The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! - ශානීගේ ජීවිතයත් අනතුරේ!!

T

The Leader Desk

November 5, 2020 • 4:59 AM

හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! - ශානීගේ ජීවිතයත් අනතුරේ!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
  • විද්‍යුත් තෑපැල හරහා යොමු කළ එම පැමිනිල්ල භාර ගත් බව දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධානියා පිළිතුරු පනිවිඩයක් ද එවා තිබෙන බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.
  • මොණරාගල බන්ධනාගාරයේ රදවා සිටි යූ ජී උපුල් නිලන්ත නමැති සැකකරු විසින් බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදීමෙන් අනතුරුව තවත් බන්ධනාගර නිලධාරියකු සමග එක්ව අදාළ රැඳවියාට පහරදීමෙන් නොවැම්බර් 3 මෙම මරණය සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුනි.
  • මරුමුවට පත්ව ඇත්තේ අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

විද්‍යුත් තෑපැල හරහා යොමු කළ එම පැමිනිල්ල භාර ගත් බව දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධානියා පිළිතුරු පනිවිඩයක් ද එවා තිබෙන බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.

මොණරාගල බන්ධනාගාරයේ  රදවා සිටි යූ ජී උපුල් නිලන්ත නමැති සැකකරු විසින් බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදීමෙන් අනතුරුව තවත් බන්ධනාගර නිලධාරියකු සමග එක්ව අදාළ රැඳවියාට පහරදීමෙන් නොවැම්බර් 3  මෙම මරණය සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුනි.

මරුමුවට පත්ව ඇත්තේ  අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙකි. බන්ධනාගාර කොමසාරිස් චන්දනඒකනායක පවසන්නේ සිරකරුගේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.

බදුල්ල බන්ධනාගාර අධිකාරී වරයාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් මාධ්‍ය වෙත පවසා තිබුනි.

 

ආරක්ෂකයන් අතින් මියයාම:

බන්ධනාගාරගතව සිටින සිරකරුවකුගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් වන වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතුව පවතිද්දීත්, බන්ධනාගර නිලධාරීන් අතින්ම සිරකරුවකු ඝාතනයට ලක්වීම බරපතල තත්වයක් බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසන්නේ.

Senaka Pereraකොරෝනා වසංගත සමය තුළ දිවයිනේ බන්ධනාගාර කිහිපයකම මෙවැනි ඝාතන සිදු වු බව සිහිපත් කරන මානව හිමිකම් නීතිඥයා අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන්  චෝදනා එල්ල වී තිබෙන කිසිදු බන්ධනාගාර නිලධාරියෙකුට එරෙහිව මේ දක්වා අවම වශයෙන් අභ්‍යන්තර දඩුවම් ලබාදීමක්වත්  සිදුව නොමැති බවයි.

එවැනි තත්වයක් තුළ මෙවැනි ඝාතන සිදු කිරීමට එම නිලධාරීන්ට ධෛර්ය ලැබෙන බව  නීතිඥ සේනක පෙරේරාගේ අදහසයි.

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අපරාධකරුවන්ය යන මතය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව  විසින්ම සමාජගත කර තිබෙන තත්වයක් තුළ බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් එල්ල වන පීඩනය වැඩිවී ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ.

මේ වන විට රටේ පවතින වසංගත තත්වය හමුවේ මෙම අපරාධ වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී  යම් යම් බාධා පැමිනියත් එම අපරාධ යට ගැසීමට කිසි විටකත් ඉඩ නොදෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා කියා තිබේ.

 

මහර සහ අනුරාධපුර:

සිරගෙදරින් පැන යාමට තැත් කිරීමේදී ඇද වැටී මියගිය බවට බලධාරීන් පවසන තරුණ රැඳවියකු වද දී මරා දමා ඇති බවට පසුගිය මැයි මාසයේදී  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබුනි. එම පැමිනිල්ල ඉදිරිපත් කර තිබුනේ මහර බන්ධනාගාරයේ සිටියදී මැයි 3 දින මිය ගිය කාවින්ද ඉසුරුගේ පියා වන සුමනදාස තිසේරා විසිනි.

සිය පුතුගේ මරණය පහරදීමකින් සිදු කරන ලද්දක් බව පවසන ආර්.එම් කරුණාවතී මාතාව මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුනේ   ඔහුගේ පාද සහ අතක් කඩා දමා තිබු බවයි.

අනුරාධපුර බන්ධනාගාරය තුළ කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම වැලැක්වීම වෙනුවෙන් රැඳවියන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි තැබීමෙන් සිදුවූ එක් මරණයක් හිතා මතාම කරන ලද මිනීමැරුමක් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය අගෝස්තුවේ තවත්  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනි.

බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය කන්ද මුල්ලේ ආරචිචිලාගේ සමන් කුමාරගේ බිරිද අගෝස්තු 21 සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුනේ සිය සැමියා ඝාතනය කිරීමේ අරමුණින්ම වෙඩි තබා ඇති බවයි.

 

හිටපු රහස් පරික්ෂකයාගේ ජීවිතයත් අනතුරේ!

මේ අතර මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බන්ධනාගාරය තුළදී ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සැකයක් මතුව ඇතිබවයි.

මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.

ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.

කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත.

පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකර මහතා පත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි .

සබැඳි පුවත් :

ශානි අත්අඩංගුවට ගැනීම : පොලිසියේ නීතිගරුක නිලධාරින්ට දල්වන රතු එලියක්  ! - සජබ  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...