The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති ආරක්ෂකයන් ඩියුටි ෆ්‍රී මත්පැන් අරං - 7ක් මාට්ටු

T

The Leader Desk

August 2, 2025 • 10:50 AM

 ජනපති ආරක්ෂකයන් ඩියුටි ෆ්‍රී මත්පැන් අරං -  7ක් මාට්ටු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ඩියුටි ෆ්‍රී) නීති විරෝධී අන්දමින් විදේශ මත්පැන් බෝතල් 35ක් ලබාගත් බව කියන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 07 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇත.
  • වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නියෝග මත මෙම නිලධාරීන් 07 දෙනා ගාල්ල, මාතර, ඇල්පිටිය කොට්ඨාස වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ.
  • ගුවන්තොටුපළ තීරුබදු රහිත වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගත හැක්කේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට පමණක් බවත්, විශේෂ රාජකාරියක් සඳහා ගුවන්තොටුපළට පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ ආකාරයට මත්පැන් බෝතල් ලබාගත්තේ කෙසේ ද යන්න විමර්ශන කරන බවත් පොලිසිය පවසයි.
  • මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත ඔවුන් මෙසේ මාරුකර යැවීමට කටයුතු කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

(ඩියුටි ෆ්‍රී) නීති විරෝධී අන්දමින් විදේශ මත්පැන් බෝතල් 35ක් ලබාගත් බව කියන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 07 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නියෝග මත මෙම නිලධාරීන් 07 දෙනා ගාල්ල, මාතර, ඇල්පිටිය කොට්ඨාස වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ.

ගුවන්තොටුපළ තීරුබදු රහිත වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගත හැක්කේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට පමණක් බවත්, විශේෂ රාජකාරියක් සඳහා ගුවන්තොටුපළට පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ ආකාරයට මත්පැන් බෝතල් ලබාගත්තේ කෙසේ ද යන්න විමර්ශන කරන බවත් පොලිසිය පවසයි.

මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත ඔවුන් මෙසේ මාරුකර යැවීමට කටයුතු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේ මෙය ඉතාම නරක පූර්වාදර්ශයක් බවත් මෙවැනි ක්‍රියා ඉදිරියේදී සිදු නොවීමට කටයුතු කරන බවත්ය.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පැමිණි නිලධාරීන් සිය රාජකාරිය පසෙක දමා මේ ආකාරයට ඩියුටි ෆ්‍රී වෙළෙඳසල්වල සංචාරය කරමින් මත්පැන් මිලදී ගැනීම ඉතාම නරක ක්‍රියාවක් බවත් එම නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පොලිස්පතිවරයා පැවසීය.

( divaina | හේමන්ත රන්දුණු)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...