leader s

එළඹෙන අවුරුදු උත්සවයට පෙර පොහොට්ටු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක හමුවීම් දෙකක් අද (09) සහ ලබන 11 වෙනි දින යොදා ගෙන ඇති බව අනාවරණය වේ.


ඉදිරි මැතිවරණවලදී පක්ෂය ගත යුතු ස්ථාවරය සහ ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට එකිනෙකට ප්‍රතිවිරෝධී කණ්ඩායම් දෙකක් සහ නිහඬ පිරිසක් ද වශයෙන් පිල් තුනක් නිර්මාණය වී පවතී. 

රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඔහුට සහයෝගය දිය යුතුය යන මතය දරණ බහුතර පිරිසක් සිටින බව අනාවරණය වේ. 

එමෙන් ම, රාජපක්ෂ පවුලට පිළිගත හැකි අපේක්ෂකයෙකු අවසන් මොහොතේ ඉදිරිපත් කිරීමට ද ඉන් මෙපිට මහ මැතිවරණයක් දිනා ගැනීමට ද පෙළ ගැසුණු පිරිසක් ද සිටිති. රාජපක්ෂ පවුලේ සියලු දෙනා මෙම අරමුණ වෙනුවෙන් ක්‍රියා කරමින් සිටී.

පසුගිය 04 වෙනි බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර රහසිගත තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේ පවත්වා ඇති බව මේ වනවිට හෙළි වී තිබේ. එහිදී ඇති වූ එකඟතා හෝ මත ගැටීම් පොහොට්ටු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට තීරණාත්මක ලෙස බලපාන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. 

අද පැවැත්වෙන හමුවීමෙන් පසුව වැඩි දුර සාකච්ඡා සඳහා 11 වෙනි දින ද යොදා ගෙන ඇති බවත් ඒ අනුව අවුරුදු නැකත් චාරිත්‍රවලට පෙර පොහොට්ටු පක්ෂය සම්බන්ධයෙන් තීරණාත්මක දේශපාලන හැලහැප්පීම සිදුවිය හැකි බවත් අනාවරණය වේ.

(lankatruth.com)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්