ඔහු මෙම අදහස් පළ කළේ අද (28) මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...
ජනතාව බිය වද්දන පැළවත්තේ මහ මොළකරු
''මේ රටේ 8වන විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට එරෙහිව මේ රටේ ජනතාව එකාවන්ව පෙළගැසෙමින් පාරට පැමිණියා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට ඇප ලැබීමත් සමග රටේ බෙදී විසිරි සිටි සියලුම දෙනා එක්වීම රටේ භාග්‍යසම්පන්න කාලයක් උදාවීමේ සුබ ලකුණක් බව ද අපට දැන් පැහැදලිව පෙන්නුම් කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ යොදාගෙන මේ ආපු ජනතාව ඉලක්ක කරගෙන ඔවුන් බිය වැද්දීම සඳහා අද ආණ්ඩුවේ පැළවත්තේ මහ මොළකරු වන ටිල්වින් සිල්වා මහත්තයා අසාර්ථක උත්සහයක් දරමින් ඉන්නවා.
අද අපි දැක්කා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පත්වල පළවෙලා තිබුණා සංවිධානාත්මකව පිරිස රැගෙන ආ දේශපාලඥයින් විස්සකට වැඩි ප්‍රමාණයක් හඳුනා ගෙන සිටිනවා, බස්වලට සල්ලි ගෙවු පිරිස හඳුනාගෙන සිටිනවා කියලා. මේ වෙනවිට මේ රටේ දැවැන්ත අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. මාස දෙකෙන් පාතාලය මර්දනය කරනවා කිවු රටේ, ඊයේ රාත්‍රියේ දීත් පානදුර ප්‍රෙද්ශයේ පුද්ගලයෙක් ඝාතනය කරලා මරණයට පත් කරලා තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් හොයාගන්නවා තියා ඔවුන් ඉන්න තැනක් දැනගන්න වත් බැරි වෙන විදිහට ආණ්ඩුව අසරණ වෙලා තියෙනවා.
පාතාලය වර්ධනය වෙනවිට, කුඩු මත්ද්‍රව්‍ය ජාලය සීඝ්‍රෙයන් ව්‍යාප්ත වනවිට මේ දේවල් සිදු වෙන්නේ කොහොමද කියලා හොයාගන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. එහෙම අසමත් ආණ්ඩුවක් කියනවා සංවිධානාත්මකව පිරිස ගෙනාවාය, ඒ පිරිස හදුනාගෙන ඉන්නවාය ඔවුන් අත්අඩංගුවට ගන්නවාය කියලා.
ඒකාධිපතිවාදය බිඳහෙළනවා
මොකක්ද මේ ඔවුන් ප්‍රකාශ කරන්නේ? ආණ්ඩුව මේ ජනතා පිබිදීම, නැගීටීම ගැන බිය වෙලා ඉන්නේ. මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට විරුද්ධව ජනතාව එකාවන්ව එක්සිත්ව නැගි සිටියදී ඒ වෙනුවෙන් බයවෙලා ඉන්න ආණ්ඩුව පොලිස් මර්දනය යොදා ගනිමින් මේ ජනතාව අත්අඩංගුවට අරගෙන ජනතා නැගිටීම ආපස්සට හරවන්න හදන්නේ. ඒ නිසා අපි පැලවත්තට කියනවා අපි මර්දනවලට බය නෑ. ඕනෑම අභියෝග ජයගන්න අපි සුදානම් කියලා.
