The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

'එක මිටට ගොවි බිමට' ජාතික වැඩපිළිවෙලට DEARO AGRI එක්වේ

T

The Leader Desk

August 18, 2025 • 3:51 PM

'එක මිටට ගොවි බිමට' ජාතික වැඩපිළිවෙලට DEARO AGRI එක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වයංපෝශිත රටක් ඉසුරින් බර අනාගතයක් උදෙසා ජාතිය ගොඩනගන ශ්‍රී ලාංකීය හද ගැස්ම යන්න තේමා කර ගනිමින් රට පුරා තෝරා ගත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක DEARO AGRI ආයතනය බස්නාහිර පළාතේ ගම්පහ, කඩුවෙල, බියගම ප්‍රදේශයන්හී පුරන්කුඹුරු අස්වැද්දීමට ඒ අනුව තීරණය කර ඇත.
  • දැනට ගණනය කර ඇති පරිදි ඉහත ප්‍රදේශවල හෙක්ටයාර් 50ක භූමියක් ප්‍රතිසංර්වධනය කර වගා බිමට එකතු කිරීමට DEARO AGRI ආයතනය තීරණය කර තිබේ.
  • ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් ගොවිජනතාව වී ගොවිතැනින් ඈත්වී යන ප්‍රවනතාවයක් දක්නට ලැබෙන මොහොතක නැවත වතාවත් ගොවිතැන ජනතාව ඒකරාශී කර ගැනීමේ අරමුණින් සහ ගොවිතැන නගා සිටුවමින් අර්ථවත් ඵලදායී හා ලාභ උපයන පිරිසක් බවට ගොවිමහත්ම මහත්මීන් පත්කීරීම මෙම වැඩපිළිවෙල මගින් අපේක්ෂා කෙරේ.
  • ඒතුළින් ගොවි මහතුන්ගේ පවුල තුළ ආර්ථික, සමාජීය හා අධ්‍යාපනික දියුණුව සැලසීම, එම ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන් නොනැවතී මුලු රටේම කෘෂිකර්මාන්තයේ දියුණුවක් ඇති කිරීම මේ සමග සිදුවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

F  කුඹුරෙන් ඈත්වන ගොවි ජනතාව රඳවා ගැනීට ගොවි තැනට නව තාක්ෂණය

F  බස්නාහිර පළාතේ ගම්පහ, කඩුවෙල, බියගම ප්‍රදේශයන්හී පුරන්කුඹුරු හෙක්ටයාර් 50ක් යළි වගාවට සූදානම් කෙරේ

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය ක්‍රියාත්මක කරනු ලබන ”එක මිටට ගොවි බිමට” ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා DEARO AGRI ආයතනය එක්ව තිබේ.

ස්වයංපෝශිත රටක් ඉසුරින් බර අනාගතයක් උදෙසා ජාතිය ගොඩනගන ශ්‍රී ලාංකීය හද ගැස්ම යන්න තේමා කර ගනිමින් රට පුරා තෝරා ගත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක DEARO AGRI ආයතනය බස්නාහිර පළාතේ ගම්පහ, කඩුවෙල, බියගම ප්‍රදේශයන්හී පුරන්කුඹුරු අස්වැද්දීමට ඒ අනුව තීරණය කර ඇත.

මන්ත්‍රී අශෝක රන්වල ගේ යෝජනාවක් ; ආචාර්ය ප්‍රභාත් විරසිංහ ගේ මෙහෙයවීම යටතේ..

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගේ යෝජනාවක්මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය. වැඩපිළිවෙළ සැකසීම මෙහෙයවීම සහ උපදේශනය  රුහුණු  විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් විරසිංහ ගෙනි.

දැනට ගණනය කර ඇති පරිදි ඉහත ප්‍රදේශවල හෙක්ටයාර් 50ක භූමියක් ප්‍රතිසංර්වධනය කර වගා බිමට එකතු කිරීමට DEARO AGRI ආයතනය තීරණය කර තිබේ.


ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් ගොවිජනතාව වී ගොවිතැනින් ඈත්වී යන ප්‍රවනතාවයක් දක්නට ලැබෙන මොහොතක නැවත වතාවත් ගොවිතැන ජනතාව ඒකරාශී කර ගැනීමේ අරමුණින් සහ ගොවිතැන නගා සිටුවමින් අර්ථවත් ඵලදායී හා ලාභ උපයන පිරිසක් බවට ගොවිමහත්ම මහත්මීන් පත්කීරීම මෙම වැඩපිළිවෙල මගින් අපේක්ෂා කෙරේ. ඒතුළින් ගොවි මහතුන්ගේ පවුල තුළ  ආර්ථික, සමාජීය හා අධ්‍යාපනික දියුණුව සැලසීම, එම ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන් නොනැවතී මුලු රටේම කෘෂිකර්මාන්තයේ දියුණුවක් ඇති කිරීම මේ සමග සිදුවනු ඇත.  


