The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 'බදු අපරාධ විමර්ශන අංශය' නව ස්ථානයකට

T

The Leader Desk

August 28, 2025 • 9:41 AM

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 'බදු අපරාධ විමර්ශන අංශය' නව ස්ථානයකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම අපරාධ විමර්ශන අංශය නව ස්ථානයෙහි විවෘත කළේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු, ඉහළ කළමනාකාරිත්වයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික බදු පරිපාලන උපදේශක ග්‍රෙගරි ටොපින් ගේ සහභාගීත්වයෙනි.
  • මෙම අංශයේ ප්‍රධාන රාජකාරී කටයුතු වන්නේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ XVIII වන පරිච්ඡේදය යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් විමර්ශනය කර අපරාධ නඩු කටයුතු පවත්වාගෙන යාම වේ.
  • බදු අපරාධ සම්බන්ධයෙන් වන නඩු පවරා පවත්වා ගෙන යාම නීතිපතිවරයා විසින් සිදු කරන අතර, බදු ගෙවීම චේතාන්විතව මග හැරීම, බදු පරිපාලනයට බාධා කිරීම, අපරාධමය වරදක් කිරීමට ආධාර හා අනුබල ලබා දීම ආදී වැරදි ක්‍රියාවන් මෙමඟින් විශේෂයෙන්ම ආවරණය කරනු ඇත.
  • මේ වන විට නීති කටයුතු ගණනාවක් ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී එම අංශයේ රාජකාරි කටයුතු තවදුරටත් පුළුල් කොට ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම අපරාධ විමර්ශන අංශය නව ස්ථානයෙහි විවෘත කළේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු, ඉහළ කළමනාකාරිත්වයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික බදු පරිපාලන උපදේශක ග්‍රෙගරි ටොපින් ගේ සහභාගීත්වයෙනි.

එම අංශයේ ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙසේ කියා සිටී.

මෙම අංශයේ ප්‍රධාන රාජකාරී කටයුතු වන්නේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ XVIII වන පරිච්ඡේදය යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් විමර්ශනය කර අපරාධ නඩු කටයුතු පවත්වාගෙන යාම වේ. බදු අපරාධ සම්බන්ධයෙන් වන නඩු පවරා පවත්වා ගෙන යාම නීතිපතිවරයා විසින් සිදු කරන අතර, බදු ගෙවීම චේතාන්විතව මග හැරීම, බදු පරිපාලනයට බාධා කිරීම, අපරාධමය වරදක් කිරීමට ආධාර හා අනුබල ලබා දීම ආදී වැරදි ක්‍රියාවන් මෙමඟින් විශේෂයෙන්ම ආවරණය කරනු ඇත.

බදු අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, අපරාධ විමර්ශන කොට්ඨාශය, ශ්‍රී ලංකා රේගුව, සුරා බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ සමීප සම්බන්ධතාවන් සහිතව පවත්වා ගෙන යනු ලැබේ.

මේ වන විට නීති කටයුතු ගණනාවක් ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී එම අංශයේ රාජකාරි කටයුතු තවදුරටත් පුළුල් කොට ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...