The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
පුවත්

මීගමුව හිරගෙදර සිරකරුවන්ට ලෝකෙටම පේන්න 'ඕපන් ෆයර්' කළේ කවුද? ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හෙළි කරයි

T

The Leader Desk

July 7, 2026 • 12:16 PM

මීගමුව හිරගෙදර සිරකරුවන්ට ලෝකෙටම පේන්න 'ඕපන් ෆයර්' කළේ කවුද? ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හෙළි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සාමකාමීව තිබුණු හිරගෙදරට සිවිල් ඇඳුමෙන් පැනපු 30කගේ බුද්ධි බලකාය" කැරැල්ල යළි ඇවිළූ හැටි; ඝාතන රැල්ලට හේතුව හදිසි මෙහෙයුමක්
  • සිවිල් ඇඳුමෙන් ගිය නිලධාරීන් බිලිවීම: බන්ධනාගාරය ඇතුළට පැන කලබලකාරී වාතාවරණය නිර්මාණය කළේ මෙම කණ්ඩායම වන අතර, රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ සහ තුවාල ලැබූ බහුතරය මොවුන්ය.
  • පැමිණි 30 දෙනාගෙන් 22ක්ම මේ වන විට තුවාල ලබා ඇති බව හෙළි වේ.
  • අධිකරණ ඇමතිවරයාගේ කුමන්ත්‍රණ: බන්ධනාගාර තුළ මිනිස් ජීවිත විනාශ වෙද්දී, අධිකරණ ඇමතිවරයා ඒ පිළිබඳව තොරතුරු සොයන්නේ සමාජ මාධ්‍ය හරහා බව තෙන්නකෝන් චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


"රස පරීක්ෂක පුරප්පාඩු 121ක් තියාගෙන ඇමති බයිලා කියනවා" - පාන්පිටි සහ පැනඩොල්වලට 54 වගන්තිය ගසා 15,000ක් ඇප නැතිව මාස ගණන් හිරේ ගාල් කරලා

ධාරිතාවය 13,000යි, රැඳවියන් 41,000යි; අධිකරණයේ උසස්වීම් ගන්න සහ පොලිස් 'ටාගට්' කවර් කරන්න මිනිස්සු හිරේ දාන දූෂිත ව්‍යාපෘතියක්



මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ලේවැකි සමූහ ඝාතනය, පළමු දින ගැටුමෙන් පසු සාමකාමී තත්ත්වයට පත්ව තිබූ පරිශ්‍රයකට රාජ්‍ය පාර්ශවයේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් සිවිල් ඇඳුමෙන් ඇතුළු වී සිදුකළ අත්තනෝමතික මෙහෙයුමක සෘජු ප්‍රතිඵලයක් බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

අද (07) කොළඹ මල්පාරේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කළේ, රජය භාරයේ සිටින රැඳවියන්ට පොලිස් නිලධාරියෙකු විසින් කුඩා කවුළුවකින් ඇතුළට 'ඕපන් ෆයර්' (සෘජුව වෙඩි තැබීම) සිදුකර ඇති බවත්, මියගිය බහුතරයක් දෙනා එම මිලේච්ඡ ක්‍රියාවෙන් ඝාතනය වී ඇති බවත්ය.

කැරැල්ල යළි ඇවිළූ රහසිගත බුද්ධි මෙහෙයුම

පළමු දින සිදුවීමෙන් පසු පාලනය කර තිබූ බන්ධනාගාරය තුළට ජූලි 6 වැනිදා උදෑසන සිවිල් ඇඳුමෙන් සැරසුණු බන්ධනාගාර බුද්ධි අංශයේ යැයි කියන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළු කර තිබේ.

සිවිල් ඇඳුමෙන් ගිය නිලධාරීන් බිලිවීම:
බන්ධනාගාරය ඇතුළට පැන කලබලකාරී වාතාවරණය නිර්මාණය කළේ මෙම කණ්ඩායම වන අතර, රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ සහ තුවාල ලැබූ බහුතරය මොවුන්ය. පැමිණි 30 දෙනාගෙන් 22ක්ම මේ වන විට තුවාල ලබා ඇති බව හෙළි වේ.

