The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

බලහත්කාරී නිරෝධායනයට යැවූ ජෝසප් ස්ටාලින් නිදහස් කෙරේ!

T

The Leader Desk

July 16, 2021 • 4:38 PM

බලහත්කාරී නිරෝධායනයට යැවූ ජෝසප් ස්ටාලින්  නිදහස් කෙරේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිගටම සටන් වදින්නට පොරොන්දු වෙමින් ගුරු නායකයා කඳවුරෙන් පිටව යයි.
  • කේපාපිලවූ හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙන් ජූලි 16 දා රාත්‍රියේ පිටතට ගෙනයන පොලිස් බසය නවතා එයින් බැසගත් ගුරු නායකයා ඇතුළු පිරිස උතුරේ මාධ්‍යවේදීන්ට තම ස්තුතිය පුදකළහ.
  • අනීතිකව රඳවා සිටි දුමින්ද ඇතුළු පිරිසත් නිදහස් ඒ අතර ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේදී විරෝධතාවක නිරතවීමෙන් පසු අත්අඩංගුවට ගෙන නිරෝධායනය නමින් පල්ලෙකැලේ හමුදා කඳවුරේ සිරගත කළ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සහ වෙනත් කම්කරු සංවිධානවල නියෝජිතයන් පිරිස ද නිදහස් කර තිබේ.
  • පසුගිය ජූලි 7 වැනිදා කොළඹ 2 රාමනායක මාවතේ ඉංජිනේරු සංස්ථාවේ පැවති සේවක විරෝධතාවකට සහාය පළ කිරීමේදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනාගේ PCR පරික්ෂණවල ප්‍රතිඵල අනුව, ඔවුන්ට කොරෝනා ආසාදනයක් නොමැති බව පසුගියදා තහවුරු විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දිගටම සටන් වදින්නට පොරොන්දු වෙමින් ගුරු නායකයා කඳවුරෙන් පිටව යයි.
 
වසංගත අනපනත් අයුතු ලෙස යොදා ගනිමින් බලහත්කාරයෙන් උතුරේ රඳවා ගෙන සිටි වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ඇතුළු දකුණේ ක්‍රියාධාරීන් දින නමයකට පසු පිටව ගියේ තම අරගලය දිගටම ගෙනයන බවට සහතික වෙමිනි. 
 
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව සටන් වැදීම නිසා අත් අඩංගුවට ගන්නා ලද ඔවුන් පිරිස නිදහස් කරන ලෙස බලකරමින් උතුරේත් දකුණේත් දියත් කෙරුණු විරෝධතා ආණ්ඩුවට ඇතිකළේ දැවැන්ත බලපෑමකි.
 
කේපාපිලවූ හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙන් ජූලි 16 දා රාත්‍රියේ පිටතට ගෙනයන පොලිස්  බසය නවතා එයින් බැසගත් ගුරු නායකයා ඇතුළු පිරිස උතුරේ මාධ්‍යවේදීන්ට තම ස්තුතිය පුදකළහ.
 
 
 
 
 
 
අනීතිකව රඳවා සිටි දුමින්ද ඇතුළු පිරිසත් නිදහස්
 
 
 
ඒ අතර ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේදී විරෝධතාවක නිරතවීමෙන් පසු අත්අඩංගුවට ගෙන නිරෝධායනය නමින් පල්ලෙකැලේ හමුදා කඳවුරේ සිරගත කළ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සහ වෙනත් කම්කරු සංවිධානවල නියෝජිතයන් පිරිස ද නිදහස් කර තිබේ.
 
පසුගිය ජූලි 7 වැනිදා කොළඹ 2 රාමනායක මාවතේ ඉංජිනේරු සංස්ථාවේ පැවති සේවක විරෝධතාවකට සහාය පළ කිරීමේදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනාගේ PCR පරික්ෂණවල ප්‍රතිඵල අනුව, ඔවුන්ට කොරෝනා ආසාදනයක් නොමැති බව පසුගියදා තහවුරු විය.
 
 
 
 

 
 
ජී.එස්.පී ප්ලස් බදු සහනය !
 
මෙසේ බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන ගිය පිරිස් නිදහස් කරන ලෙස ජාතික හා ජාත්‍යන්තර  වශයෙන් ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් එල්ලවිය.
 
අධිකරණය විසින් නිදහස් කළ ලොව ප්‍රකට ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු බලහත්කාරයෙන් ගුවන් හමුදා කඳවුරක් තුළ රඳවාගෙන සිටීම ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නොලැබී යෑමට හේතුවක් විය හැකි බවට හිටපු අගමැතිවරයා අභිනව මුදල් අමාත්‍යවරයාට අනතුරු අඟවා තිබිණ.
 
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 සිකුරාදා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට  අවධාරණය කළේ  ලංකා ගුරු සංමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් යුරෝපීය සංගමය දන්නා පුද්ගලයකු බැවින් ඔහුගේ නිදහස වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි.
 

 

THE LEADER TV 
 
 
 
 
අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා!
 
 
 
 
නාමල්ගේ 'ඩබල් ගේම්' කතාව
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බලහත්කාරී නිරෝධායනයට යැවූ ජෝසප් ස්ටාලින් නිදහස් කෙරේ! | The Leader