"අවශ්‍ය නිලධාරීන්ගෙන් හතරෙන් එකයි ඉන්නේ" - බන්ධනාගාර පරිපාලනයේ බිඳවැටීම ගැන විපක්ෂ නායකයාගෙන් රජයට දැඩි චෝදනාවක්
බන්ධනාගාරය ඉදිරිපිට ඥාතීන්ගේ විරෝධතා උත්සන්න වෙද්දී තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට සහ මීගමුව රෝහලට
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි හටගත් දරුණු නොසන්සුන්තාව සහ වෙඩි තැබීම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි.
ඊයේ (05) ඇති වූ ගැටුම සමථයකට පත් කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කර තිබූ පසුබිමක, අද පෙරවරු 10.00ට පමණ රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ මෙම දරුණු තත්ත්වය නිර්මාණය වී තිබේ.
මරණ, තුවාලකරුවන් සහ වත්මන් ආරක්ෂක තත්ත්වය
බන්ධනාගාරය තුළින් අඛණ්ඩව වෙඩි ශබ්ද ඇසුණු බව ක්ෂේත්‍ර වාර්තාකරුවන් සනාථ කරන අතර, ආරක්ෂක අංශවලට තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇත.
ජීවිත හානි සහ රෝහල්ගත කිරීම්:
මියගිය 25 දෙනා අතර බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සිටින බව දැනට වාර්තා වේ. තුවාල ලැබූ 100කට අධික පිරිසක් මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. මීගමුව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ පවසන්නේ රැඳවියන් 10 දෙනෙකු පමණ මේ වන විටත් ශල්‍යකර්මවලට භාජනය කර ඇති බවයි.
ආරක්ෂක අංශ 4ක් පිටියට:
බන්ධනාගාරය තුළ සහ පිටත පවතින දැඩි උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මේ වන විට කැඳවා ඇත.
දේශපාලන චෝදනා
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, පවතින සීමිත සම්පත් ගැටලුව ඊට සෘජුවම බලපා ඇති බව වාර්තා වේ.
රැඳවියන් මාරු කිරීම:
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,417කට අධික පිරිසක් රඳවා සිටින පසුබිමක, පවතින අවදානම සැලකිල්ලට ගෙන රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත වහාම මාරු කර යැවීමට කටයුතු කරමින් පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසයි.
අවශ්‍ය නිලධාරී ධාරිතාවයෙන් හතරෙන් එකක (1/4) පිරිසක් පමණක් සමස්ත රැඳවියන් පාලනය සඳහා යොදවා තිබීම මෙම අර්බුදයට හේතුවක් වී තිබේ.
විපක්ෂ නායකයාගේ චෝදනාව:




