The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
පුවත්

'හිරගෙදර රකින්න බැරි ආණ්ඩුව රට රකින්නේ කොහොමද? - 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ හෑල්ලු කරලා'

T

The Leader Desk

July 7, 2026 • 4:16 PM

'හිරගෙදර රකින්න බැරි ආණ්ඩුව රට රකින්නේ කොහොමද? - 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ හෑල්ලු කරලා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "එදා විපක්ෂයේ ඉද්දි කිව්ව කතාව අනුරට අද අමතකද?" - රාජ්‍ය භාරයේ සිටි 27ක් මැරීමේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බවට සජිත්ගෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක්
  • 'සිස්ටම් චේන්ජ්' පොරොන්දු සහ වත්මන් අසාර්ථකත්වය වත්මන් ජනාධිපතිවරයා මීට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබූ බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
  • අධිකරණ ඇමතිගේ වගකීම් විරහිතභාවය: බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව 10,000ක් වුව ද 40,000කට ආසන්න පිරිසක් එහි පිරී සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
  • මෙම දැඩි පීඩනය සහ අවදානම පිළිබඳව අධිකරණ ඇමතිවරයා කිසිදු අවදානම් තක්සේරුවක් (Risk Assessment) සිදුකර නොමැති අතර, අවම වශයෙන් සිද්ධියෙන් මියගිය නිවැරදි මරණ සංඛ්‍යාව හෝ ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි වීම පුදුම සහගත බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


"ඇමතිට මරණ ගාණවත් හරියට කියන්න බෑ" - වැලිකඩ, මහර සිදුවීම්වලින් පාඩම් නොඉගෙන උපරිමාධිකරණයේ වයස දික්කිරීමේ කුමන්ත්‍රණයක ඇමතිවරයා හිරවෙලා

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ලේවැකි ගැටුමෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබීමේ ඛේදවාචකය මුල් කරගනිමින් පාර්ලිමේන්තුවේදී අද (07) පැවැත්වුණු හදිසි කල්තැබීමේ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ සිරගත කර සිටින පුද්ගලයන් කුමන මට්ටමක සිටිය ද ඔවුන් සියල්ලන්ම සිටින්නේ රාජ්‍ය භාරයේ බැවින්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික සහ සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව සතු වන බවයි.

'සිස්ටම් චේන්ජ්' පොරොන්දු සහ වත්මන් අසාර්ථකත්වය

වත්මන් ජනාධිපතිවරයා මීට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබූ බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

ලස්සන ජීවිතයක් සටන් පාඨය බිඳවැටීම:
වසර 76ක සාපය සහ පැරණි ක්‍රමය වෙනස් කරමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යටතේ මනුෂ්‍යත්ව පාදක බන්ධනාගාර සහ යුක්තිගරුක රැඳවුම් ජීවිතයක් ලබාදෙන බවට ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වුව ද, මීගමුවේදී සිදු වූ සමූහ ඝාතනය හරහා කිසිදු ක්‍රමවේදයක වෙනසක් සිදු වී නොමැති බව තහවුරු වන බව සජිත් ප්‍රේමදාස පැවසීය.

අධිකරණ ඇමතිගේ වගකීම් විරහිතභාවය:
බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව 10,000ක් වුව ද 40,000කට ආසන්න පිරිසක් එහි පිරී සිටින බව මාධ්‍ය වාර්තා කරයි. මෙම දැඩි පීඩනය සහ අවදානම පිළිබඳව අධිකරණ ඇමතිවරයා කිසිදු අවදානම් තක්සේරුවක් (Risk Assessment) සිදුකර නොමැති අතර, අවම වශයෙන් සිද්ධියෙන් මියගිය නිවැරදි මරණ සංඛ්‍යාව හෝ ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි වීම පුදුම සහගත බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.


ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නාර්ථය සහ උසාවි බලපෑම්

හිරගෙවල් ඇතුළේ සිටින සීමිත පිරිසකගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට නොහැකි වූ ආණ්ඩුව, රටේ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවගේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.

පරිපාලන දුර්වලතා:
ආණ්ඩුව මහර සහ වැලිකඩ බන්ධනාගාර ඛේදවාචකවලින් කිසිදු පාඩමක් ඉගෙන ගෙන නොමැති බවත්, මාස 13ක් පුරා බන්ධනාගාර පද්ධතියට ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කරගැනීමට පවා අපොහොසත් වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඇමතිගේ සැබෑ ප්‍රමුඛතාවය:
අධිකරණ ඇමතිවරයාට බන්ධනාගාරවල පවතින ගැටලු සෙවීමට කාලයක් නොමැති බවත්, ඔහු මේ දිනවල සම්පූර්ණ කාලය වැය කරමින් සිටින්නේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සීමාව දීර්ඝ කරමින් අධිකරණ පද්ධතියට බලපෑම් කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උපරිමාධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකරන ආණ්ඩුව, වහාම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා බලමින් එහි සඳහන් කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හිරගෙදර රකින්න බැරි ආණ්ඩුව රට රකින්නේ කොහොමද? - 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ හෑල්ලු කරලා' | The Leader