වගකීමෙන් කියනවා අපි දැනුවත්ව කිසිම කෙනෙක් බස්වලින් සෙනඟ ගෙනාවේ නෑ. මිනිස්සු ආවේ ස්වේඡාවෙන්, සිය කැමැත්තෙන්. ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට විරුද්ධව මිනිස්සු ආවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එසේම විදුලිය නැතිව මිනිස්සුන්ට කන්න නැතිව රට බංකොලොත් වෙලා සිටි කාලයක දී රට ඒ බංකොලොත් භාවයෙන් නිදහස් කර ගැනීමට කටයුතු කළ ඒ නායකයාට කෘතගුණ සැළකීමට. අනුර කුමාර දිසානායක මහත්තයෝ මොන තරම් බාධාක දැම්මත්, අත්අඩංගුවට ගත්තත්, අපි මේ අභියෝගවලට සැලෙන්නේ නෑ. මේ ගොඩනගා ගත් එකමුතු භාවය අපි අත්අරින්නේ නෑ කියලා බය නැතුව ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම අප විසින් මේ ගොඩනගාගත් සහයෝගය බිඳ ගන්නේ නැතිව ඒකාවන්ව එක්සේසත්ව ව්‍යවස්ථා ඒකාධිපතිවාදය බිඳහෙළිමට කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම වැඳ ඉල්ලා සිටිනවා.
විහිළු සැපයීම නවත්වන්න

රනිල් වික්‍රමසිංහ ජනපතිතුමන්ට චෝදනා ගොනුකලේ මේ රටේ 70/71 කාලවලදී සෑහෙන්න තරුණ සංහාරයක් සිදු කළ, 88/89 කාලවලදී බස් ගිනි තියලා, දේපළ විනාශ කරලා, පොලිසි ගිනි තියලා, උසාවි ගිනි තියලා, කර්මාන්ත ශාලා ගිනි තියලා මේ රට විනාශයට පත් කළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ වර්තමාන මාලිමා ආණ්ඩුවෙන්.
එදා ජනතා විමුක්ති පෙරමුණේ ලේ තැවරුණු දේශපාලන බලමණ්ඩලය නියෝජනය කරන වර්තමාන ආණ්ඩුවේ මාලිමා ආණ්ඩුවේ නායකයින් විසින් පොදු දේපළ පනත යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නඩු පැවරීම තරම් වෙන විහිළුවක් නෑ. මේක ෆ්‍රෙඩි සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේලා වැනි මහත්වරුන් සිදු කරන විහිළුවලටත් එහා ගිය ජාත්‍යන්තර විහිළුවක්.
ඒ නිසා මේ ආණ්ඩුවට අපි කියනවා දැන්වත් මේ විහිළු සපයන එක නවත්වන්න. ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්න එනවා ඒ වගේම ආණ්ඩුවේ පළමුවන අයවැය ලේඛනය කියවලා මාස 10 ක් ගත වෙනවා; ඒ කියන්නේ දෙවන අයවැය ලේඛනය කියවන්න තව තියෙන්නේ මාස දෙකයි. මේ කාලය තුළ ජනතාවට දුන් කිසිම පොරොන්දුවක්, බලාපොරොත්තුවක් මේ වෙනතෙක් ඉටු වී නෑ. සංවර්ධන කටයුතු කිසිවක් සිදු වෙලා නෑ. අධ්‍යාපන කේෂ්ත්‍රය වෙනුවෙන් වෙන් කළ මුදල් වෙනුවෙන් කිසිම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු වෙලා නෑ. සෞඛ්‍ය කේෂ්ත්‍රෙය් කිසිම දෙයක් සිදු වෙලා නෑ.
ඒ නිසා පළමු අයවැය ලේඛනය තුළින් දුන් බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වු මේ ආණ්ඩුව අද දෙවනි අයවැය ලේඛනයත් ඉදිරිපත් කරන්න සුදානම් වීම අපි හිතන්නේ මේ රටේ ජනතාව දෙවන වතාවටත් රවට්ටන්න සුදානම් වීමක් තමයි ආණ්ඩුව සිදු කරන්නේ කියලා. මේ දවස්වල ජනාධිපති කාර්යාලයට වෘත්තිය සමිති ආයතන ගෙනල්ලා ලහි ලිහියේ අයවැය ලේඛනයට අවශ්‍ය කරුණු ගොනු කර ගන්නවා. අපිට කියන්න තියෙන්නේ මේ ගොනාට ඇන්දවිම නවත්තලා ගිය අයවැය ලේඛනයෙන් පොරොන්දු වුන වැඩ ටික කරන්න කියලා ආණ්ඩුවට බොහොම වගකීමේන් කියනවා.
