The Leader News
BREAKING
Top Ad
පුවත්

‘City of Dreams Sri Lanka’ විවෘත කරන්න ඉන්දීය සුපිරි නළු රිතික් රෝෂන් දිවයිනට

T

The Leader Desk

August 2, 2025 • 4:15 PM

‘City of Dreams Sri Lanka’ විවෘත කරන්න ඉන්දීය සුපිරි නළු රිතික් රෝෂන් දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්සවයට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (02) දින සවස පැමිණියේය.
  • ඔහු සමඟ සහය නළුවන් 08 දෙනෙකු ද පැමිණ සිටියහ.
  • ඔවුන් අද (02) සවස 05.10 ට ඉන්දියාවේ සිට VTNSG දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි.
  • එය සුවිසල් අවස්ථාවන් සමඟින් නවෝත්පාදනය, ජාතික අභිමානය හා ගෝලීය පිළිගැනීම සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද අරුත්ගැන්විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සවයට සහභාගී වීම සදහා  කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (02) දින සවස පැමිණියේය.

ඔහු සමඟ සහය නළුවන් 08 දෙනෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් අද (02) සවස 05.10 ට ඉන්දියාවේ සිට VTNSG දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි.


ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය

cod
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන් ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) මෙම සති අන්තයේදී විවෘත වෙයි.

City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සහ මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts and Entertainment (MRE) හි ශක්තිමත් සහයෝගිතාවයේ අති සාර්ථක ව්‍යාපෘතියකි.

එය සුවිසල් අවස්ථාවන් සමඟින් නවෝත්පාදනය, ජාතික අභිමානය හා ගෝලීය පිළිගැනීම සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද අරුත්ගැන්විය හැකිය.

bjfgfhh
මෙම අභිමානවත් සමාරම්භය සමඟ එක්වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර පවසා සිටියේ මෙවැන්නකි.

“මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක්. City of Dreams යනු අපේ රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පෞද්ගලික ආයෝජනයයි. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන් ම ලෝකය තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වෙනවා. ඒවගේ ම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වන දිගුකාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරමින්, නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද City of Dreams පෙන්වාදිය හැකියි.”

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලෝරන්ස් හෝ (Lawrence Ho) සඳහන් කර සිටියේ, “මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහය සමග එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙල්කෝහි ගෝලීය අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka සඳහන් කළ හැකියි. අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණය මෙන් ම විනෝදාස්වාද සහ කැසිනෝ පවත්වාගෙන යෑමෙන් අප කලාපයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ව්‍යාපාරය සඳහා නව මිනුම් සලකුණු සකසන අතර ම ශ්‍රී ලංකාවේ අද්විතීය අනන්‍යතාව පිළිබිඹු කරමින් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක්” ලෙස ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...