The Leader News
BREAKING
පියවුරුවල ප්‍රමාණය අනුව තරුණියන් ගේ වයස කියන විදිය දන්නව ද…? (වීඩියෝ)●සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●
Top Ad
පුවත්

ආණ්ඩුව කීවට සීනි මිළ අඩුවීමක් නැහැ! - ජනාධිපතිව නොමග යවලා!!

T

The Leader Desk

November 5, 2020 • 10:24 AM

ආණ්ඩුව කීවට සීනි මිළ අඩුවීමක් නැහැ! - ජනාධිපතිව නොමග යවලා!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''රජය සීනි මිළ අඩුකලත් එය නීත්‍යානුකූල නොමැති නිසා සීනි ආනයනිකයන් සහ පිටකොටුවේ වෙළඳුන් සීනි අලෙවි කරනුයේ පැවති මිලටමය.
  • එනම් කිලෝ එකක් රුපියල් 125/=කටය.
  • එවිට වෙලදපලෙ මිල රුපියල් 130.00 කි.'' රජය සීනි මිළ අඩුකලත් එය නීත්‍යානුකූල නොමැති නිසා සීනි ආනයනිකයන් සහ පිටකොටුවේ වෙළඳුන් සීනි අලෙවි කරනුයේ පැවති මිලටමය. එනම් කිලෝ එකක් රුපියල් 125/=කටය.
  • වෙළෙඳපොළ මිළ රුපියල් 130/= කි.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳව වාර්තා වීමත් සමග ජනාධිපතිවරයාගේ නියෝගය මත පරිප්පු, සිනී, ලොකු ලූනු හා සැමන් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිළ පහල දැමීමට රජය තීරණය කරන ලද බව රජයේ මාධ්‍යය වාර්තා කර තිබු නමුත් මේ දක්වා එම මිල පහත වැටීම විදිමත් පරිදි සිදුව නොමැත. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාරිභෝගික ආරක්ෂාව අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහල හෝ ඉහල දැමීමකදී පාරිභෝගික ආරක්ෂක අධිකාරිය, වෙළඳ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය යන සියලුම අංශ එකතු වී  ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පලකල යුතු වුවත් එම ක්‍රියාදාමය අද වනතුරුත් ක්‍රියාත්මක වී නොමැති බවයි. 

මෙම සියලුම භාණ්ඩ අතරින් වඩාත් සංවේදී වන්නේ සීනි මිළයි. 

ලංකාවට අවශ්‍ය සීනි මෙට්‍රික් ටොන් 600,000 ක් පමණ ආනයනය කරන අතර දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ ටොන් 35,000ක් පමණකි.

''රජය සීනි මිළ අඩුකලත් එය නීත්‍යානුකූල නොමැති නිසා සීනි ආනයනිකයන් සහ පිටකොටුවේ වෙළඳුන් සීනි අලෙවි කරනුයේ පැවති මිලටමය. එනම් කිලෝ එකක් රුපියල් 125/=කටය. එවිට වෙලදපලෙ මිල රුපියල් 130.00 කි.''   රජය සීනි මිළ අඩුකලත් එය නීත්‍යානුකූල නොමැති නිසා සීනි ආනයනිකයන් සහ පිටකොටුවේ වෙළඳුන් සීනි අලෙවි කරනුයේ පැවති මිලටමය. 

එනම් කිලෝ එකක් රුපියල් 125/=කටය. වෙළෙඳපොළ මිළ රුපියල් 130/= කි.

බස්නාහිර පලාත අගුලු දමා ඇති අවස්ථාවක මාර්ගගත වෙළඳාම නැතිනම් online ස්ටෝස්වල මිළ සටහන් වන්නේත් රුපියල් 130/= ක් වශයෙනි.

 මේ සියලුම කාරණාවලට අමතරව සීනි මිළ පාලනය කරනු ලබන්නේ විශේෂ භාණ්ඩ විධිවිධාන පණත යටතේය. එනම් භාණ්ඩයක් ආනයනයේදී කිලෝවකට විශේෂ බද්දක් පැනවීම මඟිනි. එය මුදල් ඇමතිගේ වගකීමකි.

කෙසේවුවද සීනි කිලෝව රුපියල් අසූව බැගින් ලංකා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය කළ ඉල්ලීමට තොග වෙළෙන්දෝ ඊයේ (4 වැනිදා) එකඟ වී ඇති බවක් මාධ්‍ය විසින් වාර්තා කර  තිබුනි. 

 

සිනි ජාවාරම්කරුවන් ඉහගෙනම කයි ! -මිලියන 320 ක අයුතු ලාභයක් !!  

කෙසේ වුවද සීනි තොග ඇපකර ගුදම් පහසුකම යටතේ ආනයනය කර ගබඩා කර තිබු සමාගමක් තම 'බොන්ඩඩ් ගුදමේ' තිබූ සීනි ටොන් 8000 ක් සඳහා රජය විසින් අඩුකරනු ලැබූ බද්ද වූ ශත 25 පමණක් ගෙවා තම සීනි තොග නිදහස් කරගෙන ඇතැයි වාර්තාවේ.

ඔවුන් මේවනවිට සීනි අලෙවිය තාවකාලිකව නතර කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ සභාපතිටත්  කිසිවක් නොකල හැකි බව රජයේ ආරංචිමාර්ග මාර්ග පවසයි.

නමුත් අදාල සමාගමේ සාමාජිකයන් දෙදෙනෙකු පසු ගියදා භාණ්ඩාගාර නිලධාරීන්ට යෝජනා කර ඇත්තේ, නැවතත් රුපියල් 40 බද්ද ගැසට් කර සීනි පරණ මිලටම විකිනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. 

එමඟින් මෙම සමාගම ලබා ගැනීමට අපේක්ෂා කරන අයුතු ලාභය රුපියල් මිලියන 320 ක් පමණ වේ.

අදාල සමාගමේ සාමාජිකයන් දෙදෙනෙකු පසුගිය දා භාණ්ඩාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත්තේ නැවතත් රුපියල් 40 බද්ද ගැසට් කර සීනි පරණ මිලටම විකිනිමටයි. එමඟින් මෙම සමාගම ලබා ගැනීමට අපේක්ෂා කරන අයුතු ලාභය රුපියල් මිලියන 320 ක් පමණ වේ.''

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ කෙටි කාලයකින් මෙම බද්ධ නැවත යොදා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී 2021 අයවැය ලේඛණයට මෙම බද්ධ ඇතුල් කිරීමට මෙම සමාගම උත්සාහ කරන බවයි.

මෙම කුප්‍රකට සමාගම පැවති යහපාලන රජය සමයේ දී ද මෙවැනි ම 'ඩීල්' ගනුදෙනුවලින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයාගත් ගෙන තිබෙන අතර මේවනවිට රාජපක්ෂවරුන් සමග ද එක්වී ජාවාරම් කරමින් සිටියි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව කීවට සීනි මිළ අඩුවීමක් නැහැ! - ජනාධිපතිව නොමග යවලා!! | The Leader