The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීමට අදාල වැඩිදුරටත් විස්තර

T

The Leader Desk

July 20, 2025 • 4:15 AM

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීමට අදාල වැඩිදුරටත් විස්තර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ මීට පෙර අදාළ කොමිසම විසින්ම ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බව තීන්දු කිරීමෙන් පසුය.
  • අදාළ පළමු තීන්දුවේදී පොලිස් කොමිසන් සභාව මෙලෙස තීන්දු කර ඇත.
  • මුලික විනය පරීක්ෂණයේ තීන්දුව : "එකී විමර්ශන වාර්තාව 2023 07 13 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පරිශීලනය කර සාකච්චා කරන ලද අතර එම කමිටුවේ නිගමනයන්ට අනුව අවසාන තීරණය පහත පරිදි වේ.
  • පෙරේදා (18) සිය අලුත් විමර්ශන වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් එය රැස්වූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තීන්දු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ මීට පෙර  අදාළ කොමිසම විසින්ම ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බව තීන්දු කිරීමෙන් පසුය. අදාළ පළමු තීන්දුවේදී පොලිස් කොමිසන් සභාව මෙලෙස තීන්දු කර ඇත.

මුලික විනය පරීක්ෂණයේ තීන්දුව :

"එකී විමර්ශන වාර්තාව 2023 07 13 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පරිශීලනය කර සාකච්චා කරන ලද අතර එම කමිටුවේ නිගමනයන්ට අනුව අවසාන තීරණය පහත පරිදි වේ.

 

'මෙම මූලික විමර්ශනයේදී ලබාදෙන සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශයන් මත හා මෙම සිද්ධියට අදාලව මාධ්‍යය මගින් හා රාජකාරි වශයෙන් හා වෙනත් තොරතුරු මගින් අනාවරණය කරගන්නා තොරතුරු අනුව, නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන), නිලන්ත ජයවර්ධන මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට තරම් කරනු අනාවරණය නොවන බවත්, එලෙස ඔහුට සම්බනධව විනයානුකූලව පියවර ගැනීම අවශ්‍යය නොවන බවත් මූලික විමර්ශන කමිටුව තීරණය කරමු,'  

 

ඒ අනුව සියලු කරණු සලකා බලා ඉදිරිපත් වූ සාක්ෂි මත මූලික විමර්ශන කමිටුව විසින් එළඹ ඇති නිගමනය මත නිලධාරියා මෙම සිද්ධියට අදාළව මාධ්‍යය මගින් සහ රාජකාරි වශයෙන් හා වෙනත් තොරතුරු මගින් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතාට විරුද්ධව විනය ක්‍රියාමර්ග ගැනීමට තරම් කරණු අනාවරණය නොවන බව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගෙන ඒ බව අදාළ ජෙයිෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතාට සහ පොලිස්පතිවරයාට දැනුම්දීමට අද දින රැස්වූ ( 2023. 07. 13.) පොලිස් කොමිෂන් සභාව තීරණය කරන ලදී."

WhatsApp Image 2025 07 20 at 9.18.54 AMWhatsApp Image 2025 07 20 at 9.18.55 AMWhatsApp Image 2025 07 20 at 9.18.55 AM 1WhatsApp Image 2025 07 20 at 9.18.55 AM 2
කෙසේ නමුත් ඊයේ අදාළ කොමිසන් සභාව සිය පළමු තීන්දුව හාත්පසින්ම වෙනස් කරමින් වෙනත් තීන්දුවක් ලබාදී තිබේ. පෙරේදා (18) සිය අලුත් විමර්ශන වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් එය රැස්වූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තීන්දු කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන ය. තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කළ මූලික අයිතිවාසිකම් නඩු විභාගයෙන් ඔහුට දඩයක් නියමකළ අතර විනය පරීක්ෂණයක් ද සිදුකරන ලෙසට නියෝග කළේය.

ඒ අනුව, නිලන්ත ජයවර්ධනට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අලුත් විනය පරීක්ෂණයක් 2024 ජුලි 01 වැනි  ආරම්භ කළේය. ඔහු ඒ වනවිට රාජකාරී කරමින් සිටි හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබිණ.

ජාතික පොලිස් කොමිෂමේ නිවේදනය :

මෙම දෙවන මුලික විනය පරීක්ෂණයේ තීන්දුවට අදාළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

'' ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කරමින් සිටියදී, 2019.04.21. දින පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිලධාරියා විසින් සිදුකල රාජකාරි පැහැරහැරීමට අදාලව 2023.10.26 දින රැස්ව වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි නිලධාරියා වෙත අංක NPC/EST/DISC/ASP/1/2023 හා 2023.11.17 දිනැති චෝදනා පත්‍රය නිකුත් කරන ලදී."

"උක්ත චෝදනා පත්‍රයට අදාලව නිලධරියා විසින් 2024.0312 වන දින යොමු කරන ලද ලිපියෙහි අන්තර්ගත කරුණු සලකා බලන ලද 2024.03.21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීමට‍ තීරණය කරන ලදුව, එසේ සිදුකරන ලද විධිමත් විනය පරීක්ෂණයේ ත්‍රී පුද්ගල විනිශ්චය සභාව විසින් 2025.07.04 දින ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද විධිමත් විනය පරීක්ෂණ වාර්තාව, එම වාර්තාව සමග යොමුකර තිබූ පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරිගේ වාර්තාව, රැකවරණ නිලධාරිගේ වාර්තාව සහ අදාල සියලු ලේඛන ගැඹුරින් අධ්‍යනය කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරන ලදී."

1. විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනා සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවත්,

2. ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වන කාණ්ඩයේ සදහන් රාජ්‍ය නිලධරයන් විසින් සිදු කල හැකි වරදවල් සම්බන්ධව පළමුවන උපලේඛනය යටතට ගැනෙන වැරදි බවත්,

යන කරුණු සැලකිල්ලට ගෙන නිලධාරියා චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනාවන් සදහා වැරදිකරු බව 2025.07.17 වන දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී.

ඒ අනුව, ඔහු විසින් කරන ලද වරදේ තීව්‍ර තාවය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ ii ඛාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 24:3:1 වගන්තිය පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට 2025.07.17 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කරන ලදී.”

WhatsApp Image 2025 07 20 at 8.54.12 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...