දැනට බොහෝ ගොවි මහත්ම මහත්මීන් තම වගා භූමියෙහි සිදු කරන වගාවන්ට භූමියේ පසෙහි ඇති පෝෂක සංඝටක පිළිබදව නිවැරැදි අබෝධයකින් තොරව කටයුතු කරයි. ඔවුන් පලිබෝධ නාශක සහ පොහොර යෙදීම සිදුකරනුයේ අනවබෝධයෙනි. මේ හේතුව නිසා ඔවුන්ගේ අස්වැන්න හා මුදල් කාලය සහ ශ්‍රමය වැයවීම අනවශ්‍ය ලෙස සිදුවේ. ඉන් ඔවුන්ට ලැබිය යුතු ලාභාංශ කරා යාම සහ බලාපොරොත්තු වන තරම්  අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිවී ඇත.

ගොවිජනතාවගේ ගොවිබිම් නියමිත කාලය තුළ සකසා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ලාබදායි වී ගොවිතැනක් සිදුවේ යැයි සිතිය නොහැකිය. ඒ නිසා නියමිත පරිදි වගා කටයුතු ආරම්භ කිරීමට ගොවි ජනතාවට පහසු කරමින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය උපකරණ, නව ගොවි සමිති නිර්මාණය කිරීම තුළින් ඒ ඒ සමිතිවලට අදාළව Dearo Agri ආයතනය සතු ට්‍රැක්ටර් ලබාදීම සිදු කරයි.

ඒවා උපයෝගී කර ගනිමින් වගා බිමි සකසා ගැනීමට සහය දෙන අතර ඒ සඳහා වැයවන මූල්‍ය දායකත්වය පොලී අනුපාතයකින් තොරව මෙම වැඩසටහන යටතේ ලබාදේ. අස්වැන්න නෙලා ගැනීමෙන් පසු එම මුදල් පොලියකින් තොරව නැවත අයකර ගැනීමට ආයතනය කටයුතු කරයි.

DEARO AGRI
සාම්ප්‍රදායික ගොවිතැනින් ඔබ්බට ගිය නව තාක්ෂණික දැනුමෙන් හෙබි ගොවි මහත්ම මහත්මීන් පිරිසක් බිහි කිරීමද මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ. 


පොහොර සහ පළිබෝධ නාශක යෙදීමේදී විශේෂිත දැනුමක් සහිත ආයතන හා නිලධාරීන් මගින් ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීම හා ඒ තුළින් අනවශ්‍ය වියදම අඩු කර ගැනීමද සිදු කර ගත හැකිය. ඉන් පසු ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගනිමින් ෙඉහළ අස්වැන්නක් ලබාගැනීමේ ඉලක්ක කරා ළගා කර ගැනීම පහසුය.

මූල්‍යමය දායකත්වය සමාගම විසින්
මේ සඳහා වැයවන මූල්‍යමය අවශ්‍යතාවය සමාගම විසින් දරන අතර අස්වැන්න නෙලීමෙන් පසු නැවත අය කර ගනු ලබයි. මෙමගින් ගොවි මහත්ම මහත්මීන් සමාජය තුළ අධික පොලියට ණය වීම අවම කිරිමට හැකියාවක් ලැබෙන අතර එමගින් ඔවුන් හට ලැබෙන ආදායම වැඩිකර ගැනීමට හැකියාව ලැබේ.

නිසි කලට අස්වැන්න නෙලා ගත නොහැකිවීමේ ගැටලුව විසඳීමට නව වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව සමාජය තුළ දැනට අවශ්‍ය ප්‍රමාණයන්ට සරිලන අස්වැන්න නෙලීමේ යන්ත්‍ර නොමැතිවීමේ ගැටලුවට විසඳුම් ලබාදේ. මේ සඳහා සමාගම සතු යන්ත්‍ර සමිති ක්‍රමවේදය ඔස්සේ ලබා දෙමින් නිසි කලට අස්වැන්න නෙලා ගැනීමට උපකාර කිරීම සිදු කෙරේ.

ගොවි මහත්ම මහත්මීන් සඳහා අමතර ආදායම් උත්පාදන ව්‍යාපෘති හඳුන්වාදීමද රජයේ එකමිටට ගොවි බිමට ජාතික වැඩසටහනින් සිදු කෙරේ.ඒ අනුව දැනට කළ සමීක්ෂණ වාර්තා අනුව ගොයම් පැළ සිටුවීමේ සිට අස්වැන්න නෙලීම දක්වා මාස තුනක් හතරක් අතර කාලයක් ගතවන අතර එම කාලය තුළ ගොවි මහතුන්ගේ ගොවිතැන සඳහා සෘජු දායකත්වය දක්වන්නේ දින විස්සකට අඩු කාලයක් පමණි.

එම නිසා ඔවුන්ට දෛනික ආදායම් උත්පාදනය කළ හැකි නව ව්‍යාපෘති හඳුන්වා දීම තුළින් ඔවුන්ගේ දෛනික ආදායම වැඩිදියුණු කර ගත හැකිය. එමගින් පවුල් සංස්කෘතියට බලපාන ආර්ථික අපහසුතා ඉවත් කිරීම සිදු වේ. ඒ හරහා ගොවිජනතාවගේ පවුල්වල යහපත් මානසික මට්ටමක් නිර්මාණය වේ. මෙහිදී උදාහරණ ලෙස කුකුල් පාලනය සහ මීමැසි පාලනය ආදී ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සහ අධීක්ෂණය සිදු කරන අතර ඊට සෘජුවම ගොවිජනතාව සම්බන්ධ කරගනු ඇත.



(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...