රනිල් අත් අඩංගුවට ගත් හේතුව
රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාව අත්අඩංගුවට ගැනීමත් සමග මේ ආණ්ඩුවේ පැහැදිලි බෙදීමක් තියෙනවා. එතුමාව අත්අඩංගුවට ගැනීම ගැන බොහොම සතුටු වුණේ 3% ජවිපෙ කණ්ඩායම. බහුතරය වුණ අගමැතිනිය ඇතුළු මාලිමා කණ්ඩායම එහෙම සද්දේ දැම්මෙත් නෑ, එහෙම කතා කලෙත් නෑ, මුනිවත රැක්කා. අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, බිමල් රත්නායක පසුගිය දිනවල උත්සහා කළේ බටලන්ද කොමිසන් වාර්තාව හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගන්නවා කියලා 3% ජවිපෙ කණ්ඩායමට බලාපොරොත්තුවක් දෙන්න. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න බැරිව කඩවුණු පොරොන්දුවක් බවට පත්වුණාට පස්සේ ඒ ජවිපෙ කාඩර්වරුන්ව උත්දීපනය කිරීම සඳහා කොමහරි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අත්අඩංගුවට ගත යුතුයි යන මතයේ පැළවත්තේ කට්ටිය හිටියා. අන්න ඒ නිසා පැළවත්තෙන් මේ සඳහා අවශ්‍ය පිඹුරු පත් සකස් වෙන්නේ.
මාලිමා පාක්ෂිකයන්ටත් දුන්නා පොරොන්දුවක් මහබැංකු වංචාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහ ජනපතිතුමා අත්අඩංගුවට ගන්නවා කියලා. ඒකත් කඩවුණු පොරොන්දුවක් වුණා. අන්න ඒ නිසා තමයි මාලිමා පක්ෂිකයින් දවස දවස ගානේ ඔවුන්ගෙන් වෙන්ව විපක්ෂයේ දේශපාලනයට එකතු වෙන්නේ. අන්න ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොහොමහරි අත්අඩංගුවට ගත යුතු නිසා රට සවාරියකට මුදල් අවභාවිතා කළා යැයි පවසලා අත්අඩංගුවට ගත්තේ. මේ තුළ මාලිමා පාක්ෂිකයෝ නිහඩයි, ජවිපෙ පාක්ෂිකයෝ උද්දීපනය වුණා.
ප්‍රබන්ධ සූරි ගේ ප්‍රබන්ධ කතා
රනිල් ජනපති අත්අඩංගුවට ගැනීම පිළිබඳව වැඩිම වශයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඉදිරියෙන්ම හිටියේ පැළවත්තේ ලොකු අයියා වෙච්ච ටිල්වින් සිල්වා යි, අනාගත මහලේකම් බිමල් රත්නායක මහතායි. පැහැදිලිව බිමල් රත්නායක මහතාගේ කතාවෙන් පෙන්නුම් කළේ අපිට මේ අවුරුදු 40 ක කාලසීමාවක් තුළ ඔහු සමග පැවැති පැරණි කොන්තරයක් පිරිමසා ගත් ආකාරය යි.
ඒ නිසා මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග බිමල් රත්නායකට හා ටිල්වින් සිල්වාට තිබුණු පැරණි කොන්තරයක් පිරිමසා ගැනීමක් බවයි පැහැදිලි වන්නේ. මේ අත්අඩංගුවට ගැනීම සමග මාලිමාවේ හරිනි මහත්මිය හා ජවිපෙ කණ්ඩායම අතර පැහැදිලි බෙදීමක් තියෙන බව පැහැදිලිව රටට ඔප්පු වෙලා ඉවරයි.
