා චෝදනා තිබුණාට කිසිදු ප්‍රශ්නයක් නැති බවයි මෙම සිද්ධියෙන් පෙනී යන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරුණු පිළිබඳව බලය ලබාගත්තාට පසුව අවධානය යොමු නොකර බවක් තමයි පෙනී යන්නේ. කෙසේ නමුත් වර්තමාන ජනාධිපතිවරයාත් පසුගිය ආණ්ඩුවල හිටපු ජනාධිපතිවරු වගේම තමයි කටයුතු කරන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒ වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බව ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරනවා. නමුත් චෝදනා එල්ල වන නිලධාරීන්ට ආණ්ඩුවේ ඉහළ තනතුරු පිරිනමන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා.

 

ඒ වගේම බහලුම් 309 ක් අනිතිකව රේගුවෙන් පිටමන් කිරීම සම්බන්ධයෙන් රටට සිදුවුණ පාඩුව පිලිබඳව තවම ගණනය කරලා නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ විරුද්ධවාදින් විදේශ රටවලට ගිහිල්ලා වියදම් කරන මුදල් ප්‍රමාණයනම් ඉක්මනින් ගණනය කරලා රටට ඉදිරිපත් කරලා අධිකරණයට ගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවට හිතවත් පිරිස් සතුටු කරන්න පුලුවන් තින්දු තීරණ ගන්නවා. නමුත් අනිතිකව බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් නිකුත් වුණ වාර්තාවට අනුව එයින් සිදුවුණ පාඩුව පියවා ගන්න තවම ආණ්ඩුව කටයුතු කරලා නැහැ.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...