The Leader News
BREAKING
Top Ad
පුවත්

අරගලකාරිනියකට අගමැතිනියගේ අවසන් ගෞරවය

T

The Leader Desk

March 12, 2025 • 4:06 AM

අරගලකාරිනියකට අගමැතිනියගේ අවසන් ගෞරවය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව කාරක සභා අවස්ථාවට එක් වෙමින් එම අමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තුව අමතා ආචාර්ය ජානකී ජයවර්ධන පිළිබඳව කරුණු හෙළි කළාය.
  • කොහුවල, සුමනාරාම මාර්ගයේ පිහිටි සිය නිවසේදී සිදුවූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන පසුගිය 07 දා අභාවප්‍රාප්ත විය.
  • බරපතළ තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
  • හැවිරිදි වියේ පසුවූ ආචාර්ය ජානකී ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව කාරක සභා අවස්ථාවට එක් වෙමින් එම අමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තුව අමතා ආචාර්ය ජානකී ජයවර්ධන පිළිබඳව කරුණු හෙළි කළාය.

කොහුවල, සුමනාරාම මාර්ගයේ පිහිටි සිය නිවසේදී සිදුවූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන පසුගිය 07 දා අභාවප්‍රාප්ත විය.

පොලීසිය පැවසුවේ, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය හා පුත්‍රයාගේ බිරිඳ උත්සාහ කර ඇති අවස්ථාවේදී බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ රථය එම අවස්ථාවේ ඉදිරියට ගමන් කර ඇති අතර එහිදී ඇය ඊට යටවී තිබේ.

බරපතළ තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

59 හැවිරිදි වියේ පසුවූ ආචාර්ය ජානකී ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදුකර ඇති ජානකී ජයවර්ධන සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙනි.

ජානකී ජයවර්ධන සම්බන්ධයෙන් අගමැතිනිය සිදුකළ සම්පූර්ණ කතාව අයත් වීඩියෝව පහත දැක්වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...