ඒ වගේම සාහිත්‍ය සූරී ශානි අබේසේකර මහත්තයා දිගින් දිගටම මේ රටේ බුද්ධි නිලධාරින් හා නාවික හමුදා නිලධාරින් දඩයම් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ රටේ යහපාලන ආණ්ඩුව කාලේ ශානි අබේසේකර කියන්නේ දේශපාලඥයන්ගේ ගෙවල්වල ගොස් වළන් හෝදන්න පටන් ගත්ත කෙනෙක්. ඒ නිසා එතුමාට මේ රාජ්‍ය නිලධාරියෙක් විදිහට මාලිමාවේ රැස්වීම් ඇමතු ජවිපෙ කාර්යාලයේ වැඩකරපු ශානි අබේසේකර මහත්තයා 3% ජවිපෙ කට්ටිය වෙනුවෙන් පැළවත්තේ කක්කුස්සිය වුනත් හෝදන්න ලෑස්තියි. ඒ නිසා එතුමා කොන්දේසි විරහිතව හමුදා නිලධාරින් දඩයම් කරන එක කරගෙන යනවා. දැන් ඒකේ උච්චතම අවස්ථාව තමා උළුගේතැන්න මැතිතුමා, කපිතාන් සුමිත් රණසිංහ මැතිතුමා, ජනක කෝසල කුමාර මැතිතුමා ඇතුළු ඒ රටට අමිල මෙහයක් කරපු ඒ බුද්ධි නිලධාරින් හා හමුදාපතිතුමන්ලාව අත්අඩංගුවට ගැනීම.
දැන් ඒකේ දී ප්‍රබන්ධ සූරි ශානි අබේසේකර මැතිතුමා මුලින්ම සාක්ෂි සෑදිම සඳහා යොදා ගත්තේ LTTසංවිධානයේ හිටපු පුනරුත්පාදනය වූ විජේකාන්තන් කියන පුද්ගලයා. 2018 01.22 දින එවකට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මැතිණිය ඉදිරියේ ප්‍රකාශයක් දෙනවා එතුමාව නාවික හමුදා බුද්ධි ඒකකයට බඳවා ගත් වෙලගෙදර මහත්තයා අනුව තමා ඔවු ඉදිරිපත් කළ ප්‍රකාශය සිදු කළේ කියලා. ඉන්පසු ප්‍රබන්ධ සූරි ශානි අබේසේකර මහත්තයා ගෙන්නේ ඊළඟ ඉත්තා විදිහට භාරතීව. ශානි අබේසේකර මහත්තයා ඇතුළු නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පියෙක් තමා භාරති කියන්නේ. ඒ අනුව උළුගේතැන්න මහත්තායේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන්නේ මේ භාරතිව.
ශාන්ත සමරවීර ගේ කතාව
ඊළඟට මෙයාලා උත්සහා කරනවා CI මහින්ද පුෂ්පකුමාරව යොදා ගෙන මේ රණවිරු දඩයම ඉදිරියට ගෙනියන්න. කවුද මේ CI මහින්ද පුෂ්පකුමාර කියන්නේ. 1990 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු, එදා සිට අද දක්වා ගෞරවාන්විත පොලිස් සේවයක් ඉටු කරන කීර්තිමත් පොලිස් නිලධාරියෙක්. දැන් මේ පොලිස් නිළධාරි CI මහින්ද පුෂ්පකුමාර මහත්තයාව අත්අඩංගුවට ගන්න එපා යැයි කියලා රිට් ආඥාවක් නිකුත් කරලා තියෙන්නේ. කවුද මේ අත්අඩංගුවට ගන්න හදන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්තයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉලංගසිංග මහත්තයා.
දැන් මේ CI මහින්ද පුෂ්පකුමාර මහතා අත්අඩංගුවට ගන්න හදන්නේ ඇයි කියලා ප්‍රකාශ කරන්නම්.
