The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

තැපැල් සේවක වෘත්තීය සමිති 22ක් 'අඛණ්ඩ වර්ජනයක': ලිපි ලක්ෂ 5ක් තැපෑලේ ගොඩ ගැසෙයි

T

The Leader Desk

August 18, 2025 • 4:35 PM

තැපැල් සේවක වෘත්තීය සමිති 22ක් 'අඛණ්ඩ වර්ජනයක': ලිපි ලක්ෂ 5ක් තැපෑලේ ගොඩ ගැසෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
  • මේ සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවකයන්ගෙන් 97%ක් පමණ මෙම වැඩවර්ජනයට සහභාගී වී සිටින බවට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර පැවසුවේ ය.
  • කෙසේ නමුත් අගෝස්තු 17 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේ, තැපැල් සේවකයන්ගේ වැඩවර්ජනයට අදාළ ඉල්ලීම්වලින් බහුතරයකට මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බව ය.
  • ඇඟිලි සලකුණු යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති ගැටලුව කුමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවකයන්ගෙන් 97%ක් පමණ මෙම වැඩවර්ජනයට සහභාගී වී සිටින බවට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර පැවසුවේ ය.

කෙසේ නමුත් අගෝස්තු 17 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේ, තැපැල් සේවකයන්ගේ වැඩවර්ජනයට අදාළ ඉල්ලීම්වලින් බහුතරයකට මේ වන විටත් විසඳුම් ලබා දී ඇති බව ය.

ඇඟිලි සලකුණු යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති ගැටලුව කුමක් ද?

පසුගිය අගෝස්තු 17 වන දා පැවති මාධ්‍ය හමුවේදී තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අදාළව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා විරෝධය පළ කිරීම පදනම් විරහිත බව ය.

"තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාල සහ මෙහෙයුම් කාර්යාල බොහොමයක පැමිණීම සහ පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සටහන් කරන්නේ නෑ. පහුගිය අවුරුද්දේ විගණන විමසීම් 200කට අධික ප්‍රමාණයක් තිබුණා. එතනින් බහුතරයක් තිබුණේ පැමිණීම පිටවීම සලකුණු නොකර වැටුප් සහ අතිකාල ලබා ගැනීම සම්බන්ධයෙන්," තැපැල්පතිවරයා පැහැදිලි කළේ ය.

"මේ නිසා අපි තීරණය කළා සියලු ම පාලන කාර්යාලවලට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරන්න. ඒ සඳහා අපි සියලු පාලන කාර්යාලවලට ඇඟිලි සලකුණු යන්ත්‍ර යවලා තියෙනවා," ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මෙම වර්ජනයට සම්බන්ධ වී සිටින ප්‍රධාන වෘත්තීය සමිතියක් වන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාරගෙන් විමසීමක් කර තිබිණ.

"අපි ඇඟිලි සලකුණුවලට විරෝධය පළ කරන්නෙ නෑ. ඒක බොරුවක්," ඔහු පවසයි.

"නමුත් ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කළා ම යම් කෙනෙක් අතිකාලයක් කළොත් ඒක ඇඟිලි සලකුණු යන්ත්‍රයන් තහවුරු කරන්න ඕනේ. නමුත් මේ තැන්වල පස් දෙනෙක් ඉන්න ඕනේ තැන ඉන්නේ එක්කෙනයි. එතකොට ඒ කීප දෙනෙක්ගේ වැඩ තනි කෙනෙක් රෑ දෙගොඩහරිය වෙනකන් කරන්න ඕනේ. සමහර වැඩ ඒ ළමයි ගෙදර ගිහිල්ලා කරන්නේ," ඔහු පැවසුවේ ය.

"මෙතෙක් කල් එහෙම වැඩියෙන් කරන වැඩවලට අවසරයක් ලබා දීලා තිබුණා. පැමිණීම පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් සටහන් කළාට වැඩියෙන් කරන වැඩවලට අතිකාල ගෙවීම කළා. දැන් ඒක නතර කරලා තියෙනවා."


ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර පවසන්නේ, මේ වන විට එම නිසා සේවා මුරවල වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් ගොඩනැගී ඇති බව ය. අතිකාල ගෙවීම නැවත්වීම නිසා එම අමතර වැඩ කිරීමට සේවකයන් අකමැති බව ඔහු පැවසුවේ ය. "ඒ නිසා අපි ඇඟිලි සලකුණු තැබීමට නෙවෙයි විරුද්ධ, මේ අතිකාල දීමනා ගෙවීම නැවත්වීමට යි."


