රජය විසින් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් බදු සහනයේ වාසිය ජනතාවට ලබා නොදීම
හේතුවෙන් සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. 
 
දැනට ඕනෑම ආනයනකරුවකුට සීනි ආනයනය කිරීමට රජය අවස්ථාව උදා කර දී තිබේ. 
 
එම නිසා බීම හා බිස්කට් සමාගම්ද සීනි ආනයනය කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. 
 
මුදල් අමාත්‍යාංශය විසින් ආනයන සීමාවන් ක්‍රියාත්මක කරමින් ආනයන බලපත්‍ර ලබා ගත යුතු බවට ඔක්තෝබර් මස 14 වන දින ගැසට් නිවේදනයක්ද ආනයන අපනයන පාලකවරයා චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.
 
එහෙත් සීනි ආනයනය සඳහා ආනයන අපනයන පාලකවරයා මෙතෙක් කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොමැත. 
 
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන 14 වන දින ඉවත් කිරීමට නියමිතය. 
 
එහිදී ආනයන බද්ද රුපියල් 40 දක්වා යළි වැඩි කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
 
ඔක්තෝබර් මස 14 වන දින සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු සීනි මෙට්‍රික් ටොන් 30000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා අනාවරණය කරයි. 
 
''ඔක්තෝබර් මස 14 වන දින සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු සීනි මෙට්‍රික් ටොන් 30000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා අනාවරණය කරයි.''
 
එම සීනිවලින් අඩක් සතොස ආනයනය රුපියල් 80 බැගින් මිලදී ගැනීමට සූදානම් වුවද ටෙන්ඩර් සඳහා සීනි ලබා දී නොමැත. 
 
එම නිසා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සීනි ආනයනකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා (05) සීනි මෙට්‍රික් ටොන් 500ක් එක් ආනයනකරුවකු විසින් සතොස ආයතනයට ලබා දී තිබේ. 
 
ආනයන බද්ද අඩු කිරීමෙන් පසු මෙරටට ගෙන්වන ලද සීනි රුපියල් 84කට අඩුවෙන් ලබාදිය හැකි බව ආනයනකරුවෝද පෙන්වා දෙති.
 

Bakeryදැන් කිලෝව 84ට අඩුවෙන් දෙන්න හැකියි බේකරි නිෂ්පාදන හා ප්ලේන්ටි‌යේවත් මිල අඩුවෙලා නෑ

 
කෙසේ වෙතත් සීනිවල බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම සඳහා ක්‍රියාකරන රාජ්‍ය ආයතන සභාපතිවරයකු පිළිබඳවද වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. 
 
''කෙසේ වෙතත් සීනිවල බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම සඳහා ක්‍රියාකරන රාජ්‍ය ආයතන සභාපතිවරයකු පිළිබඳවද වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.''
 
මෙම තත්ත්වය මත සීනි තොග මිල රුපියල් අසූවක් ලෙසද, සීනි සිල්ලර මිල රුපියල් අසූ පහක්ද වන පරිදි මිල පාලන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
 
මෙසේ ආනයන බදු රුපියල් 49.75කින් අඩු කිරීමෙන් සමාගම් වලට බදු වලින් ලැබුණු ලාබය පමණක් කෝටි 147ක් වන අතර එම ලාභය පාරිභෝගිකයන්ට ලබාදී නැත.
 
කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 380ක්ව පැවති අතර එය මේ වන විට ඇමරිකා ඩොලර් 445ක් දක්වා වැඩි වී ඇත. 
 
මේ යටතේ ආනයන බදු තවත් වැඩි වුවහොත් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 දක්වා වැඩි විය හැකි බව ආනයනකරුවෝ පවසති.
 
 දිවයින පුරා ගබඩාවල මාස තුනකට ප්‍රමාණවක් සීනි තොග පවතින බවද වාර්තා වෙයි. 
 
දේශීය වෙළෙඳපොළේ මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 40000කි. 
 
සීනි ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් මහසෙන් අබේසේකර පවසන්නේ තම සංවිධානයේ සාමාජිකයන් හත් දෙනා සීනි මෙට්‍රික් ටොන් දෙදහසක් ලබා දුන් බවයි. 
 
ඒ අනුව විල්සන් ට්‍රේඩින් හා ග්ලෝබල් ට්‍රේඩින් මෙට්‍රික් ටොන් 375 බැගින්ද පල්ලිගොඩ ට්‍රේඩින් ආර්.ජී. සහෝදරයෝ, ඇම්රෝ සුගර්, වුඩ්ලන් ඇන්ඩ් කම්පැනි හා වී.ඩී. ගෝල්ඩින් යන සමාගම් ද මෙට්‍රික් ටොන් 250 බැගින් ලබාදී ඇති බව හෙතෙම පැවසීය.
 
(අරුණ)
 
 
සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image