The Leader News
BREAKING
උඩරට දුම්රිය මාර්ගය: පීලි හැදුවත් පොළොව ෂුවර්ද●ඩේවිඩ් බෝවීගේ අඩ සියවසක සැඟවුණු ප්‍රසංගය යළි කරළියට●කොස්ටාරිකාවෙන් සංවිධානාත්මක අපරාධ මැඩලීමට දැවැන්ත මෙගා බන්ධනාගාරයක්●නාවලපිටියේ ළිඳකින් හමුවූ කඳුකර කොටියා: අනතුරක්ද? ඝාතනයක්ද?●ඖෂධ මිල පාලනයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි පියවරක්●මෝස්තර ලෝකයේ මිනිස් රැකියා AI ක්ලෝනවලට බිලිවේද?●සදාචාරය වෙනුවෙනුත් පෙනී සිටින සිනමා ශාලා හිමියන්ගේ සංගමයට පිළිතුරක්●ඊශ්‍රායල මැතිවරණයේ තියුණු සටනක්: පැහැදිලි බහුතරයක් නෑ●කථානායක විශ්වාසභංගය වටා පාර්ලිමේන්තුවේ උණුසුම් අර්බුදයක්●කඩදාසි බට ඇත්තටම පරිසරයට හිතකාමී ද? කොරියානු විමර්ශනයෙන් හෙළිවූ තතු●
Top Ad
පුවත්

විවාදයට සහභාගී නොවනබව සජිත් දැනුම් දේ

T

The Leader Desk

June 6, 2024 • 2:29 PM

 විවාදයට සහභාගී නොවනබව සජිත් දැනුම් දේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනිවාර්ය කොන්දේසිය වන බැවින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (06) රාත්‍රී විවාදයට සහභාගි නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ස්වාධින රුපවාහිනී සේවයේ (ITN) සභාපති වෙත අද සවස ලිපියකින් දැනුම් දී ඇත.
  • යෝජිත රූපවාහිනි සංවාදය පිළිබදව 2024.06.04 වන දින ගරු විපක්ෂ නායකතුමා වෙත ඔබ විසින් යොමු කරන ලද ලිපිය හා සබැඳේ.
  • ''ඔබගේ ලිපියෙහි පළමුවන ජේදයේ සඳහන් කොට ඇති පරිදි 2024.03.21 වන දින පාර්ලිමේන්තුවේදී මා විසින් ආරාධනා කලේ විපක්ෂ නායකතුමා සහ අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයකට නොව සමගි ජන බලවේග ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේග ආර්ථික කමිටුව අතර පවත්වනු ලබන විවාදයකටයි.
  • එම යෝජනාව අපගේ පක්ෂ නායකත්වය විසින් පිළිගත් අතර එම විවාදය පැවැත්ම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු විවාදය පළමුවත් දෙවනුව නායකත්ව විවාදයක් පැවැත්වීමටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අනිවාර්ය කොන්දේසිය වන බැවින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (06) රාත්‍රී විවාදයට සහභාගි නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ස්වාධින රුපවාහිනී සේවයේ (ITN) සභාපති වෙත අද සවස ලිපියකින් දැනුම් දී ඇත.

සජිත් සහ අනුර අතර යෝජිත විවාදය සම්බන්ධීකරණය සඳහා සමගි ජන බලවේගය පාර්ශවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර නම් කර තිබු අතර ජාතික ජන බලවේගය පාර්ශවයෙන් නම් කර තිබුනේ වෛද්‍ය නලින්ද ජයතිස්ස යි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ස්වාධින රුපවාහිනියේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන වෙත යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.

යෝජිත රූපවාහිනි සංවාදය පිළිබදව 2024.06.04 වන දින ගරු විපක්ෂ නායකතුමා වෙත ඔබ විසින් යොමු කරන ලද ලිපිය හා සබැඳේ.

''ඔබගේ ලිපියෙහි පළමුවන ජේදයේ සඳහන් කොට ඇති පරිදි 2024.03.21 වන දින පාර්ලිමේන්තුවේදී මා විසින් ආරාධනා කලේ විපක්ෂ නායකතුමා සහ අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයකට නොව සමගි ජන බලවේග ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේග ආර්ථික කමිටුව අතර පවත්වනු ලබන විවාදයකටයි. එදින පාර්ලිමේන්තු වාර්තා කිරීමේදී ඔබගේ ආයතනය විසින් පහසුකම් සැලසීම සඳහා ඉදිරිපත් වුයේ එම යෝජනාවටය. එනම් සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර පවත්වනු ලබන විවාදයකටයි.