අධිකරණ ඇමතිවරයාගේ කුමන්ත්‍රණ:
බන්ධනාගාර තුළ මිනිස් ජීවිත විනාශ වෙද්දී, අධිකරණ ඇමතිවරයා ඒ පිළිබඳව තොරතුරු සොයන්නේ සමාජ මාධ්‍ය හරහා බව තෙන්නකෝන් චෝදනා කරයි. ඇමතිවරයා මේ දිනවල බන්ධනාගාර ගැන සොයනු වෙනුවට අගවිනිසුරුගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවන් සමඟ දේශපාලන සාකච්ඡාවල නිරත වන බවත්, වගකීමක් ඇත්නම් ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

215%ක අධික තදබදය සහ 'මිනිස්සු හිරේ දැමීමේ' ව්‍යාපෘතිය

ලංකාවේ සමස්ත බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241ක් වුවද, 2026 ජූලි 3 වන විට රැඳවියන් 41,250ක් රඳවා තබා ඇත. මෙය 215%ක අසාමාන්‍ය අතිරික්තයකි.

ඇප දීමට විරුද්ධ වීමේ මාෆියාව:
ඇප ලබාදීම මූලික රීතිය වුවද, පොලීසිය සහ අල්ලස් කොමිසම කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සෑම සැකකරුවෙකුගේම ඇපවලට විරුද්ධ වීම සාමාන්‍ය ව්‍යවහාරයක් බවට පත්කර ඇත. අධිකරණ ක්ෂේත්‍රයේ උසස්වීම් ලබාගැනීමට නම් වැඩිම පිරිසක් හිරේ දැමිය යුතුයි යන මතයක විනිසුරුවන් සහ පොලිස් නිලධාරීන් සිටීම මෙයට හේතුවයි. මේ වන විට සමස්ත රැඳවියන්ගෙන් 73.8%ක්ම සිටින්නේ ඇප දිය හැකි වැරදිවලට රිමාන්ඩ් කර ඇති සැකකරුවන් ලෙසය.

පාසල් වසා බන්ධනාගාර පිරවීම:

ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ හොරු අල්ලන මුවාවෙන් මිනිසුන් රිමාන්ඩ් කර මාධ්‍ය සංදර්ශන පැවැත්වීමයි. මේ යටතේ භික්ෂූන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවකයන් මෙන්ම ව්‍යාපාරිකයන් සිය ගණනක් හිර කර ඇත. ආණ්ඩුව පාසල් වසමින් බන්ධනාගාර පුරවන තත්ත්වයට පත්ව ඇතැයි ද, වරදකරුවන් වී සිටින පිරිසෙන් 43%ක්ම අන්ත අසරණ, දඩ මුදල් ගෙවාගත නොහැකි දුප්පත් මිනිසුන් බව ද එහිදී අනාවරණය විය.

54 වගන්තියේ ඇටවුම සහ රස පරීක්ෂක පුරප්පාඩු

විෂ අබිං සහ මත්ද්‍රව්‍ය පනතේ 54 වගන්තිය යටතේ පොලීසිය විසින් සිදුකරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් බන්ධනාගාර පද්ධතිය පුපුරා යාමට ප්‍රධාන හේතුව වී තිබේ.

පාන්පිටි සහ පැනඩොල් කුඩුවලට මාස ගණන් හිරේ:
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ 'කුඩු නාට්‍ය' යටතේ අත්අඩංගුවට ගත් දහස් ගණනක් මහෙස්ත්‍රාත් අධිකරණවලින් ඇප නොලබා රිමාන්ඩ් වී සිටිති. රජයේ රස පරීක්ෂක වාර්තා ලැබුණු පසු ඒවා පාන්පිටි හෝ පැනඩොල් පෙති කුඩු බව තහවුරු වන නමුත්, එම වාර්තා ප්‍රමුඛතාව මත ලබාගැනීමට ක්‍රමවේදයක් නැත.

රජයේ රස පරීක්ෂක පුරප්පාඩු 121ක්:
රස පරීක්ෂක වාර්තා නොමැතිකම නිසා පමණක් මාස 3ක් හිරේ ඉන්නා පිරිස 6,336කි. මාස 3-6ත් අතර 4,904ක් ද, මාස 6-12ත් අතර 3,706ක් සහ වසරකට වැඩි කාලයක් ඇප නොලබා සිරගතව සිටින පිරිස 728කි. ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විමධ්‍යගත කරන බවට පොරොන්දු වුවද, මේ වන විට එහි වෘත්තීය තනතුරු 121ක් පුරප්පාඩුව පැවතීම හේතුවෙන් සමස්ත යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියම අඩාල වී ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



free laawyers 1

free lawyers 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මීගමුව හිරගෙදර සිරකරුවන්ට ලෝකෙටම පේන්න 'ඕපන් ෆයර්' කළේ කවුද? ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හෙළි කරයි | The Leader