ඔහු තමා 2010 වර්ෂයේ අලව්ව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා. මේ අද ප්‍රශ්න ගත සිදුවීම වෙලා තියෙන්නේ කෑගල්ලේ පදිංචි ශාන්ත සමරවීරව අත්අඩංගුවට ගන්න අවස්ථාවේ අලව්ව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක විදිහට සේවය කරලා තියෙන්නේ CI මහින්ද පුෂ්පකුමාර මහත්තයා නිසා. බිය වැද්දීම්, මිනිමැරුම්, කප්පම් ගැනීම් වැනි අපරාධ රැසකට සැකකරුවකු වෙලා කෑගල්ල මහාධිකරණය මගහරින් වරෙන්තු දෙකක් ලබා සිටි ශාන්ත සමරවීර නාරම්මල නිවසක සැඟවී සිටින බවට අලව්ව පොලිස් ස්ථානයට ලද තොරතුර අනුව 2010 ජුලි මස 25 වනිදා ඔහු වහාම අත්අඩංගුවට ගන්නවා. එදා දවසේ ස්ථානාධිපතිව සිටින්නේ CI මහින්ද පුෂ්පකුමාර. මොහු අත්අඩංගුවේ පසුවෙද්දි එදිනම හවස 9.30 ට පැමිනෙනවා ශාන්ත සමරවීරගේ සහෝදරිය වුන ලලිතා ජයසිංහ සහ ශාන්ත සමරවීරගේ නීතිඥ චූල රංග ජීව අධිකාරි. ජුලි මස 26 වන දින දවල් 1.30 ට පමණ ශාන්ත සමරවීර කියනවා තදබල හිසේ අමාරුවක් තියෙනවා දරාගන්න අමාරුයි කියලා.
ඒ අනුව පොලිස් ස්ථානාධිපති මහින්ද පුෂ්පකුමාරගේ උපදෙස් මත, ශාන්ත පොලිස් කොස්තාපල් සෙනවිරත්න හා පොලිස් කොස්තාපල් ආනන්ද කියන දෙදෙනාගේ ආරක්ෂාව මැද සමරජීව අලව්ව රෝහලට ඇතුළත් කරනවා. එසේ සිටිය දී සවස 4.00 ට පමණ ඔහු පවසා සිටිනවා වැසිකිළි යායුතු බව. ඒ මුවාවෙන් ඔහු පැනයනවා. මෙලෙස පැන ගිය ශාන්ත සමරවීර ත්‍රිකුණාමලය ගැන්සයිට් කඳවුරේ සිටියාය යන කාරණය සම්බන්ධව තමයි උළුගේතැන්න මැතිතුමා, කපිතාන් සුමිත් රණසිංහ මැතිතුමා ඇතුළු මේ නාවික හමුදා කඳවුරේ නිලධාරින් බුද්ධි අංශ නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නේ.
පරීක්ෂණය නැවත එළියට ගත්තේ ඇයි...?
2010 ජුලි මස 26 වන දින මේ පැනගිය ශාන්ත සමරවීරගේ පරීක්ෂණය පවත්වන පොලිස් දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සිට අද දක්වා අවස්ථා දෙකකදී CI පුෂ්පකුමාරගෙන් කට උත්තර සටහන් කර ගන්නවා. CI පුෂ්පකුමාර මහත්තයා නීතිය දන්න පොලිස් නිලධාරියෙක් විදිහට මේ සිදුවීම වෙච්ච වේලාවේ සිට එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට, පොලිස්පතිතුමන්ට,කොට්ඨාසය බාර ජෙෂ්ඨ පොලිස්පතිතුමන්ට සියලු තොරතුරු වාර්තා කරලා ඒවා සටහන් කරනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ හා සමගාමීව ගිය විමර්ශනවලදී එතුමා ඒ සම්බන්ධ කාරණා නිවරදිව ප්‍රකාශ කර තියෙනවා.
