ඔහු මේ බව සඳහන් කළේ ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ පස්වරුවේ (27) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාතයංශයේ දී රැස්වූ අවස්ථාවේ දී ය.
මේ වන විට පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන සම්බන්ධයෙන් විමර්ශනාත්මකව දෙවැනි වරටත් පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවද සභාපතිවරයා පැවසී ය.
මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබිනට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විද්වත් කමිටුවක් පත් කළ අතර, නව පනතක් හඳුන්වාදීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගවලට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතිවල අනුගතවීම අදහස් කරයි.
සැප්තැම්බරයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයේදී මෙරට ක්‍රියාත්මක ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් සම්බන්ධයෙන් ද සාකච්ජා කිරීමට නියමිත බව වාර්තාවේ.