 නමුත් ජාතික ජන බලවේගය විසින් එම විවාදය පිළිබඳ කිසිඳු ඉදිරිපත් වීමක් සිදු නොකොට පක්ෂ නායකයින් අතර විවිදයන් සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. එම යෝජනාව අපගේ පක්ෂ නායකත්වය විසින් පිළිගත් අතර එම විවාදය පැවැත්ම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු විවාදය පළමුවත් දෙවනුව නායකත්ව විවාදයක් පැවැත්වීමටයි. එමෙන්ම මෙම විවාද සම්බන්ධීකරණයට සහ අවශ්‍ය අනෙකුත් කොන්දේසි හා වැඩසටහන් ආකෘතිය පිළිබඳ මැදිහත් පාර්ශවයක අවශ්‍යතාවය ද පෙන්වා දෙමින් අප විසින් එයට දායක වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයද ලිඛිත ආරාධනාවක් යොමු කරන ලදි.

 
නමුත් ජාතික ජන බලවේගය ඒ පිළිබඳ සාධනීය ප්‍රතිචාරයක් දැක්වුයේ නැත. එනමුත් මෙම විවාද පිළිබඳ දිගින් දිගටම සිදු කල අදහස් හුවමාරු පදනම් කර ගනිමින් මා විසින් ආර්ථික කමිටු විවාදයට සුදුසු දින 05 කුත් (2024 මැයි මස 27/28/29/30/31) නායකත්වය විවාදය සදහා සුදුසු දින 05 (2024 ජුනි මස 03/04/05/06/ සහ 07) යෝජනා කල අතර එහිදී ද අපගේ ස්ථාවරය වු පළමු ආර්ථික කමිටු විවාදය සහ දෙවන නායකත්ව විවාදය යන්න අනිවාර්ය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කොට ඇත.

එම අදහස නොසලකා හරිමින් නායකත්ව විවාදයට එකඟ වූ බව ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශයට පත්කොට ඇත. එමෙන්ම මෙම විවාද පැවැත්වීම පිළිබද අප දෙපාර්ශවය අතර පූර්ව සාකච්ඡා පවත්වා ඒ පිළිබඳ වැඩ සටහන් සැකැස්ම ආදිය සිදු කිරීමට අප විසින් යෝජනා කොට ඇත. නමුත් ඒ කිසිඳ යෝජනාවකට යහපත් ප්‍රතිචාර නොදක්වා ජාතික ජන බලවේගය එකඟ වූ දිනය පදනම් කර ගෙන මෙම සංවාදය පැවැත්වීමට ඔබගේ නාලිකාව සුදානම් යැයි පැවසීම විධිමත් සැලසුම් සහගත ක්‍රමවේදයක් අනුගමනය නොකොට සිදු කල ප්‍රකාශ්‍යක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

මෙම විවාද පැවැත්වීමේදී අපගේ යෝජනාව වනුයේ සියලුම විද්‍යුත් නාලිකා, මුද්‍රිත නාලිකා, මුද්‍රිත මාධ්‍ය සමඟ සියල්ලත් එකඟවන පොදු ස්ථානයක පැවැත්වීම බව ද අවධාරණය කරමි.

 මෙම විවාදය පිළිබඳ පසුගිය කාලය තුල අප විසින් යොමු කල අදහස් හා යෝජනා පිළිබඳ ඔබගේ අවධානය යොමු කොට ක්‍රියා කිරීම වැදගත් වේ. එම කාල සීමාව තුල විවාදය පිළිබඳ ජාතික ජන බලවේගයට යොමුකල යෝජනා ඇතුළත් ලිපි ලේඛණවල පිටපත් මේ සමග ඔබ වෙත යොමු කරනුයේ විවාදය පිළිබඳ යථා ස්වරූපය අවබෝධ කර ගැනීම පිණිසය.''

Nalin Banadara 2024.06.06

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...