හැබැයි ප්‍රබ්‍රන්ධ සූරි ශානි අබේසේකර මහත්තයා පැළවත්තේ රාජකාරි කර ඉන්න අතරතුර උසස් වීමක් ලද නැවත වැඩ බාරගත් පසුව මේ පරීක්ෂණය නැවත එළියට ගන්නවා. හැම අවුරුද්දේම සැප්තැම්බර් ජීනිවා මානව හිමිකම් කවුන්සිලය එනවිට ලංකාවේ මානව හිමිකම් කඩවුණා, යුද අපරාධ වුණා යැයි පවසන, දේශපාලන රැකවරණය ලබන ස්විස් හි සිටින නිශාන්ත කන්දප්පපන් ශානි අබේසේකරට කියනවා මේ වැඩේ කරන්න නම් ඉලංගසිංහ වැනි ඔහු සමග සිටි නිලධාරින් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නන්න කියලා. ඒ අනුව දැන් මේ පරීක්ෂණ පත්වෙලා තියෙන්නේ ඉලංගසිංහ මහතාගේ අතට. ඉලංගසිංහ මහත්තයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මංකොල්ලකෑම් හි ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තියෙනවා.
සති දෙකක් දෙන්නම්; කල්පනා කර බලන්න
2025 ජුලි මස 21 වනිදා CI මහින්ද පුෂ්පකුමාර මහතා කැඳවලා පැය 03 ක නැවතත් ප්‍රශ්න කිරිමක් සිදු කරනවා.පෙර දුන්න කටඋත්තරය ම ලබා දුන් මහින්ද පුෂ්පකුමාර මහතා සම්බන්ධයෙන් ඉලංගසිංහ මහත්තයාට තරහා යනවා. ඉලංගසිංහ මහත්තයා මහින්ද පුෂ්පකුමාරගේ අනාගතය ගැන බියකරු චිත්‍රයක් මවමින් ප්‍රකාශ කරන්නේ අමාරුවේ වැටෙන්නේ නැතිව පොල්ගහවෙල අධිකරණයට ගොස් මේ ශාන්ත සමරවීර පැනයාම බොරුවක් මේක සැලැස්මකට අනුව සිදු වූ බවත් අද බන්ධනාගාර ගතව සිර දඩුවම් ලබන වාස් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පැමිණ ශාන්ත සමරවීරව පැහැරගෙන ගිය බවට ස්වයං පාපොච්චාරණයක් සිදු කරන්න කියලා.
නමුත් මහින්ද පුෂ්පකුමාර ඒ කතාවට එකඟ වන්නේ නෑ. මීට ප්‍රථම ද මා විසින් සත්‍ය තොරතුරු ප්‍රකාශ කළ අතර බොරු කතා ගොතමින් කට උත්තර ලබා දීය නොහැකි බව ඔහු ප්‍රකාශ කර සිටිනවා. ඉන්පසු ඉලංගසිංහ මහත්තයා ප්‍රකාශ කරන්නේ ඔබට මම සති දෙකක් දෙන්නම් ඒ ගැන කල්පනා කරලා බලලා පිළිතුරක් දෙන්න කියලා. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව CI මහින්ද පුෂ්පකුමාර මහතා කළුතර විශේෂ දිසාව බාර CCD හි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි පොතෙහි මේ සියල්ල සඳහන් කරනවා.
තුන්වන මෙහෙයුමත් ව්‍යර්ථයි
රාජකාරි පොතෙහි ද සඳහන් කිරීමෙන් නතර නොවී මේ නිර්භිත පොලිස් නිලධාරියා ගොස් අභියාචනාධිකරණයේ අගෝස්තු මස 21 වනිදා මේ කාරණා සියල්ල සටහන් කරමින් රිට් අඥාවක් ඉල්ලනවා මේ ප්‍රබන්ධයට තමාව සම්බන්ධ නොකර අත්අඩංගුවට ගැනීම වළක්වා ලන ලෙස. එමෙන්ම මෙම නඩුවේ විත්තිකරුවකු කිරීමෙන් ද ඔහුව වළක්වා ලන ලෙස ඉල්ලීමක් කරනවා.
අභියාචනාධිකරණ සභාපති ගරු රොහාන්ත අබේසුරිය මැතිතුමත් ගරු විනිසුරු කේ පී ප්‍රනාන්දු මැතිතුමත් විසින් 2025 .08.25 වනිදා ලිඛිතව ඉදිරිපත් කර සිටින්නේ 2025.09.03 වනිදා මේ නඩුව නැවත කැඳවන තුරු CI මහින්ද පුෂ්පකුමාර නැවත අත්අඩංගුවට ගන්නත් එපා විත්තිකරුවකු ලෙස ඔහු සම්බන්ධ කර ගන්නත් එපා කියලා. මේ තුළින් අධිකරණයේ ස්වාධිපත්වය නැවත තහවුරු වෙනවා. ශානිගේ, කන්දප්පන්ගේ හා ඉලංගසිංහගේ තුන්වන උත්සහයත් ව්‍යර්ථ වෙනවා. මේ තීන්දුව පොල්ගහවෙල අධිකරණයට හා ඉලංගසිංහ මහත්තයාටත්, ශානි අබේසේකර මහත්තයාටත් යවනවා. මේ පිළිබඳව දැනගෙන නොසිටි ඉලංගසිංහ මහතා CI පුෂ්පකුමාර මහතා නැවත කැඳවීමක් කරනු ලබනවා. නමුත් ප්‍රබ්‍රන්ධ සූරි ශානි අබේසේකර මහතා ඉලංගසිංහ මහතාට මේ පිළිබඳව ප්‍රකාශ කර කැඳවීම අවලංගු කරවනවා.
විශ්වයෙන් ලැබෙන නිවැරැදි තොරතුරු
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගෙන පැළවත්තේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් ප්‍රතිවිරුද්ධ දේශපාලන නායකයින්ව අත්අඩංගුවට ගැනීම ඔවුන්ගෙන් පළිගැනීම, ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට අවශ්‍ය පරිදි බුද්ධි නිලධාරින් දඩයම් කිරීම සිදු වෙනවා. අපි කියන්න කැමති ශානි අබේසේකර මහත්තයෝ මේ සිදු කරන ලැජ්ජසහගත ක්‍රියාව නවත්වන්න.
ඔබ මේ ආණ්ඩුව ඇතුළත කොතරම් සුරක්ෂිත වුවත් ඔබතුමාට ස්වභාව ධර්මයෙන්නම් ගැලවෙන්න වෙන්නේ නම් නෑ . මේ විදිහට ප්‍රබ්‍රන්ධ කතා ගොතලා රට වෙනුවෙන් යුතුකම් ඉටු කරපු නිලධාරින්ගෙන් පළිගන්න එකෙහි වේදනාව මරණ මංචකයේ දී වුවද දැනෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ අනුව මතක් වෙනවා එවකට සිදු වු තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් ද මේ හා සමාන ක්‍රියාවලියක් සිදු වූ බව මාධ්‍ය ඉදිරියේ එළි දැක්වුණා.
ඒ නිසා ශානි අබේසේකර කියන්නේ කවුද කියලා දැන් රටම දන්නවා. අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ රටේ හිටපු සියලු නාවික හාමුදාපතිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරලා තියෙනවා උළුගේතැන්න මහතාට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. රටේ විශ්වයෙන් තොරතුරු ලැබෙන ජනාධිපතිතුමන්ට මේ පිළිබඳව ද විශ්වයෙන් නිවරදි තොරතුරක් ලැබී උළුගේතැන්න මැතිතුමාට සාධාරණයක් ඉටු කරාවී කියලා අපි බලාපොරොත්තු වෙනවා.