අතිකාල ගෙවීම අඩු වී තිබෙනවා ද?

ශ්‍රී ලංකා තැපැල් සේවයේ පැවති අතිකාල ක්‍රමවේදය ද මේ වන විට වෙනස් කර ඇති අතර, එය ද මෙම වර්ජනයට බලපෑ එක් හේතුවකි.

මීට පෙර පැයක අතිකාල දීමනාවක් සඳහා පැයක් සහ තවත් මිනිත්තු 15කට අදාළ ගෙවීමක් සිදු කර තිබේ. රජයේ නිවාඩු දිනයක් සහ ඉරිදා දිනයන් සඳහා ඊට වැඩි අතිකාල දීමනාවක් ගෙවා තිබේ.

නමුත් මෑතකදී රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව පැයක අතිකාල සඳහා සිදු කරන ගෙවීමෙන් පැයක් සඳහා ගෙවන්නේ එම ගාස්තුවෙන් 6න් 5ක ප්‍රමාණයකි.

නිදසුනක් ලෙස පැයක් සඳහා රු. 120.00ක මුදලක් අතිකාල ලෙස ගෙවන්නේ නම් මේ වන විට ගෙවන්නේ පැයක් සඳහා රු. 100.00ක මුදලකි.


කෙසේ වෙතත්, තැපැල්පතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ, මෑතකදී සිදු කළ මූලික වැටුප් වැඩිවීම සමග ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර ඇත්තේ, 2027 ජනවාරි දක්වා අතිකාල දීමනාවලින් 6න් 5ක කොටසක් ගෙවන ලෙසට බව ය.


"වැටුප් වැඩි කරලා තියෙනවා. ඒකට සාපේක්ෂව අතිකාල මුදලත් වැඩි කරලා තියෙනවා. ඒක කපන්න අයිතියක් නෑ. දැන් කරන්නේ පැයකට ගෙවන මුදලින් හයෙන් පහක් ගෙවන්නේ. මේ නිසා රු. 40,000.00ක වගේ වැටුපක් ගන්න කෙනෙක්ගේ අතිකාල දීමනාවෙන් රු. 8,000ක් පමණ අඩු වෙනවා," චින්තක බණ්ඩාර පවසයි.

"සාමාන්‍යයෙන් රු. 40,000ක වැටුපක් ගන්න කෙනෙක් සම්පූර්ණ අතිකාල පැය 240 ම වැඩ කළොත් රු. 33,000ක වගේ අතිකාල දීමනාවක් ගන්න පුළුවන්," යැයි පවසමින් ඔහු පෙන්වා දුන්නේ නව ක්‍රමවේදය යටතේ ගණනය කිරීමේදී එම අතිකාල දීමනා සඳහා මෙතෙක් හිමි වූ මුදලින් රු. 8,000ක් පමණ මුදලක් අහිමි වන බව ය.

ශ්‍රී ලංකා තැපැල් සේවයේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ, ක්ලාස් II තනතුරේ සිටින සේවකයෙකුට 2025 අප්‍රේල් 01 සිට රු. 15,433ක වැටුප් වැඩි වීමක් ද, පැය 240 ම අතිකාල සිදුකළ බවට සැලකුවහොත් අතිකාල දීමනා සඳහා රු. 22,275ක වැටුප් වැඩිවීමක් සිදුව ඇති බවයි.

එම මුදල ක්ලාස් I තැපැල් සේවකයෙකු සඳහා රු. 18,104ක වැටුප් වැඩි වීමක් ද, අතිකාල සඳහා පැය 240 ම සැලකූ විට රු. 31,180ක අතිකාල වැඩිවීමක් සිදු ව ඇති බව ය.


මෙම වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 5ක් පමණ සිරවී ඇති බව ද චින්තක බණ්ඩාර පැවසුවේ ය. එමෙන් ම වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවන නිසා ඉදිරි දිනවල ලිපි භාර ගැනීම ද සිදු නොවනු ඇති බව ඔහු පැවසුවේ ය.


ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, සාධාරණ වැටුප් සහ අතිකාල ලබා දී තිබියදී තැපැල් සේවකයින් වැඩ වර්ජනයක නිරත වී අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

(උපුටා ගැනීම - බීබීසී සිංහල)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...