The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

තුසිත හල්ලොලුව අගෝ. 28 දක්වා රිමාන්ඩ් කළ හේතුව ?

T

The Leader Desk

August 19, 2025 • 3:23 PM

තුසිත හල්ලොලුව අගෝ. 28 දක්වා රිමාන්ඩ් කළ හේතුව ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.
  • රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වරයකු ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකෙරෙන විමර්ශනයක සැකකරුවකු ලෙසය.
  • ඔහු ගමන් කළ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය, සංවිධානාත්මක අපරාධකරුවන් යොදවාගෙන තුසිත හල්ඔලුව විසින් ම සිදුකරගෙන ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්, කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කළේ ය.
  • පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි, මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වරයකු ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකෙරෙන විමර්ශනයක සැකකරුවකු ලෙසය.

ඔහු ගමන් කළ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය, සංවිධානාත්මක අපරාධකරුවන් යොදවාගෙන තුසිත හල්ඔලුව විසින් ම සිදුකරගෙන ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්, කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කළේ ය.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි, මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇති බවයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...